මරණ බිය දැනෙති.. ස්වයංව ලොක්ඩවුන් වෙති.. කොළඹ පාළුවට යයි…

April 30, 2021 at 10:26 pm | lanka C news
මරණ බිය දැනෙති.. ස්වයංව ලොක්ඩවුන් වෙති.. කොළඹ පාළුවට යයි…

කොරෝනා වෛරස ආසාදිතයන් වේගයෙන් ඉහළ යද්දී රටපුරා බොහෝ නගරවල ජනතාව විශාල වශවෙන් අඩු වි ගොස් ඇතැයි වාර්තාකරුවන් කියා සිටිති.

කොළඹ නගරයේ බොහෝ මාර්ගවලද වාහන ගමනාගමනය ඉතා අඩු වී තිබෙනු ඊයේ දිනයේ දක්නට ලැබිණි.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සංචරණ හැකිතාක් සීමා කරන්නැයි සෞඛ්‍ය අංශ විසින් දැඩි අවවාදාත්මක උපදෙස් නිකුත් කර තිබේ.

මේ වන විට ප්‍රදේශ ගණනාවක් පුරා වසා දමා ඇත්තේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහායි.

114,521 views

16 Comments to “මරණ බිය දැනෙති.. ස්වයංව ලොක්ඩවුන් වෙති.. කොළඹ පාළුවට යයි…”

  1. Podi malli says:

    මාස ගානක් ස්වයං වින්දනේ කර කර ඉදලා දැන් ස්වයං ලොක් ඩවුන් වෙලා වැඩක් නෑ …අපේ මිනිස්සුන්ට මොන මගුල උනත් මතක දවස් 14…නටන්න ඕන මගුල් ඔක්කොම නැටුවා අවුරුදු දවස් ටිකේ..

    • ශිරා says:

      ඒව පාලනය කරන්න තමා ආණ්ඩුව කියලා එකක් තියෙන්නේ.
      ආණ්ඩුවටත් තියන ඔක්කොම මගුල් නටන්න ඕනේ.
      මීට වඩා හොදයි සියඹලාණ්ඩුව

      • sehan says:

        geniyi minihayi budiyana eka erenna anith hema ekama anduwen karanna one kiyala hithan inna toyi jeppek

    • Piyal says:

      නෑ නෑ, මිස්ටර් ප්‍රභාකරන් කිව්වේ දවස් 7 යි සිංහලයට මතක කියල.

    • Jepi buster says:

      එහෙම බුද්දිමත් ජනතාවක් ඉද්දි අපේ පොහොට්ටුව තුනෙන් දෙකක් ගත්ත එක පුදුමයක්ද?

      • Assassin says:

        Bayyo toyyo jeppo okkoma ekai bn.rate minissunta banala wadak na moka awath rata ekathana bawa terenna ape unta.

  2. පොඩි එකා says:

    නෑ බං අර ආමි අංකල් එකපාරටම ලොක් කොරයි කියන සැකේට කට්ටිය ගමේ ගියා.
    කොලබ මිනිස්සු නැති උනෙ ඒකයි.
    මතකනෙ ගිය පාර බිස්කට් කකා හිටපු හැටි, අන්තිමට නටපු තොයිලෙත් නෑ බෙරේ පලුවත් නෑ , කැලේ ග්ස් ටිකත් නෑ ඔක්සිජනුත් නෑ පූට්ටුවට මැයි රැලියත් නෑ ඒක අහුවෙනවා ට කොරෝනෙ දාපි

  3. චන්ඩි says:

    අනේ ගෝටාබය මහත්තයෝ අපි ඔයාට චන්දෙ දුන්නේ අපිවත් අපේ රටත් පුළුවන් හැටියට අවංකව යහතින් බලා ගනයි කියලා ඒත් ඔයා දැන් මයිත්‍රී මහත්තයටත් හපන් වෙලානේ දැන් අපි කාවද විශ්වාස කරන්න ඕනේ අපේ රටට අපිට මොකද වෙන්නේ චීන අර්තිකය බල්ලට දාල මේ මිනිස්සුන්ගේ ජීවිත බේර ගන්න මේ රට වහල දාන්න පින් සිද්ද වෙයි අප්පා.

    • තට්ට මෑන් says:

      ඔයා කියන දේ අහලම කොරයි ඒගොල්ලො. තමන්ගෙ අය බලාගන්නවා මිසක් උන්ට මහජනතාව ගැන වගේ වගක් තියෙනවද. කෙල වුනාම ඒගොල්ලො යයි ඇමෙරිකාවට. අපේ උන් ඊලඟ දියසේන එනකම් බලන් ඉඳියි මෝඩ හරක්.

    • බයියා says:

      රට වහැව්වත් කරන්නේ ගෙදර ඉන්න එකනෙ. ඉතිං ගෙදරට වෙලා හිටු

    • Joy says:

      කොරෝනා ලෝක ඩවුන් එකෙන් වාසි චීන වරයා නගරයට ..දැන් ජනතාවට චීන වරාය නගරය අමතකයි ..ඇමතිලා චීන්නුන්ට හම්බන්තොට වැව් හදනවා …අනාගතේදී අපේ රට චීන
      කොළනියක් වේවිද ? චීනෙට අවශ්‍ය ලෙස වරයා නගරයේ ප්‍රශ්න විසදෙයි ..සිංහලයාගේ විනාසය අත ලගය..ඒවාට අවශ්‍ය බලතල අධිකරණ ඇමති ට ලබා දී ඇති බවයි පෙන්නේ ..කොරෝනාවට බයේ මැරෙන්න ප්‍රථමයෙන් පරිසම් වෙයව් …රට බේරාගන්න සිංහලයෝ අවශයි

  4. sama says:

    Some self discipline – at least now – better late than never

  5. Dharshana Abeykoon says:

    ධම්මික බණ්ඩාර වෛද්‍යතුමාගේ ඖෂධය 100% ක් අතිසාර්ථකයි !
    100 % ක් විද්‍යාත්මකයි !
    මුලු ලෝකයටම එකම ආයුර්වේද ඖෂධය පමණයි !

  6. නාරද says:

    නිලධාරිනි, බලධාරිනි,

    අර සිරා වාගේ පස්සේ කියනවා නොවේ මට කෝල් දීලා දැනුවත් කරාම රටම ‌ෂට් ඩුවුන් , ලොක් ඩවුන්, අර සීමා මේ සීමා දාලා නවත්වන්න තිබ්බා කියලා හෙම නොවේ

  7. Sahan says:

    තමන් හිසට තම අතමය සෙවනැල්ල..

Main News