මරණ දඬුවම නියම වූ චොකා මල්ලි වෙනුවට ඔහුගේ දියණිය..?

August 2, 2020 at 3:00 pm | lanka C news
මරණ දඬුවම නියම වූ චොකා මල්ලි වෙනුවට ඔහුගේ දියණිය..?

මරණ දඬුවම නියම කරන ලද රත්නපු දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර වෙනුවට ඔහුගේ දියණිය ඉදිරිපත් වනු ඇතැයි දිස්ත‍්‍රික්කයේ ඔහුගේ ආධාරකරුවන් අතර රාවයක් පැතිරී යමින් තිබේ.

ඔහුගේ දියණිය සෙනාලි ජයසේකර තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත්තේ තම පියා වෙනුවෙන් මෙවර ඡන්දය පාවිච්චි කරන ලෙසත් අන් කවරදාටත් වඩා එය මෙවර වැදගත් බවත් ය.

මේ අතර රත්නපුර දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ පේ‍්‍රමලාල් ජයසේකර මහතාට මනාප ලබා දීමට කිසිදු බාධාවක් නැති බවත් ඔහුට මන්ත‍්‍රීවරයෙක් ලෙස තේරී පත්වීමට බාධාවක් නැති බවත්ය.

අදාල නඩු තීන්දුවේ පැමිණිල්ලේ සාක්‍ෂිවල පරස්පරතා ඇති බවත් එනිසා එය නැවත අභියාචනා කරන බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් දැනට ලයිස්තුවේ සිටින අපේක්ෂකයෙකු මිය නොගියහොත් වෙනුවෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම හෝ අපේක්‍ෂකයෙකුට ඉල්ලා අස්වීමක් සිදු කළ නොහැක්කක් බව මැතිවරණ කොමිසම සදහන් කර ඇත.

2015 ජනාධිපතිවරණයේ දී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පේ්‍්‍රමලාල් ජයසේකර ඇතුළු තිදෙනකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලදී.

25,601 views

11 Comments to “මරණ දඬුවම නියම වූ චොකා මල්ලි වෙනුවට ඔහුගේ දියණිය..?”

  1. SL says:

    හූ…..!

  2. පොඩි රාජා කිතුල්ගල says:

    පොහොට්ටු කරයො කියන්නේ පාදඩ මිනීමරුවෝ

    • රතු අලියා says:

      අනේ පලයන් යන්න. 88-89 unp, jvp හවුලේ බුරුතු පිටින් මිනී මැරුවෙ. කෝ නඩු. නඩු නැති නිසා අපි හොඳා….යි.

  3. sunimal says:

    වරදක් කලොත් දඬුවම් කරන්න ඕනේ.මරණයට සිරගත වී ඉන්න සැමදෙනාම කියන්නේ මම මිනිත්තුවක් මේ ගැන සිතුවානම් මට මේ දේ වෙන්නේ නැති බවයි. ඉක්මන් කොටයි කියන්නේ ඒකයි.

  4. Ajith says:

    මිනීමරුවන්ට අපේක්ෂකත්වය දෙමින් මිනීමරුවන් පකිර්මේන්තු යවන රටක් ලෝකේ වෙන කොහෙවත් නැහැ

    • sam says:

      Lankawe chanda dayakin hari buddhimath. Kalin gahen bahapu eka thamai podi seen ekakata thiyenne.

  5. බන්ඩා says:

    මේ මිනිස්සු මිනී මරාගෙන මංත්‍රී වෙන්න දඟලන්නෙ ජනතා සේවයටද?

  6. චොකා මල්ලි උබේ දු පොඩ්ඩ තවම ළාබාල වැඩි දේශපාලනයට. තෝ මේවගේ අමන වැඩක් කරන්න ඉස්සෙල්ලා දෙපාරක් සිතන්න හිතුවේ නැද්ද? එකපාරටම කෙලවලා දමන්නේ නැතිව දැන් කාටද බෝල කෙළවුණේ තොට නේද? ඇතුලේ ඉන්නා විට එක එක දේවල් එක එක සිදුවීම් වෙනකොට මතක් වේවි තෝ මේ කරගත් අපරාදයේ තරම.

  7. බයියා says:

    ප්‍රවෘත්තියේ සඳහන් ආකාරයට, වාසුගේ අදහසින් පැහැදිලි වන්නේ චන්දයෙන් පස්සේ චොකා මලයා ගොඩයන බවයි! මෙය මනාප ගොඩ වැඩිකරගන්න ගහපු බයි-ටයිප් ගේමක් බව පැහැදිලියි!

  8. damian says:

    මෙ පාදඩ ජෙප්පො සහ නිවට යුප්පො + පෑඩ්ඩෝ නීතිය ක්‍රියාත්මක වන විට පරල වෙලා දඟලනව​.
    නිදහස් කළා නම් කියයි ඔන්න ගෝඨා කරන වැඩ ! දැන් අනිත් පැත්ත කියනව​. මේ අපතයො උන් ගෙ පහත් ගතිය ලෝකේට පෙන්නුවා.

    • john the baptice says:

      ^ මෙන්න නාකි වාසුදේව වෙන නමකින් කමෙන්ට් එකක් දාල.