මරණ ඉහල යා හැකියි.. කොළඹ මහල් නිවාසවල සංචරන වහා නවතන්නැයි දැනුම් දේ..

November 6, 2020 at 4:40 pm | lanka C news
මරණ ඉහල යා හැකියි.. කොළඹ මහල් නිවාසවල සංචරන වහා නවතන්නැයි දැනුම් දේ..

කොළඹ නගර සභා සීමාව තුළ මහල් නිවාසවල ජීවත් වන පුද්ගලයන් යාබද නිවාසවලට ගමන් කිරීම සම්පූර්ණයෙන් නතර කරන්නැයි වසංගත රෝග විද්‍යා අංශය ඉල්ලා සිටී.

එම අංශයේ ප්‍රධානීන් වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ මෙම මහල් නිවාස වල මේ වන තෙක් පරීක්ෂාවට ලක් නොවූ ආසාදිතයන් සිටිය හැකි බවයි.

මේ වන විටත් එවන් ආසාදිතයන් කිහිපදෙනෙක්ම හඳුනාගත් බවත් ඉන් පෙනී යන්නේ තවත් රෝගීන් එයාකාරයෙන් සිටිය හැකි බව යයිද ඒ මහතා කියා සිටියේය.

එනිසා මහල් නිවාස වල ජීවත් වන සහ අධික තදබදයක් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව කිසිම ආකාරයකින් අනෙක් නිවාසවලට යෑම සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස උපදෙස් ලබා දෙන බවද ඔහු පැවසීය.

එසේ නිවාස වලට ගමන් කිරීම හේතුවෙන් එම නිවෙස්වල සිටින නිදන්ගත රෝග ඇති පුද්ගලයන් සහ වයස්ගත පුද්ගලයන් වෛරසය ආසාදනයෙන් මිය යාමේ වැඩි ඉඩක් ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

78,267 views

8 Comments to “මරණ ඉහල යා හැකියි.. කොළඹ මහල් නිවාසවල සංචරන වහා නවතන්නැයි දැනුම් දේ..”

  1. අජානීය ඉස්කූටර් says:

    මේ වගේ තැන් පාලනය කරන්න අපහසු නිසා තමා මොලේ තියෙන මිනිස්සු කටුනායක පොකුර හමු වූ ගමන්ම කීවේ දවස් දාහතරකට ඇඳිරිනීතිය දමන්න කියලා. එහෙම කලා නම් මේ වෙද්දි ඒ පොකුර අහවර වෙලත් සතියකට වැඩියි. අතිපණ්ඩිත ද්විත්ව පුරවැසියන් නිසා රටටම කෙලවුනා. පවු අසරණ මිනිස්සු…

    • aniwa says:

      doenst matter we’ve for the 20th now. Namal sir can make use of our funds when he comes to power next.
      jaya wewa appachchi and gota sir !

  2. ජෛව බුබුල says:

    මේ නිවාසවලට ජෛව බුබුළ බැගින් දෙන්න

  3. ප්‍රියන්ත says:

    මේ සුදත් සමරවීර කියන පුද්ගලයා ජීවිතේට කොළඹ එෆ්ලැට් (Flat) එකකට ගිහිල්ලා නැතුවා වගේ. .

  4. Bandara says:

    එතකොට ඇඳිරි නීතිය අයින් කරපුවම වැඩට ගියාට කමක් නැහැ හැබැයි අල්ලපු ගෙදරට යන්න එපා කියලද කියන්නේ?

  5. nuwan says:

    එංගලන්තේ මාසෙකට වැහුවා වගේ ලංකාවත් දෙසැම්බර් අන්තිම වෙනකල් වහා වසා දමන්න

    • පොට්ටු වේ පඩි තකා ලියමි says:

      උඹේ අප්පාද අපිට කන්න දෙන්නෙ.? මාසේ පඩි ගන්න සාඩින් බයියන් ට ඉතින් කොයි ලෝකේ හිටියත් මොකෝ.

  6. බූරු පුතානෝ සජීයා says:

    කොලබ ෆ්ලැට් වල ඉන්න එවුන් ඔක්කොම මෝඩ යු එන් පී. මැද කොලබ දිනන හැටි පේනවනෙ. උන්ව මැරෙන්න අරින්න උපදෙස් දෙන්න එපා.

Main News