මයික් පොම්පේ 28 කොළඹට.. ඔහුගේ ආරක්‍ෂාවට හමුදා කණ්ඩායමක් ඊයේ ඇවිත්.. සාමාන්‍ය නිරෝධායන නෑ..

October 23, 2020 at 3:50 pm | lanka C news
මයික් පොම්පේ 28 කොළඹට.. ඔහුගේ ආරක්‍ෂාවට හමුදා කණ්ඩායමක් ඊයේ ඇවිත්.. සාමාන්‍ය නිරෝධායන නෑ..

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙ මහතා එළැඹෙන 28 වැනි දා මෙරටට පැමිණීමට නියමිතය.

ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ඔහු මෙරට ගත කරන කාලයේ දී මෙරට ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වන බවත් ඉන් පසු මාධ්‍ය හමුවක් පවත්වන බවත්ය.

මේ අතර ඔහුගේ ගමනට පෙර ඔහුට අවශ්‍ය ආරක්ෂක කටයුතු වෙනුවෙන් ඇමරිකානු හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් ඊයේ දිනයේ මෙරටට පැමිණ තිබේ.

16 දෙනෙකුගෙන් යුතු එම හමුදා නිලධාරීන් පිරිස ඇමරිකා ගුවන් හමුදා ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇත.

මෙම රාජතාන්ත‍්‍රික පිරිස සදහාද සාමාන්‍ය නිරෝධායන කටයුතු සිදු නොකරන නමුත් සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී සදහන් කලාය.

75,688 views

32 Comments to “මයික් පොම්පේ 28 කොළඹට.. ඔහුගේ ආරක්‍ෂාවට හමුදා කණ්ඩායමක් ඊයේ ඇවිත්.. සාමාන්‍ය නිරෝධායන නෑ..”

  1. ධූශ්ඨයා ශ්‍රී ලංකා භූමි තලයට පැමිනෙණ වගයි....! says:

    පාස්කු ප්‍රහාරයේ ක්‍රමෝපායන් සමිපාදනය කර බරපැන් දරා රටතුලම සිටින කොටසක් සුකෂම ලෙස මෙහෙයවා , මාතෟහූමියතුල අති හයංකාර ප්‍රහාරයක් දියත්කර , කුඩාම බිලින්දාගේ සිට වයස්ගත මහලු විය දක්වා, මාතෟහූමියේ වාසය කරන අහින්සක හෙළයන් සුන්ණද්ධුලි වණ සේ සමුළ ඝාතනය කර, ශ්‍රි ලංකා භූමිය ආක්‍රමණය කිරිමට සැලසුම් සකසනලද මිලේඡ්ඤ, දුශ්ඪ දුර්ඡණයන විකුර්තිමානසිකත්වයෙන් පෙලෙන අග්‍ර මහා ත්‍රස්තවාදි අග්‍ර කුහක මිනිමරැ මයික් පොමිපේ., අසාර්ථකචු මිලේඡඤ පුහාරයට උෘණපුර්ණ සපයනුවස්…..,

    ධූශ්ඨයා ශ්‍රී ලංකා භූමි තලයට පැමිනෙණ වගයි….!

    • සමන් says:

      බොරු කෙපර ඇදබාන්න එපා.පාස්කු ප්‍රාහාායක් ඇදගෙන.ඒක කරපු උන් 20ට අත උස්සලා සේරම ගොඩ.

  2. Sandun Dhammika says:

    He don’t need to take permissions since our president is his citizen.
    As a US citizen he is obligated to protect the constitution of United States and contribute and support to US marine forces and GIJOE.

  3. දුටුගැමුණු says:

    යන විදිහට පොම්පේ ටත් කොරෝනා හැදෙයි වගේ. සංචාරය කල් දැමීම ඇගට ගුණයි.!

  4. mahinda says:

    ඕකට විරුද්ධව කට අරින්න එපා කැටගොඩ අනිත් කනත් පලයි ව්‍යාජ දේශ ප්‍රේමය අකුලලා දොරමුල්ලේ තියලා ඊලග මැතිවරනයේදී එලියට ගමු. ඒක ක න බේරා ගන්න ඇති එකම විසදුමයි.

  5. Love nature says:

    රැවටී සුවහසක් බොරු කාරයින් හට…

    පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට…

    දෑසේ කඳුළු ඉතිරිව නැත හඬන්නට…

    එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට…

    උගසට තබා මගෙරට පිට රටුන් හට…

    ලොව බලවතුන් අභිමුඛයේ දනින් සිට…

    සිගමන් යදිමු සාගින්දර නිවන්නට…

    එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

Main News