මරණ දඬුවම ක‍්‍රියාත්මක කලොත් GSP+ කපනවා..- යුරෝපා සංගමය ලංකාවට දන්වයි..

July 19, 2018 at 10:00 am | lanka C news
මරණ දඬුවම ක‍්‍රියාත්මක කලොත් GSP+ කපනවා..- යුරෝපා සංගමය ලංකාවට දන්වයි..

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වනු ඇති බව යුරෝපා සංගමය අනතුරු අඟවා ඇත.

වසර 42 කට පසු ශ්‍රී ලංකාව නැවත වරක් මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජී.එස්.පී ප්ලස් ඇතුළු වෙළෙඳ සහන අහිමි වනු ඇති බවට යුරෝපා සංගම් රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර ඇත.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා යුරෝපා සංගමයත් බිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, කැනඩාව, සහ නෝර්වේ යන රටවල්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගියදා ලිපියක් යවා තිබිණි.

ජී.එස්.පී ප්ලස් සහනය යනු මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර ප්‍රඥප්තීන්වලට අනුව කටයුතු කරන සංවර්ධනය වෙමින් පවතින රටවලට යුරෝපා සංගමය ලබාදෙන තීරුබදු සහනයකි. මානව හිමිකම් කඩකිරීම ඇතුළු චෝදනා කිහිපයක් නිසා 2010 දී ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වූ අතර නව රජය බලයට පත්වීමෙන් පසුව එය නැවත ස්ථාපිත කරන ලද්දේ පසුගිය වසරේ මැයි මාසයේදීය.

ජී.එස්.පී ප්ලස් වෙළෙඳ සහනය නිසා ශ්‍රී ලංකාව වාර්ෂිකව ආසන්න වශයෙන් යූරෝ මිලියන 300ක (එක්සත් ජනපද ඩොලර් මිලියන 350)ක ප්‍රතිලාභයක් හිමිවන බව යුරෝපා සංගම් රාජ්‍ය තාන්ත්‍රිකයෝ පවසති.

ඒ.එෆ්.පී
– lankadeepa

139 views

7 Comments to “මරණ දඬුවම ක‍්‍රියාත්මක කලොත් GSP+ කපනවා..- යුරෝපා සංගමය ලංකාවට දන්වයි..”

  1. HUNA says:

    Apata KUDU Saranai !

  2. Ratawesiya says:

    illan kannai! nathnam adagena naannai hadanne!.
    Api swaadeena raajyak nam apita balapaam karanna/neethi daanna kaatawath puluwanda?

  3. Kumara says:

    අවි පෙන්නන්න ගෙනියන්න

  4. Niru says:

    If the Yamapalanaya has a backbone this is an opportunity to show. Imagine these donkeys in power when Prabakaran was trapped in Nandikadal. EU would have ordered My3palan and Ponil to take a helicopter to bring the murderer to Colombo

  5. Gorilla says:

    Eka sarayak russiawen kala ballo wage hitiya ratakata needa hutho thopi mee vina karanne ?

  6. sinha le says:

    ඇයි මුන්ට සෞදි අරාබියේ බෙලිකපන එක නවත්වන්න බැරි තෙල් සල්ලි නිසාද අපේ නිවට රජය නිසා මේවා අසන්න සිදුවෙනවා ලැජ්ජයි

  7. Love nature says:

    මරණ දඬුවම ක‍්‍රියාත්මක කලොත් GSP කපනවා..- යුරෝපා සංගමය ලංකාවට දන්වයි.. කොහොමද වෙනස?

    මාරාන්තික එන්නත් කිරීම. එක්සත් ජනපදයේ මරණ දණ්ඩනය

Main News