මම මගේ දරුවන්ට කන්න දෙන්නේ ජනතා මුදලින්.. එනිසා මම රටට උපරිම සේවය කරනවා.. නැතොත් ඊළග ආත්මයේ කපුටන්, ගෙම්බන් වෙනවා…
January 16, 2022 at 12:00 pm | lanka C news
අභ්‍යාසලාභී උපාධිධාරි රැකියා වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කිරිමට රජය තිරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වත්මන් රජය උපාධිධාරින්ට රැකියා ලබාදීමේ දි ඔවුන්ගේ පක්ෂ පාට සළකුණු නොබැලු බවයි.
රැකියා ඉල්ලා පාරේ උද්ඝෝණය කළ 3%කට අයත් උපාධිධාරින්ට ද මෙම රැකියා ලැබුණු බව පෙන්වා දුන් ඇමතිවරයා උපාධියක් ලබා ගත් සියලු දෙනාටම රැකියා ලැබිය යුතු බව රජයේ ස්ථාවරය බව ද කීවේය.
ජනතාවගේ මුදලින් වැටුප් ලබන අය ඊට නිසි ලෙස සේවය ලබා නොදෙන්නේ නම් ඔවුන් ඊළග ආත්මයේ උපදින්නේ ගෙම්බන් හා කපුටන් වී බව පැවසු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලබන වැටුපට සාධාරණය ඉටු කිරිම ඔවුන්ගේ යුතුකම හා වගකීම බව පෙන්වා දුන්නේය.
රජයේ අභ්‍යාසලාභි උපාධිධාරින් ස්ථිර කිරීමේ වැඩසටහන යටතේ මිනුවන්ගොඩ ආසනයේ අභ්‍යාසලාභි උපාධි පත්වීම්ලාභින් සදහා ස්ථිර පත්විම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. රජයේ අභ්‍යාසලාභී වැඩපිළිවෙල යටතේ රාජ්‍ය සේවයට බදවා ගෙන ඇති උපාධිධාරින් ජනවාරි මස 03 වෙනිදා සිට ස්ථිර කරන බව පසුගිය අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා කීවේය. ඒ අනුව මේ වන විට දිවයින පුරා අභ්‍යාසලාභි උපාධිධාරින් සදහා ස්ථිර පත්විම් ලබාදීම මේ දිනවල ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදුවේ. මෙහි දි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.
“උපාධිධාරින් සියලු දෙනාට රැකියා හිමි වියයුතුය යන්න අපේ ආණ්ඩුවේ ප්රතිපත්තියයි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වන රට නගන සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ත් පැහැදිලිව සදහන් වෙනවා. කොවිඩ් වසංගතය පවතින කාලවලයි අපි අභ්‍යාසලාභි උපාධිධාරින්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන ආරම්භ කළේ. ආණ්ඩුවේ උපාධිධාරින්ට රැකියා ලබාදීමේ දි පක්ෂ, පාට, සළකුන බැලුවේ නෑ. අපි බැලුවේ උපාධි සහතිකය විතරයි. ඔය රැකියා දියව් දියව් කියලා පාරේ කෑ ගහපු උපාධිධාරින්ටත්, 3% උපාධිධාරින්ටත් අපි රැකියා දුන්නා.උපාධිය කියන්නේ රජයේ රැකියාවක් අනිවාර්යෙන්ම ලැබෙන බලපත්‍රයක් නෙමෙයි. හැබැයි උපාධි ගත්ත හැම කෙනෙක්ටම රැකියාවක් ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ මා ඉන්නවා. ආණ්ඩුවේ ස්ථාවරයත් එයයි.
කොවිඩ් වසංගතය තිබුණත් අපි මේ රැකියා ව්‍යාපෘතිය නතර කළේ නෑ. රැකියා විරහිත උපාධිධාරින්ට ඒ රැකියා ලබාදීම සිදු කළා. අප කිසිම හේතුවක් මත මේ වැඩසටහන නතර කරන්නේ නෑ. උපාධිධාරින්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා. මේ වන විට විදේශ රටවල උපාධිය ලබාගෙන ලංකාවට ආපු අය ඉන්නවා මේ වැඩපිළිවෙල යටතේ ඔවුන්ටත් රැකියා ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වි තිබෙනවා.
කොවිඩ් තත්ත්වයත් සමග ලෝකයේ බොහෝරටවල රැකියා කළ අයට තමන්ගේ රැකියා අහිමි වුණා. නමුත් අපි ඒ තත්ත්වය පාලනය කළා. දේශපාලනඥයන්ද ඇතුළු රජයේ නිළධාරින් වැටුප් හා දිමනා ලබන්නේ ජනතා මුදලින්. ජනතා මුදලින් අපි ලබන වැටුපට අපි සාධාරණය ඉටු කළ යුතුයි. ජනතා මුදලින් වැටුප් හා දිමනා ලබන අය ඊට සරිලන ලෙස සේවය ඉටු කළේ නැත්නම් ඔවුන් ඊළග ආත්මයේ උපදින්නේ කපුටෝ, ගෙම්බෝ වෙලා. මේක මගේ තාත්තා මට කියලා දුන්නු දෙයක්. අද මම මේ ඇමති කෙනෙක් විදිහට මේ වරප්‍රසාද ලබන්නේ ජනතාවගේ මුදල් වලින්. මම මගේ දරුවන්ට කන්න දෙන්නේ ජනතාවගේ මුදලින්. ඒ නිසා මම නම් මට කළ හැකි උපරිම සේවය රට වෙනුවෙන් කරනවා. හා හැමවිටම කටයුතු කරන්නේ මගේ හෘදසාක්ෂියට එකගවයි. ඔබත් අද සිට ඔය ගන්න වැටුපට සාධාරණය ඉටු කරන්න. හුග දෙනෙක් රාජ්‍ය සේවයට එන්නේ වරප්‍රසාද බලාපොරොත්තුවෙන්. ජනතා සේවය නිසි පරිදි ඉටු වන රාජ්‍ය යාන්ත්‍රණයක් සැකසිම සදහා කැපවෙන්න. ඒක ඔබේ යුතුකමක් හා වගකීමක්. ”
– ප්‍රදීප් අනුර කුමාර
කතාවෙ කෑල්ලක් අඩුයි.” මම ඉඩම් බලෙන් අල්ලා ගන්න පාට් ටයිම් රස්සාවකුත් කරනවා” දේශපාලන කටයුතු අතරේම කියලා .
Don’t insult the frogs and the crows
කපුටෙක්, ගෙම්බෙක් වෙලා බේරුනොත් ඇති. ඒත් අවීචි මහා නරකාදියේ ඉපදෙන්න තියෙන ඉඩකඩ නම් බොහෝම වැඩියි
Hahahahahaha. Supiri comments tika
Den Meya KAPUTEK GEMBEK Nemeida?
What about the bribe taken from a businessman to develop a land. Can any one please publish the tape recording in which this fellow blasted the man who gave him a bribe of Rs 64 .0 mn
nodomakin me yaka kaputa saha gembannata awamana karanawa mu ita wada thuchcha gon harakek
උඹේ ගෙදර එකියක් ඕස්ට්‍රේලියාවේ එම්බසියකට රිංගෙව්වේ නැද්ද?
මම ආණ්ඩුවේ මහ අලි බබායි ඌටම ගැලපෙන
රාජකීය හොර නඩයයි කියන වැදි බණ බලන්නේ නෑ. උන්ව හොදටම අප්පිරියයි. 🔥👎
හැබැයි, ඒවාට අදාල මහ ජනතාවගේ comments නම් අනිවාර්යෙන්ම කියවනවා…🌷👍