මරණ දඬුවම ගැන අගමැතිගේ රාජ්‍ය ඇමති අමුතු කතාවක් කියයි..

July 5, 2019 at 8:40 am | lanka C news
මරණ දඬුවම ගැන අගමැතිගේ රාජ්‍ය ඇමති අමුතු කතාවක් කියයි..

මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීම ශ්‍රී ලංකාව ස්වාධීනව ගතයුතු තීන්දුවක් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කලේ කිසිදු ලෙසකින් එම තීන්දුවට මැදිහත් වීමට විදෙස් රටවලට අයිතියක් නැති බවයි.

පුත්තලම මහවැව ප්‍රදේශයේ පැවතී උත්සවයකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා.

ජනාධිපතිතුමා මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර තිබෙනවා. අගමැතිතුමා ප්‍රකාශ කර තිබෙන්නේ පක්ෂයක් ලෙස එම තීන්දුවට සහයෝගය ලබාදිය නොහැකි බවයි.

රට අභ්‍යන්තරව මෙම කරුණ පිලිබඳ ලොකු සංවාදයක් ඇතිවෙලා තිබෙනවා. වඩාත් නිවැරදි තීන්දුවක් ගැනීමට එම අභ්‍යන්තර සංවාදය ඉතා වැදගත් මේ අතර ඇතැම් විදෙස් සංවිධාන සහ විදෙස් රටවල් මෙම තීන්දුවට එරෙහිව අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇත්තේ මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් GSP ඇතුළු ශ්‍රී ලංකාවට ලබාදෙන බදු සහන පිළිබඳව යලි විමසා බැලීමට සිදුවන බවයි. එය එක්තරා ආකාරයකට තර්ජනයක් මෙරට ස්වාධින ක්‍රියාකාරිත්වයට බලපෑම් එල්ල කිරිමට විදෙස් රටවලට හෝ විදෙස් සංවිධාන වලට අයිතියක් නැහැ. මොකද ඇමරිකාව වගේ රටවලත් මරණ දඬුවම ක්‍රියාත්මකයි.

එහෙත් මේ සම්බන්ධව විදෙස් බලවේග දක්වන්නේ නිහඬ ප්‍රතිචාරයක්. ඒ නිසා ස්වාධින රටක් ලෙස අභ්‍යන්තර සංවාද තුලින් මරණ දඬුවම ලබා දෙන්නේද නැද්ද යන්න අවසන් තීන්දුවක් ගත යුතු බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මෙහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

– මාධ්‍ය අංශය

28 views

13 Comments to “මරණ දඬුවම ගැන අගමැතිගේ රාජ්‍ය ඇමති අමුතු කතාවක් කියයි..”

  1. SL says:

    මත්කුඩු වලට ඇබ්බැහි වුනු දරුවන් සමග ඇසුරු කරන , ඒ දෙමාපියන් ගැන දන්නා කෙනෙක් ඉන්නවානම් මේ ජාවාරම් කරුවන් පාසැල් යන වයසේ දරුවන්ගේ සිට වැඩිහිටි පිරිස් දක්වා පිරිස් නොමරා මරණ හැටි අවබෝධ කරගත හැකියි . සිරකරුවනුත් මිනිස්සු කියන අය දැනගන්න ඕනේ මත් කුඩු වෙළෙන්දා ගෙන් සමාජය ට තියෙන බලපෑම.

    මරණ දඬුවම් ලැබිල ජීවිතාන්තය දක්වා හිරේ ඉන්න උන් පවා පිට මත් කුඩු ජාවාරම් වල යෙදෙනවා. එක දරුවෙක් කුඩු වලට ඇබ්බැහි කරගත්තොත් දවසට 9000 සිට 40000 දක්වා කුඩු විකුණා ස්ථිර ආදායම් මගක් ජාවාරම් කරුට හදාගන්න පුළුවන්. මේ සඳහා ඔවුන් කුඩා දරුවන්ගේ සිට කිසිම කෙනෙකුගේ ජීවිතය තුට්ටුවකටවත් මායිම් නොකර න තත්වෙකට පත්වෙලා තියෙනවා.

  2. Kamal says:

    යු එන් පී එක කොහොමටත් මත් කුඩු ජාවාරම් කරුවන්ට මරන දඩුවමට විරුද්දයි. මොකද මත් කුඩු ජාවාරම හා යූඑන්පී එක අතර අත්තේ ගසට පොත්ත මෙන් සම්බන්දතාවයක්.

    • Janaka says:

      රාජිතල නැවු ගත්තේ බෙහෙත් වලින්ම මාටියා ගහල නොවේ කුඩු වලිනුත් හොයාගත් මුදල් වලින්.

