මරණ දඬුවම හිමි වූ චොකා මල්ලිට මැතිවරණයට තරග කිරීමට කිසිම බාධාවක් නෑ..- මැකො කියයි..

August 4, 2020 at 1:20 pm | lanka C news
මරණ දඬුවම හිමි වූ චොකා මල්ලිට මැතිවරණයට තරග කිරීමට කිසිම බාධාවක් නෑ..- මැකො කියයි..

මරණීය දණ්ඩනය නියම කර දැනට බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට මෙවර මැතිවරණයට සඳහා තරග කිරීමට කිසිදු බාධාවක් නැති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

නමුත් ඔහු මැතිවරණ ජයග්‍රහණය කළහොත් පාර්ලිමේන්තුවට පත් කිරීම සම්බන්ධයෙන් නීති උපදෙස් පැතීමට සිදුවන බවද කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සදහන් කළේ ප්‍රේමලාල් ජයසේකර මහතාට අධිකරණය විසින් ලබාදී ඇති තීරණය මැතිවරණය සඳහා බාධාවක් නොවන බවත් ඔහුට රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට හැකියාවක් පවතින බවත්ය.

ඔහු මේ බව සඳහන් කළේ නිවිතිගලදී පැවති ක්‍රියාකාරී හමුවක් අමතමිනි.

790 views

23 Comments to “මරණ දඬුවම හිමි වූ චොකා මල්ලිට මැතිවරණයට තරග කිරීමට කිසිම බාධාවක් නෑ..- මැකො කියයි..”

  1. Nimal R says:

    මිනීමරුවන්ට චන්දෙ දෙන මිනිස්සු ඉන්න රටක් හදන්නේ කොහොමද? මොහුට නාම යෝජනා දීපු එකත් වැරදියි.

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      මේ නීතිනම් වෙනස් වෙන්න ඕනෑ. නැතිනම් මෙහෙම ගියොත් අනාගතයේ පාර්ලිමේන්තුව රැස් වෙන දවසක වැලිකඩ ඉඳන් බස් කිහිපයකින් මරණ දඬුවම නියම වූ මන්ත්‍රීලා ඇමතිලා පාර්ලිමේන්තු එන්න ඉඩ තියෙනවා. මිනිහෙක්ට තවත් මිනිහෙක් මරන්න හිමිකමක් නෑ. මිනී මැරුවා නම් ලැබුණු දඬුවම විඳිය යුතුයි.

      • දේසපාලුව says:

        චන්ඩි හොරු මීනිමරු ස්ත්‍රිදූසක​, ලමා දූසක කුඩු ඩීලර්ලට නාම යෝජනා දීපු රටක් හදන්නේ කොහොමද?
        මෙන්න දේසපාලුවන් ගේ හෙලුව​

        • ජෙප්පා says:

          කැරලි 2ක් ගහලා 90,000ක් මරපු ජෙප්පොත් පාර්ලිමේන්තුවේ ඉන්න එකේ ඕක මකද්ද බන්.
          චෝකාව පාර්ලිමේන්තු තහනම් කලොත් චොකා නඩු දාල ජෙප්පොත් තහනම් කරන්න කියල ඉල්ලයි.
          ඒක නිසා ජෙප්පො සද්ද නෑ.

        • john the baptice says:

          මුට පාර්ලිමේන්තුවට එන්න බෑ. රිමාන්ඩ් එකෙ හිටියොත් විතරයි එන්න පුලුවන්.

    • OLU says:

      මිනීමරුවන්ට දේශපාලනය කිරීමට ඉඩ දෙන ලෝකයේ එකම රට ලංකාවද ? මෙතරම් අපේ රටේ දේශපාලනය පහත් තත්වයකට පත්වුයේ කෙසේද ? මැකෝ කරුණාකර අස්වී ගෙදර යන්න ..පසුගිය කාල වල කොටි ත්‍රස්තවාදී මිනිමරුවොත් දේශපාලනයට පැමිණ ඇමති කම් ලබා ගත් කල මෙය පුදුමයක් නොවේ ..අපේ රටේ සිදුවී ඇති /සිදුවන මෙවැනි සිදුවීම් ගැන ජනතාව බුද්ධිමත්ව සිතා මෙවර ජන්දය දේශහිතෙෂි බුද්ධිමත් සිංහලයින්ට දිය යුතුයි

  2. පී චාං says:

    වැල්ලේ අයට රට බාර නොද‌ෙමු..උන් ජාතියක් ජන්මයක් නැති cultureless අසංස්කෘතික අමන රැලකි.

