මරණයක් නිසා ඇඹිලිපිටිය උණුසුම්.. දේහය රැගෙන රෝහල වටලති..

March 5, 2021 at 6:27 am | lanka C news
මරණයක් නිසා ඇඹිලිපිටිය උණුසුම්.. දේහය රැගෙන රෝහල වටලති..

ඇඹිලිපිටිය රෝහලේදී මියගිය  තරුණයකුට වෛද්‍ය නොසැලකිල්ල හේතුවෙන් මිය ගිය බව පවසමින් එම තරුණයාගේ දේහය ඇඹිලිපිටිය රෝහල වෙත විරෝධය පෑම සදහා ගෙන යෑමේදී පොලීය හා එම පිරිස අතර උණුසුම් තත්වයක් ඇතිවිය.

මෙසේ මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනය ඉදිරිපිට පදිංචි එ.ඒ.ඒ රසික චතුරංග (29) හැවිරිදි තරුණයෙකු. පවුලේ ඥාතීන් පවසන්නේ පසුගිය 23 දින පපුවේ වේදනාවක් ඇතිවී මෙම තරුණයා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කල බවත්  වෛද්‍ය වරුන්ගෙන් මෙම තරුණයාට නිසි ප්‍රතිකාර නොලැබුනු බවත් පවසමින් මියගිය අයගේ  සහෝදරයා විසින් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ සමන්තා රාමචන්ද්‍ර මහත්මිය වෙත ලිඛිත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

මෙම රෝගීයා පපුවේ අමාරුව හැදී රෝහලට ගෙන ගියක් එහි සිටි වෛද්‍ය වරියක  රෝගියකුයට කතා නොකල යුතු ආකාරයෙන් කතා කර ඇති බව ඥාතීන් පවසයි.

කෙසේ උවද මේ සම්බන්ධයෙනස් විශේෂ පරික්ෂණයක් ඔවුන් ඉල්ලා සිටි අතර මියගිය අයගේ මෘත දේහය වැඩිදුර පරික්ෂණ සදහා කරාපිට රෝහල වෙත ගෙන යන ලදී.

පසුව 04 දිනයේදී  පවුලේ සුසාන භුමියේදී භූමදානය කිරීමට තිබූ දේහය මියගිය අයගේ ඥාතීන් සහ තරුණ පිරිස විසින් දේහය රැගෙන විරෝධය දැක්වීම සදහා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ගමන් ගන්නා විට ඇඹිලිපිටිය පොලීසියේ ස්ථානාධිපති වරයා සහ තවත් පොලිස් නිළධාරීන් 30ක් පමණ පැමිණ දේහය රෝහල හෝ වෙනත් ස්ථානයකට රැගෙන නොයන ලෙසත් පවුලේ සුසාන භූමිය වෙත ගෙන යන ලෙසද දැන්වීය. ඔවුන් විවිධ සටන් පාඨ ප්‍රදර්ශණය කරමින් බැනර් පොවරුද අතින් ගෙන එම ස්ථානයේදී විරෝධ දැක්වීය.එහිදී තමන්ට වෛද්‍ය වරුන්ගෙන් සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් පොලීසියට කරුණු කියට විය. පසුව පොලීසියේ උපදෙස් මත දේහය නැව පවුලේ සුසානභූමිය වෙත ගොස් භූමදානය කරන ලදී.

– ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක

36,245 views

4 Comments to “මරණයක් නිසා ඇඹිලිපිටිය උණුසුම්.. දේහය රැගෙන රෝහල වටලති..”

  1. නඩුත් බඩුත් කවදත් හාමුදුරුවන්ගෙ says:

    නඩුත් බඩුත් කවදත් හාමුදුරුවන්ගෙ අපෙ හාන්දුන්නේ…ගෝඨාභය ජනාධිපති වුණා කියල ඒකෙ වෙනසක් නෑ…!

    • Roky says:

      ඕකෙ ඉන්නවා Medical Officer ගෑනියෙක් ඔලුව උදුම්මගත්ත. අපෙ නංගි කෙනෙකුටත් බැනලා තිබ්බා කටවහපං කියලා අමාරුවෙන් කෑගහද්දි. ඒකි කතාකරන්නෙ උඹ වරෙන් පලයං භාෂාවෙන්. දොස්තරකම @#$ට ගහලා තියෙන්නෙ බැ##$ගේ.

    • Nalin says:

      විශේශයෙන්ම ගෑණු වෛද්‍යවරිය්න් ,මුන්ට කාන්තා වෛද්‍ය කියල කීවේ නැත්තේ කාන්තා කියන වචනයට අපහාසයක් නිසා .මහජනයාගේ බදු මුදලින්. අද්‍යපනය ලබල දුප්පත් මිනිසාට සලකන්නේ නින්දිත ආකාරයට. කතා කරන්නේ සතුනට කතා කරන විලාශයෙන්. මුනුත් හරියට රාජපක්ෂල සිංහල චන්ද වලින් ඇවිත් සිංහලයටම කෙලිනව වගේ .බලාගෙන යනවිට මුන්ට වඩා රාජපක්ෂල හොදයි.

  2. Lucky wijayamannage says:

    හරියටම හරි මල්ලි නඩුතු රජතුමාගේ බඩුතු රජතුමාගේ ඉතින් අපේ නඩුව කාට කියන්දෝ

Main News