    • Manoj says:

      “Kamal says:
      July 5, 2019 at 9:21 am
      යු එන් පී එක කොහොමටත් මත් කුඩු ජාවාරම් කරුවන්ට මරන දඩුවමට විරුද්දයි. මොකද මත් කුඩු ජාවාරම හා යූඑන්පී එක අතර අත්තේ ගසට පොත්ත මෙන් සම්බන්දතාවයක්.”

      Ethkota KUDU DUMINDA & MR + Gota athara thibbe ගසට පොත්ත මෙන් සම්බන්දතාවයක් nemeda ? Ethkota KUDU LANSA & MR + Basil athara thibbe ගසට පොත්ත මෙන් සම්බන්දතාවයක් nemeda ? Lankawa DRUG TRAFFKICKING waling income hoyanna gaththe 201/2014 idan mattoooo !!!

  3. මාතර සුනිල් says:

    ඕනනම් ජනමතවිචාරණයක් තියන්න. ලංකාවේ ඉන්න කුඩු කාරයෝ ටිකයි, ngo කාරයොයි, සහරාන්ලා වගේ සංවිධානාත්මක අපරාධකාරයොයි හැර අනිත් සියලු දෙනාම මරණ දඩුවම ක්‍රියාත්මක කරනවට කැමතියි.

    • ruwan says:

      ඒ උනාට මහින්ද මහත්තය කැමති නැනේ.

      • NAK says:

        Eka Mahinda mahaththayage pudgalika mathaya. Maranadanduwamata apith kemathi nehe namuth kudu jawaramunta wena kalayuthu deyakuth nehe.

  4. chandika says:

    hoda kathaak..

  5. Sun says:

    Lot of top people in the government have sharing this business. That is why they don’t want to open their mouths. They want to make money weather you live die concept in their heads. It is good to show them the people who are addicted and suffering due to this addition. Mainly the muslims are doing the business according to the statistics. If really want to stop we have to tackle both supplying and using by having tough laws. Lot of people are involved in this drug trade round the world. I really support tough laws.

  6. ගමේ බයියා says:

    මේ විදේශීය මැදිහත් වීමෙන් පෙනෙනවා මෙරටට මත්ද්‍රව්‍ය බෙදාහැර ලංකාවේ ජනතාව, විශේෂයෙන් සිංහල ජනතාව විනාශ කිරීමට ජත්‍යන්තර කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බව. නැත්නම් මෙච්චර විනාශයක් වෙද්දිත්, උන්ගේ රටෙත් ක්‍රියාත්මක වන මරණීය දණ්ඩනය අපිට එපා කියන්නෙ කාට ආදරේටද????

  7. safi says:

    you are correct Mr. Niroshan Perera. we should eliminate this drug issue from our motherland by imposing death sentence again. Not a single western country can interfere into our internal affairs. we should not fear for bloody America’s threat for cancelling GSP plus.

  8. NAK says:

    This system of punishing only the drug peddlers to control drugs have proven a failure.
    It is actually only one half of the solution.
    The other half should be to dry out the demand for drugs by dealing with the abusers severely and also with a stringent rehabilitation regime.
    Even the president recently observed that there are not enough rehabilitation facilities in the country but that is that and it ended there.
    It is the authorities that must take the lead in eradicating the drug menace from the country but unfortunately the political will to do anything in that direction seems zero.

  9. Kadiya says:

    සිරකරුවෝද මිනිස්සු කියන උන් දැනගතයුතුයි සිරගෙයින් පිටතසිටින මිනිසුන් හා සිරකරුවන් අතර තියන වෙනස. යමකුට සිරදඬුවම් නියමවන්නේ ඔහු කල වැරැද්දකට සරිලන පරිදියි. ඒ අනුව සිරකරුවෝ මුලික වශයෙන්ම අපරාධකාරයෝ. ඒ වෙනස තේරුම් ගන්න තරම් මොලයක් නැති උන් තීරණ ගන්න තනතුරු වලට ආවම වෙන අලකලංචිය තමයි මේ. සිරිසේනත් මත්කුඩු වැරදිවලට මරණදඬුවම් නියමවුන අපරාධකාරයෝ එල්ලන එක මාකට් කරන්න ගිහින් වෙච්ච විකාරයක් තමයි මේ. ඇත්තටම සිරිසේනට මරණදඬුවම් නියමවුන අපරාධකාරයෝ එල්ලන්න නෙමෙයි ඕන. ඒක මාකට් කරලා තමුන්ගේ ගොඩ වැඩිකරගන්න. බෝම්බ පිපිරීම් වගේම මරණ දඬුවමත් ඉදිරි චන්දෙ අරමුණු කරගෙන තමයි සිදුවන්නේ.