  3. ත්‍රීවීල් says:

    මේ යන විදියට 2030 වගේ වෙනකොට 225 ම හොරකම් , මිනීමැරැම් , දූෂන වලට වැරදිකාරයො වෙලා වැලිකඩ ඉදලා දියවන්නාවට එන සයිස් එකක් තියෙන්නෙ. එහෙම උනොත් ඒසී බස් 5 ක් දැම්මනං ඇති.
    කාර් පර්මිට් , ඉන්ධන දීමනා ඔක්කොම ඉතුරැයි.

  4. nuwan says:

    එහෙනම් මැ. කො.ත් දන්නවා වෙනස

    • John says:

      නැතුව නැතුව මැකෝ දෙමළ කොටි ඩයස් පෝරාවේ රූකඩයක් ..හොද දැනුමක් තියනවා

  5. Jema says:

    මේ වතාවෙ ගම්පහ නුවර වගේම බදුල්ලත් එක්ක කරට කර තරගයක් දෙනව බුද්ධිමත්ම ජනතාව ඉන්නෙ රත්නපුරේ කියල ඔප්පුකරන්න

  6. බයියා says:

    කා විසින් කා සඳහා නිර්මාණය කරන ලද නිති දැයි පැහැදිලි නැත. කොහොම වුනත්, මේ අපේ රටේ තත්වයයි!

  7. ඕමාන් අපි says:

    එල්ලුම්ගසට නියම වූ මිනීමරුවන්ට පාර්ලිමේන්තු යන්න පුළුවන් වෙයි. රටට ඩොලර් ගෙනෙන ඕමාන් රටෙහි රැකියා කරන ශ්‍රී ලාංකිකයනට මවු බිමට ඒමට ඇති අයිතිය නැති කරලා. තීරණ ගන්නා සියලුදෙනා මර නින්දේ. අහෝ ….. සාධාරණය …………..

    • sunimal says:

      ඕමාන් ඔබේ මුදල් බලේ ..covid 19 යට වෙලා …

      • ලංකාවේ පුරවෙසියෝ says:

        අනේ සුනිමල් කරුණු හරිහැටි තේරුම් නොගෙන යන ගමනින් හැගෙන්නේ ඔබ කාගේ හෝ පස්චාත් භාගයට රස වැටී ඇති බවයි.

  8. T says:

    Mona Wage Ratakda Ape Mauw Bima Kiyanna Kanagatuwa Athi Wenawa. Nitieyak Nahae Tibunath Aeya Kriyatmaka Wenna Asarana Minisun , Dugi Dupattpah Janatawata Pamani. Moka Balayata Awath Ekkai. Patali Champaka Kiyana Minhata Mama Akamathi Unath Awasana Deshapalana Mitime Kiyapy Samahara De Attha. Janadipatathi Tumata Balayak Nehe. Mahinda Ayeth Lesthi Wenne Basil Kiyana Hora Ta Amathikamak Dilaa Parana Horakam Komis Gahili Nawatha Karannai.Dan Athi. HODATAMA Athi. GANNASARA Hamuduru Wan, Amith Werasinghe Wani Ta Canna Daya Denna.

  9. BANGOYYA says:

    අනේ 69 ලක්ෂයක් වූ බයියන්ට වුනු විපතක්. මේ පොර වියත් මගට ගැලපෙනව. කොහොමහරි පාර්ලිමේන්තු යවමු.

  10. bua says:

    i am sorry gota sir. i have changed my mind. you have not fulfilled my expectations. i didn’t ask for personal things.

    i might consider next time but not this time.sorry.