මමත් ජනපති, අගමැති වගෙයි කියා රවි ලක්ෂ දෙකහමාරේ පඩියකට කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් ඉල්ලයි..
July 27, 2017 at 10:40 am | lanka C news
මසකට ලක්ෂ දෙකහමාරක වැටුපකට තමනට කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත් තර ගැනීමට විදේශ ඇමති රවි කරුණානායක මහතා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලා ඇත.
ජනාධිපති, අගමැති මෙන්ම තමනට විදේශ අමාත්‍යංශයේ වගකීම් රැසක් ඇති නිසා මෙවැන්නෙකුගේ සහාය උවමනා බව ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇතත් කැබිනට් මණ්ඩලය එම යෝජනාව අනුමත කර නැත්තේ සෙසු ඇමතිවරුන්ද එවන් තනතුරක් ඉල්ලනු ඇතැයි සලකා බලමිනි.
කෙසේ වෙතත් ඇමතිවරයාට අවශ්‍ය නම් උපදේශකයෙකු පත් කර ගත හැකි යයිද කැබිනට් මණ්ඩලය දන්වා ඇත.