මරණ දණ්ඩනය දිය යුතුමයි..- ජනාධිපති

January 29, 2019 at 11:20 am | lanka C news
මරණ දණ්ඩනය දිය යුතුමයි..- ජනාධිපති

වසර 30ක ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය යුද්ධය හා සමාන යුද්ධයක් ම්ලේච්ඡ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජාතිය ගලවා ගැනීම සඳහා සිදු කළ යුතුව ඇති බව ජනාධිපතිතුමා පවසයි.

එදා දැක්වූ කුසලතාවයන්, දක්ෂතාවයන්, එඩිතරබව සහ වීරත්වය මෙම ශ්‍රේෂ්ඨ මානව කාර්ය වෙනුවෙන් ද ඉටුකිරීමට පෙරට එන ලෙස ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක බලකා සියලු සාමාජිකයන්ට ආරාධනා කළ ජනාධිපතිතුමා ඊට නායකත්වය ලබාදීමට තමා සූදානම් බව ද කියා සිටියේය.

ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීම වෙනුවෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවති “ජනපති ප්‍රශංසා” ඇගැයීම් උලෙළ අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ විවිධ නීති විරෝධි කටයුතුවල නිරතව සිටින පිරිස් විසින්, පොලිස් ස්ථානාධිපතිවරුන්ව මාරු කර යැවූ යුගය තමා අවසන් කරන බවයි.

පොලිස් නිලධාරින්ට ස්ථාන මාරුවීම් ලබාදීමේ දී වාර්ෂික ස්ථානමාරුවීම්, ප්‍රතිපත්තිමය ස්ථාන මාරුවීම් ක්‍රමවේදයන්ට අනුව මෙන්ම ඉන් බාහිරව සිදු කෙරෙන්නා වූ ස්ථානමාරුවීම්වල දී ද එම ස්ථාන මාරුවට හේතුව ස්ථාන මාරුවීම් ලිපියේ ම සඳහන් කළයුතුය යන නියෝගය තමා විසින් ලබා දෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

එසේ සිදු කරනුයේ සියලු පොලිස් නිලධාරින්ට මාතෘභූමිය වෙනුවෙන් අවංක සේවයක් ඉටුකිරීමට බව පැවසූ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා ලෙස මෙන්ම පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස ද තමා සෑම අවස්ථාවකම අවංකව රාජකාරී ඉටු කරන නිලධාරින් ආරක්ෂා කරන බව කියා සිටියේ ය.

දූෂිතයන්ගේ සහ ජාවාරම්කරුවන්ගේ අනුදැනුම මත කිසියම් පොලිස් නිලධාරියෙකු ස්ථාන මාරුවීමකට ලක්වුවහොත් හා යම් පෞද්ගලික අභියෝගයකට හෝ කරදරයකට ලක් වුවහොත් ඒ පිළිබඳ තමා වෙත පෞද්ගලිකව දැනුම්දීමට අවශ්‍ය ක්‍රමවේදය සකස් කරමින් විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

එසේම මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරියක් පිහිටුවීම පිළිබඳව නව අමාත්‍ය මණ්ඩල සංදේශයක් හෙට දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පැවසූ ජනාධිපතිතුමා විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගෙන් සමන්විතව ඉදිරි සති කිහිපය තුළ එම අධිකාරිය ස්ථාපිත කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය මර්දනය ජාතික අවශ්‍යතාවයක් සේ සලකමින් ඒ සඳහා ලබාදිය යුතු ඉහළම ප්‍රමුඛත්වය ලබාදෙන බවත්, ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදිය යුතු ම බවයි.

රජයක් ලෙස ඒ පිළිබඳව කටයුතු කිරීමේ දී මානව හිමිකම් පෙන්වමින් එම අපරාධකරුවන් ආරක්ෂා කිරීමට ඇතැමුන් කටයුතු කරන බව පැවසු ජනාධිපතිතුමා, එය ඔවුන් සමස්ත ජාතියේම අනාගතය වෙනුවෙන් කරන ද්‍රෝහිකමක් බව ද කියා සිටියේ ය.

