මම මාධ්‍යවේදියකුට ගැහුවා නම් ඔහු ඉන්න ඕනෑ රෝහලේ.. ඔහු කා එක්කද හිටියේ කියලා මා දන්නවා – නාවික හමුදාපති

December 12, 2016 at 9:22 pm | lanka C news
මම මාධ්‍යවේදියකුට ගැහුවා නම් ඔහු ඉන්න ඕනෑ රෝහලේ.. ඔහු කා එක්කද හිටියේ කියලා මා දන්නවා – නාවික හමුදාපති

හම්බන්තොට වරායට පැමිණ තිබූ විදෙස්‌ නෞකා දෙකක්‌ උද්ඝෝෂකයන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි නිසා ඒවා මුදාහැරීමට නාවික හමුදාව කටයුතු කළ බව නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න මහතා පැවැසීය.

ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්‌ෂක පද්ධති නාවික හමුදාවේ ආරක්‌ෂාව යටතේ පවතින බවත් යම් හෙයකින් ඒවාට මුහුදු කොල්ලකරුවන්ගෙන් හෝ ත්‍රස්‌තවාදීන්ගෙන් ප්‍රහාරයක්‌ එල්ල වේ නම් ආරක්‌ෂා කරදීම නාවික හමුදාවේ වගකීම බවත් ඔහු කීය.

හම්බන්තොට වරායට පැමිණ තිබූ විදෙස්‌ නැව් දෙකෙන් එකක්‌ ලෝකයේ වාහන ප්‍රවාහනය කරන විශාලතම තැන්වැනි නෞකාව බවත් එම නැව හා අනෙක්‌ විදෙස්‌ නෞකාව දින හයක්‌ තිස්‌සේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටීම මුහුදු මංකොල්ලකරුවන්ගේ ක්‍රියාවකට ගැනෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

වාහන වරායට ගොඩ බෑමෙන් පසු උද්ඝෝෂකයන් විසින් වාහන ප්‍රවාහන නැව සහ අනෙක්‌ නැව බලහත්කාරයෙන් වරායේ රඳවාගෙන සිටී.

එම නිසා වාහන ආනයනය කළ සමාගම්වලට දිනකට ඩොලර් ලක්‌ෂ 04 බැගින් රඳවාගෙන සිටි දින 06 ක්‌ සඳහා ගෙවීමට සිදුවනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය. විශාල නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ දෙවැනි වතාවට බවද සේවකයන් තම ඉල්ලීම් දිනා ගැනීමට විදෙස්‌ නැව් බලහත්කාරයෙන් රඳවාගෙන අරගල කළ බවද හෙතෙම පැවැසීය.

මෙහිදී මාධ්‍යවේදියකුට පහරදීමක්‌ කළා දැයි නාවික හමුදාපතිවරයාගෙන් “දිවයින” කළ විමසීමකදී ඒ මහතා මෙසේ කීය.

මම මාධ්‍යවේදියකුට පහරදුන්නා නම් ඔහු රෝහල් ගතව ඉන්න ඕනෑ. එයා මාධ්‍යවේදියෙක්‌ නම් කියන්න ඕන මම අහවල් ආයතනයේ මාධ්‍යවේදියෙක්‌ කියලා. එයා මාධ්‍ය ආයතන කිහිපයක ඉන්නවයි කියලා කිව්වා. මෙයා කවුද කියලත් කා සමඟද හිටියේ කියලාත් මා කාලයක සිට දැනගෙන හිටියා.

– දිවයින

37 views

17 Comments to “මම මාධ්‍යවේදියකුට ගැහුවා නම් ඔහු ඉන්න ඕනෑ රෝහලේ.. ඔහු කා එක්කද හිටියේ කියලා මා දන්නවා – නාවික හමුදාපති”

  1. සරණ says:

    ආ ඒක නිසා ද , ….

    • Amda says:

      ඒ කියන්නේ මේ පුද්ගලික පලිගැනීමක්ද?
      ඔබ කවුද, ඉන්නේ කා සමඟද කියාත් රටටම පෙන්නුවා. ඒකට ස්තුතියි.

      අද ලන්කාවෙ ඇති වී තිබෙන ඛේදවාචකය නම් ඉහලම සිට පහලටම තනතුරට නුසුදුසු පුද්ගලයින් නිසා තනතුරු හෑල්ලු වීමයි. අවසානයේ රටම හෑල්ලු වීමයි. මෙයද එහි එක ජවනිකාවක් පමනයි.

