මාමාගේ අයවැයෙන් බෑනාගේ අරක්කු සමාගමට කෝටි ගණනක බදු සහන.. මෛත්‍රී-රතන සාධුගේ දුම්වැටි, මත්ද්‍රව්‍ය විරෝධී සටන මර නින්දේ..

March 24, 2017 at 3:26 am | lanka C news
මාමාගේ අයවැයෙන් බෑනාගේ අරක්කු සමාගමට කෝටි ගණනක බදු සහන.. මෛත්‍රී-රතන සාධුගේ දුම්වැටි, මත්ද්‍රව්‍ය විරෝධී සටන මර නින්දේ..

යහපාලන ආණ්ඩුව පැමිණියේ 2015 ජනවාරි 9 වෙනිදා ය. අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකුවේ අධිපති වූයේ ජනවාරි මාසයේදී ය. ඔහුගේ බෑනගේ සමාගම වූ පර්පෙචුවල් ට්‍රෙසරිස් පලමු බැදුම්කර වංචාවට සම්බන්ධ වන්නේ 2015 පෙබරවාරි මාසයේ 27 වෙනිදා ය. ඒ හරහා විශාල ලාභයක් තම සමාගමට හිමිබව දැන ගත් වහාම එසේ ලැබෙන මුදල් ආයෝජනය කිරීම සඳහා බෑනාට හිමි අරක්කු සමාගම හරහා අලුත් අරක්කු ෆැක්ටරියක් ඉදිකිරිමට අවශ්‍ය බලපත්‍රයක් එම වසරේ දිම මුදල් අමාත්‍යාංශය හරහා ලබා ගත්හ.

ඉන්පසු 2017 අයවැය පිලියෙල කිරීම මුදල් අමාත්‍ය රවි කරුණානායක ලේකම් ආර් එච් එස් සමරතුංග ඇතුළු නිලධාරින් විසින් සිදු කල අතර එහි තීරණාත්මක රැස්වීමක් අමාත්‍යාංශයන් බැහැරව දකුණු පලාතේ තරු පන්තියේ හෝටලය තෝරා ගෙන එහි නේවාසිකව අයවැය පිලියෙල කරන ලදි.

මෙහිදී මුදල් අමාත්‍යවරයා ඇතුළු නිලධාරින්ට අමතරව එම හෝටලයේම තවත් කාමරයක් වෙන් කෙරෙනුයේ අයවැය යෝජනා සම්බන්ධ අවසන් තීරණ සම්බන්ධ ආර්ථික කටයුතු හා අග්‍රාමාත්‍යවරයා ගේ නියෝජිතයා සඳහායි. එහිදි මෙම තීරණාත්මක රැස්වීමට සහභාගි වූයේ බැදුම්කර සිද්ධියට සම්බන්ධ හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් ය.

එහිදි මෙම කණ්ඩායම නව අයවැය යෝජනාවක් ලෙස ඌව සහ නැගෙනහිර පලාත්වල සිදු කරන ආයෝජන වෙනුවෙන් සීයයට සීයයක්ම බදු සහන ලබාදීමේ යෝජනාව ඇතුලත් කරන ලදි. ඒ අනුව 2017 වසරේ ආරම්භ කරන නව කර්මාන්තශාලා සඳහා මෙම අසිමිත බදු සහනය ලැබේ එහි මුල්ම වරප්‍රසාදය හිමි සමාගම ලෙස අයවැය පිලියෙල කිරීමට දායක වූ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනගේ අරක්කු සමාගම හිමිකම් ලබයි.

මෙය ඉතාමත් භයානක මූල්‍ය දූෂණයක් මෙන්ම බදු වංචාවකි. මෙය භාණ්ඩාගාර බැදුම්කර වංචාට වඩා භායනක වනුයේ සමාන්‍ය ජනතාව වැට් බදු ඇතුළු බදු පිට බදු පටවමින් අයවැය යෝජනා එද්දි, තමන්ගේ නෑදෑ හිත මිතුරන්ට අවශ්‍ය පරිදි කල්තියා සැලසුම් කොට අවශ්‍ය බදු සහන ලබාදීමට අයවැය තුලින් කටයුතු කිරීමයි. මේ සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ පහල නිලධාරින් මෙන්ම එම වැදගත් රැස්වීමට සහභාගි නිලධාරින් මේ දිනවලදී සාකච්ඡා කරනුයේ මෛත්‍රී-රතන සාධුලා දුම්වැටි හා මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන් වලදි හඩ නැගුවට මහා පරිමාණයේ අරක්කු ෆැක්ටරියක් රජයේ විශාල බදු සහන සහිතව ආරම්භ කිරීම මොනතරම් හාස්‍යජනක ද යන්නයි.

– උකුස්සා FB

0 views

2 Comments to “මාමාගේ අයවැයෙන් බෑනාගේ අරක්කු සමාගමට කෝටි ගණනක බදු සහන.. මෛත්‍රී-රතන සාධුගේ දුම්වැටි, මත්ද්‍රව්‍ය විරෝධී සටන මර නින්දේ..”

  1. Gamarala says:

    All this peoples Talking aganist this arrak,
    Not a Saint . They Drink More Arrak,
    I like the New Development . Every City Must have one Factory and we can have fresh arrak and Not That Old Arrak.
    Even government Must give Permit to Individualität to make home made arrak.
    Everyone can earn Good Money. Why only Big Company can make Money? Hurayyyyyy hip hip hip hurayyyy

  2. alaya says:

    රතන ෂාදු …. දැන් කාබනික රතන මිසක් ….. දුම්වැටි මත් පැන් රතන නෙවෙයි…

Main News