තමා පසුගියදා සිදු කළ පිලිපීන මෙන්ම සිංගප්පුරු සංචාරවල දී ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ වෙනුවෙන් තාක්ෂණික සහය පළ කිරීමට එම රටවල් එකඟ වු බව මෙහි දී සිහිපත් කළ ජනාධිපතිතුමා ලෝකයේ බොහෝ රටවල් භාවිත කරන එම තාක්ෂණික දැනුම දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවට ලබා ගැනීමට එම විෂයභාරව කටයුතු කළ දේශපාලනඥයන් කටයුතු කර නොමැති අතර, අද රටට ව්‍යසනයක්ව ඇති මත්ද්‍රව්‍ය අභියෝගය ව්‍යාප්තවීම පිළිබඳව එම සියලුදෙනා වගකිව යුතුව ඇති බව ද කියා සිටියේ ය.

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය හඳුනාගැනීම පිළිබඳ එම නවීන තාක්ෂණික උපකරණ කඩිනමින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාගැනීම පිළිබඳ සොයා බැලීමට තමා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දී ඇති බවයි

මතින් නිදහස් රටක් ගොඩනැගීමේ පුළුල් අරමුණ ඉටු කර ගැනිමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට කම්කරුවා දක්වා සියලු රාජ්‍ය සේවකයන් සහ පූජ්‍ය පක්ෂය ඇතුළු සියලු පුරවැසියන් කැපවීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා නව මුහුණුවරකින් ඉදිරියට ක්‍රියාත්මක කෙරෙන මෙම ජාතික වැඩසටහන සමග අත්වැල් බැඳගන්නා ලෙස ද සියලුදෙනාට ආරාධනා කළේය.

රටේ සියලු පුරවැසියන්ගේ නිදහස් සාමකාමී දිවි පැවැත්ම තහවුරු කරනු වස් ශ්‍රී ලංකා පොලිස් සේවයේ පරමාර්ථ යථාර්ථයක් කරමින් තික්ෂණ බුද්ධියෙන් තම කුසලතාවයෙන් සහ වෘත්තීමය පරිණතභාවයෙන් මත්ද්‍රව්‍ය, මද්‍යසාර සහ සංවිධානාත්මක අපරාධ මැඬලමින්, වළක්වාලමින්, ග්‍රහණයට ගනිමින් සහ ප්‍රජාව දැනුවත් කරමින් සිදු කරන ලද මෙහෙවරට සහ ගරු ජනාධිපතිතුමා විසින් වර්ෂ 2015 දී ආරම්භ කරන ලද මතින් නිදහස් රටක් සංකල්පය යථාර්ථයක් කර ගැනීමට දිවි හිමියෙන් කැපවෙමින් සිදු කළ උදාරතර අභිමානවත් සේවය ඇගැයීමට ලක් කරමින් සහ මුළුමහත් ජාතියේ ගෞරවය සහ ප්‍රණාමය පුද කරමින් පොලිස් නිලධාරින් 1007 දෙනෙකු වෙත විශේෂ ජනාධිපති ප්‍රශංසා සහතික පත් පිළිගැනීම මෙහිදී සිදු කෙරිණි.

එම අවස්ථාව සංකේතවත් කරමින් සහතික පත් ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

මෙවැනි සම්මාන උලෙළක් සංවිධානය කරන ලද්දේ පළමු වරට වීම විශේෂත්වයකි.

ආණ්ඩුකාරවරුන්, මැති ඇමතිවරුන්, තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

21 views

15 Comments to “මරණ දණ්ඩනය දිය යුතුමයි..- ජනාධිපති”

  1. චන්දිමානි says:

    සාධාරණ සැකයෙන් තොරව මත්ද්‍රව්‍ය ජාවාරම ඔප්පුකර ඇත්නම්, වහාම මරණ දණ්ඩනය ලබාදියයුතුයි යන්නට මම එකගයි. මෙයින් සුරක්ෂිත වන්නේ ජාවාරම්කරුගෙන් බේරී ඉතිරිවන අහිංසක ජනතාවගේ මානව හිමිකම් ය. මානව වර්ගයාගේ යහ පැවැත්මට විරුද්ධව ජාවාරම්කරන ජාවාරම්කරුට මානව හිමිකම් සම්බන්ධයෙන් අයිතියක් නැත.

