Exclusive : එල්ලුම් ගහ ක‍්‍රියාත්මක කිරීමට අතුරු තහනම් නියෝගයක්.. ජනාධිපතිවරණය කැදවීමට පෙර එල්ලනු බෑ…

July 5, 2019 at 2:13 pm | lanka C news
Exclusive : එල්ලුම් ගහ ක‍්‍රියාත්මක කිරීමට අතුරු තහනම් නියෝගයක්.. ජනාධිපතිවරණය කැදවීමට පෙර එල්ලනු බෑ…

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් අද නිකුත් කලේය.

ඒ අනුව ඔක්තෝබර් මස 30 වන දින දක්වා මෙම අතුරු තහනම් නියෝගය ක‍්‍රියාත්මක වෙයි.

ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත.

මේ අතර මරණ දණ්ඩනය නියම කර බන්ධනාගාරගතව සිටින කිසිදු සිරකරුවෙකුට මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමක් සම්බන්ධයෙන් මේ වන තෙක් ජනාධිපතිගෙන් නියෝගයක් ලැබී නැති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

අද අභියාචනාධිකරණය හමුවේ ටී.එම්.ඩබ්ලිව්. තෙන්නකෝන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කල යුතු දිනය, වේලාව, ස්ථානය අදී කිසිම තොරතුරක් තමනට ලැබී නැති බවයි.

මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට විරුද්දව අධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.

එලැබන 17 වනදා තෙක් කිසිදු සිරකරුවෙකුට මරණීය දණ්ඩනය ලබා නොදෙන බවද ඔහු සදහන් කලේය.

101 views

28 Comments to “Exclusive : එල්ලුම් ගහ ක‍්‍රියාත්මක කිරීමට අතුරු තහනම් නියෝගයක්.. ජනාධිපතිවරණය කැදවීමට පෙර එල්ලනු බෑ…”

  1. Janaka says:

    President cannot do anything rather than talking.

  2. Nandasoma says:

    මරණීය දණ්ඩනය අධිකරණය ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව අධිකරණයක් විසින් නියම කරුණු ලබන දණ්ඩනයක් මිස, ජනාධිපතිගේ තීරණයක් නොවේ…..!

    තව දුරටත් , මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ බලය අධිකරණය මගින්ම ජනාධිපති වෙත පවරා ඇති අයිතියක් මිස, ව්‍යවස්ථාවෙන් හෝ මානව හිමිකම් මගින් හෝ ලබා දී ඇති දෙයක් නොවේ……!!

    එබැවින් එයට එරෙහි වීමට කිසිවකුට නොහැකිය…..!! එය අධිකරණයට එරෙහි වීමකි…..!!!

    එය මානව හිමිකම් උල්ලංඝණයක් නම්, එයට වග කිව යුත්තේ අධිකරණය සහ පවතින නීති ක්‍රමයයි……!!!!

  3. Nandasoma says:

    LAW AGAINST LAW…..!

  4. Tikiri says:

    අධිකරණයම දුන් මරණ දඞුවම අධිකරනයම අත්
    .හිටවනවා. අහෝ ලක්මෑණියනි අපගේ ජිවිත වලටද මොනවාද වෙන්න යන්නේ.

  5. ගමරාළ says:

    රට අරාජිකයි. නීතිය වල්.වැදී ඇතිබව පෙනේ..මරණ දඩුවම දුන්නෙත් උසාවියෙන්ම නඩු අහල කල කුමක් හෝ නිහීන අපරාදයක් නිසා දඩුවම ලෙස නම් ,එම තීන්දුව ක්‍රිරියාත්මක කිරීමට ඇති බාදාව කුමක්ද???????

  6. Anura says:

    හරි පුදුමයි ඔය මරණ දඩුවම් උසාවි නියෝග නේද. එයාල තීන්දු දිල එයාලම එපා කියනවා.

  7. Nandasoma says:

    යහපාලනය යටතේ නීතිය විසින් නීතිය ගිලගනිමින් ඇත…….!

    අධිකරණය මගින්ම ජනපතිට පවරා ඇති මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ දිනය තීරණය කිරීමේ අයිතිය, අධිකරණය විසින්ම උල්ලංඝණය කොට ඇත……!!