මරණයක් සඳහා ගෙවන දීමනාව වැඩිකරන්නැයි ඉල්ලයි..

December 25, 2017 at 2:12 am | lanka C news
මරණයක් සඳහා ගෙවන දීමනාව වැඩිකරන්නැයි ඉල්ලයි..

මරණයක් සඳහා ගෙවන දීමනාව වැඩිකිරීම, මරණ පරීක්ෂක කටයුතු වලට සහභාගිවීමේදී පහසුකම් ලබාදීම, නිල ඇදුමක් ලබාදීම, ලිපිලේඛන කටයුතු සඳහා පරිගනකයක් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ජාවකදී ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ මහතාගෙන් ඉහත සදහන් පරිදි ඉල්ලා සිටිනලද්දේ මොණරාගල දිස්ත්‍රික් හදිසි මරණ පරීක්ෂක සංගමයයේ සාමාජිකයින් පිරිසක් විසිනි.

මේ අවස්ථාවට හදිසි මරණපරීෂක සංගමයේ සභාපති, ලේකම් ඇතුළු සාමාජිකයින් පිරිසක් සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමා,

මේ පිළිබඳව විෂය භාර ඇමතිතුමාගේ අවධානය යොමු කරන බවත් ඒ අනුව ඉදිරි කාලයේදී සාකච්ජාවක් මඟින් තවදුරටත් කටයුතු කිරීමට හැකි පරිදි උපකාර කරන බවද පැවසිය, එසේම හදිසි මරණ පරීක්ෂක වරුන් ඉටුකරන සේවය ඉමහත් ලෙස අගය කරන බවත් නොයෙක් අපහසුතා මත ඔවුන් සේවයක් ඉටුකිරීම ගැන නිතීඥවරයෙකු ලෙස තමාද පෞද්ගලිකවම දන්නා බවද සඳහන් කළේය.

නව ඉල්ලීම් ගැන කඩිනමින් සාකච්ජාවක් ලබාදී මේ ආකාරයෙන් කටයුතු කිරීම ගැන ආණ්ඩුකාරතුමා වෙත හදිසි මරණ පරීක්ෂක වරුන්ගේ සංගමයේ ස්තූතිය පලකරන බවද පැවසීය.

මේ අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් කේ.එම්.එස්.අබේසුන්දර මහත්මිය, ඌව පළාත් ආණ්ඩුකාරවර ලේකම් එම්.එම්.සෝමතිලක මහතා මොණරාගල දිස්ත්‍රික් ලේකම් D.S.පත්මකුලසුරිය බිබිල ප්‍රාදේශීය ලේකම් කේ.ප්‍රගීත් කුලතිලක මහතා, මොණරාගල හදීසි මරණ පරීක්ෂක සංගමයේ සභාපති ලේකම් ඇතුළු සාමාජිකයින් පිරිසක් සහභාගී විය.

– uva media

97 views
Main News