    • ජනක says:

      ලංකාවේ සැවොම මරණ දණ්ඩනය දීමට කිසිසේත්ම විරුද්ද නෑ විශේෂයෙන්ම සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කරන ලද මත්ද්‍රව්‍ය කාරයන් ,සැලසුම් සහගතව මිනි මරණ ලද්දන් (ත්‍රස්තවාදීන්ද ඇතුළුව ) ,ස්ත්‍රී දුෂකයන්ට ,ළමා අපචාර හා දුෂණය කරන ලද්දන්ටත් මරණ දණ්ඩනය දියයුතුයි ,මරණ දණ්ඩනයට විරුද්ද ලිබරල් වාදී පට්ට පල් එන්ජිඕ මෝඩයන් පමණකි .
      ජනපතිතුමනි මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න එය කල හැක්කේ ඔබට පමණයි .රටේ ජනතාව ඒ වෙනුවෙන් ඔබට පුර්ණ සහයෝගය ලබාදෙනු ඇත

    • "එල්ලුම් ගස!" says:

      අල්ලන මත්කුඩට මොනවද කරන්නේ සේන
      සිංහල ජාතිය කුඩ්ඩට ඇබ්බැහි වෙලා සේන
      හම්බයො කුඩු ගෙනත් රට පාරාදිසිය සේන
      කුඩ්ඩට කත් අදින ඇමතිලව එල්ලපන් සේන

      යුද්ධයකින් ලොව දිනු එකම රට සිරි ලංකා
      කුඩු යුද්ධයෙන් රට දිනවනු ජනපති ලංකා
      කරුමයට එල්ලුම් ගස උරුමය කැප ලංකා
      පෙන්නූවිට කුඩු දුරුවේ රටින්ම සිරි ලංකා

  2. චන්දිමානි says:

    සාධාරණ සැකයෙන් තොරව මත්ද්‍රව්‍ය ජාවාරම ඔප්පුකර ඇත්නම්, වහාම මරණ දණ්ඩනය ලබාදියයුතුයි යන්නට මම එකගයි. මෙයින් සුරක්ෂිත වන්නේ ජාවාරම්කරුගෙන් බේරී ඉතිරිවන අහිංසක ජනතාවගේ මානව හිමිකම් ය. මානව වර්ගයාගේ යහ පැවැත්මට විරුද්ධව ජාවාරම්කරන ජාවාරම්කරුට මානව හිමිකම් සම්බන්ධයෙන් අයිතියක් නැත…

  3. Nihal says:

    Please proceed with the death penalty . Stop repeating the same media show without action.

    • Critic says:

      Yes! That’s correct! Nihal. He talks like a spineless Lion but on the otherhand, one of the Drug Lord has been released on bail yesterdayl! What a executive power! What a country!

  4. ක්‍රිමිනල් says:

    හැමදාම කටිං බතල හිටවන්නැතුව , අර එවපු නං ටිකට අස්සං කොරලා දාන්නකො !

  5. desta says:

    ara siiddiya da mokada nidahas karanne okawa ellana epae me yakath katin batala witarai karana labbak neha pissuda danne neha ettatama

  6. Narendra Gunatillake says:

    චන්දිමානි,
    ඔබගේ අදහසට 100% එකගයි. ඉතාමත් වැදගත් අදහසක්.

    • චන්දිමානි says:

      අවබෝධ කරගත්තාට ඉතාමත්ම ස්තුතියි.

  7. simion says:

    සිරා මහත්තයෝ, මේ පදේම කිය කියා නිකං සවුත්තු වෙන්නේ නැතුව එක මිනිහෙක් එල්ලලා මරණ දඬුවම දීලා පෙන්නන්න…හිටං…

  8. lanka says:

    if you impose death penalty all sinhalya will be hanged but all muslim and tamils would escape.Sinhal judges and jury especially take extreme care to do that.Look what happened to ranawiruwo ,They get death penalty killing, escaping known bloody terrorists but when the terrorists who killed so many innocent sinhalese escape with 5- year imprisonment. How can you rely on this judiciary system?

  9. john the baptice says:

    මෙය පටන්ගන්න තිබුනේ 2015 ජනවාරි 8 වෙනිදා බලයට ආපු විටම

Main News