      සේවකයන් නැව් රඳවාගෙන සිටීමෙන් කලේ වරදක් බව අප තේරුම් ගත යුතුයි. එහෙත් ඔවුන් එසේ කලේ රජයේ අවධානය යොමු කර ගැනීමටය.
      දේශපාලනික හේතුන් මත මිනී මැරුවත් දේශපාලන සිරකරුවන් කියා විශේශ වරප්‍රසාද ලැබීමත්, මානුශික හේතුන් මත විරෝධය දක්වන අයට අපරාධකාරයන්ට මෙන් සැලකීමත් කෙතරම් අමානුශිකද?

      අනික් කාරනය, මේ සිද්ධිය බලා සිටි මට හැඟුන දෙයක් නම් සාමාන්‍ය මහජනතාව සහ හමුදාව අතර හොඳ හිත පලුදු වුනු ආකාරයයි.
      මේ අවස්ථාවේ එහි වාසිය සහ එවැනි දෙයක අවශ්‍යතාවය කාටද? රජයට.
      ඇයි? රටේ සිදුවෙන දේවල් අනුව යම්කිසි විදියකින් හමුදා කුමන්ත්‍රනයක් ඇති වුවහොත්….එයට සාමාන්‍ය ජනතාවගේ ආධාරය නොලැබේ.
      එම නිසා මෙවැනි හමුදාව-ජනතාව අතර ගැටුම්කාරී අවස්ථා ඉදිරියේ දීද නිර්මානය වනු ඇත.
      එමගින් හමුදාව සහ ජනතාව අතර 88-89 කාලයේ තිබුනා සේ දැඩි පරතරයක් ඇති වනු ඇත.

  2. Anil ..R... says:

    They say its the 3rd largest ship in the world, So what happened to that Rock which is supposed to block large ships ?

  3. harsha says:

    Umbala wenuwen minissu kala deawal walata, umbalage pawul pitin poshanaya karanawata meetath wada keatha widiyata salakapan ahinsaka minissunta… thopi deshapalaneta pimbila mewa kalata kawadahari thopita meka shapa denwamai….

  4. Mahesh says:

    Well done Commander! Strike and hijacking a ship are totally different things.

  5. නැවෙන් පැන්න වානචාරියා says:

    ඒක දැනගත්ත හන්දා තමයි එහෙනම් ගහල තියෙන්නේ……. මරු. වැඩේ.

  6. පොඩි එකා says:

    අඩේ ,
    නාවිකහමුදාපති = බ්‍රාපති ද?
    ඒ වුනාට මෙයා බ්‍රා දාලා නෑනේ. කුක්කු එල්ලෙනවා. අපේ කිරි අම්මාගේ වගේ.
    ආ… අමතක උනානේ, ලොක්කා කීවානේ, ගලවාලා විසික්කන්න කියලා?

  7. මැජික් ලන්තෑරුම says:

    රතුපස්වල හමුදාව උද්ඝෝෂකයන් මැරුව වෙලාවේ හමුදාවට ගරු කරන්න ඕන කිව්ව බයියෝ මෙතුමාට පස් පඩංගුවේ බණිනවා දැක්කා – එතකොට අර රණවිරු වන්දනාව කොහේද දන්නෙ නෑ – මෙතුමා නේවි එකේ ඉන්න හයිලි ඩෙකොරේටඩ් පොරක් –
    අර බයියන්ගේ තියෙන්නෙ රණවිරු වන්දනාවක් නොව රාජපක්ෂ වන්දනාවක් – පීරියඩ්

    • සිරිතේක්කු says:

      “කියන එක අහපං XXXගේ පුතා..” නාවික හමුදාපති අමු කුණුහරුපෙන් බනින සංස්කරණය නොකල වීඩියෝව බැලුවොත් මෙයා මොන තරම්නම් `හයිලි ඩෙකොරේටඩ් පොරක්’ ද කියල අගේට පේනවා.

      • මැජික් ලන්තෑරුම says:

        උද්ඝෝෂණයට සම්බන්ධයක්වත් නැති අහිංසකයන් මරන එකයි කුණුහරුප කියන එකයි අතර සමානකමක් පෙනෙන්නේ ඉතින් රාජපක්ෂවාදි බයියෙක්ට විතරයි –
        ප.ලි. මහින්ද රාජපක්ෂ මහතා මෙවැනි දේට සම්බන්ධයැයි අදහස් නොවේ – ඒ මහතා නියම දේශපාලඥයෙක් – එතුමාගේ පස්සෙන් යන තුට්ටු දෙකේ බයියන් නිසා එතුමාටත් නවනිංගිරාව

  8. nialntha says:

    U did a great job boss by releasing those 2 ships but u dont have a right even to touch the media man,u must have told your boys to chase him away..being the commander of the navy u must keep your status man.!!!!

  9. messenger says:

    If you didn’t have armed security, we can easily guess who would have gone to the hospital.

  10. Nalika says:

    Anduwatama Honda patta borukarayak. Athey palawena boru kiyanna me manussayata lajjawak nadda?

Main News