මරණ දඬුවම හිමි වූ චොකා මල්ලිට මැතිවරණයට තරග කිරීමට කිසිම බාධාවක් නෑ..- මැකො කියයි..

August 4, 2020 at 1:20 pm | lanka C news
මරණ දඬුවම හිමි වූ චොකා මල්ලිට මැතිවරණයට තරග කිරීමට කිසිම බාධාවක් නෑ..- මැකො කියයි..

මරණීය දණ්ඩනය නියම කර දැනට බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට මෙවර මැතිවරණයට සඳහා තරග කිරීමට කිසිදු බාධාවක් නැති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

නමුත් ඔහු මැතිවරණ ජයග්‍රහණය කළහොත් පාර්ලිමේන්තුවට පත් කිරීම සම්බන්ධයෙන් නීති උපදෙස් පැතීමට සිදුවන බවද කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සදහන් කළේ ප්‍රේමලාල් ජයසේකර මහතාට අධිකරණය විසින් ලබාදී ඇති තීරණය මැතිවරණය සඳහා බාධාවක් නොවන බවත් ඔහුට රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට හැකියාවක් පවතින බවත්ය.

ඔහු මේ බව සඳහන් කළේ නිවිතිගලදී පැවති ක්‍රියාකාරී හමුවක් අමතමිනි.

790 views

23 Comments to “මරණ දඬුවම හිමි වූ චොකා මල්ලිට මැතිවරණයට තරග කිරීමට කිසිම බාධාවක් නෑ..- මැකො කියයි..”

  1. Makal says:

    සුද්දගෙ නීතිය වෙනස් කරගන්න තාම බැරි වුනා…

  2. Upul says:

    Hmm…….where is this country heading…..? Can someone explain.

  3. deshapremiya says:

    Menee maruwanta parlimenthu enna puluwannam, kudukaarayantath , sthree dushkayanmath……okkotama enna puluwan wenna ona.

  4. Hari says:

    එක නම් ඇත මරණ දඩුවම් නියම අය නිදහස් කරලා තියෙන්නේ

  5. devapriya says:

    රටේ නීති හදන තැන මිනීමරූවොත් ඉන්නවා.නියමයි.