මරණ 60%කින් ආසාදිතයන් 34%කින් ඉහලට.. බිම් මට්ටමේ තත්වය තවත් භයානකයි..

August 18, 2021 at 6:20 am | lanka C news
මරණ 60%කින් ආසාදිතයන් 34%කින් ඉහලට.. බිම් මට්ටමේ තත්වය තවත් භයානකයි..

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

අද වන විට අප රට තුල සීග්‍ර ලෙස ව්‍යාප්ත වන ඩෙල්ටා වෛරස් ප්‍රභේදය පාලනය සඳහා දැඩි ලෙස පුද්ගල සංසරණය සීමා වන පරිදි රට සති කීපයකට වසා දැමිය යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය ලෙස අප මීට කලින්ද ප්‍රකාශ කර ඇත. මේ තත්වය තුල

දිනෙන් දින රටේ සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි ලෙස රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍ර ලෙස වැඩිවෙමින් පවතී. අද වන විට රජයේ සංඛ්‍යාලේඛන අනුව දිනකට මිනිස් ජීවිත 150 ට වැඩි ප්‍රමාණයක් මෙම කොරෝනා ව්‍යසනය විසින් බිලිගන්නා තත්වය තුල ඉතාමත් දැඩි තීරණ ගෙන මෙම තත්වය පාලනය නොකළහොත් ඉදිරියේ තත්වය අතිශය භයානක වනු ඇත. බිම් මට්ටමෙන් ලැබෙන තොරතුරු අනුව අපගේ අදහස සැබෑ ලෙස මෙම අගයන් මීට වඩා වැඩි විය යුතු බවයි.

තීරණ ගැනීම ප්‍රමාද කරන සෑම දිනකම ඩෙල්ටා ප්‍රභේදය සිග්‍ර ලෙස රට පුරා ව්‍යාප්ත වෙමින් රටේ රෝහල් පද්ධතිය අඩපණ කරයි. මේ වන විට සෞඛ්‍ය පද්ධතිය තුල ඇති සම්පත් සීග්‍රයෙන් සීමාකාරී තත්වයට පත්වීම තුල අර්බුධය දිනෙන් දින උග්‍රවෙමින් ඇත.

ආසාදිතයන්ගේ සංඛ්‍යාව 34% කින් පමණ වැඩිවීම, ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන්ගේ සහ දැඩි සත්කාර අවශ්‍ය වන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීම කවරදාකටත් වඩා රෝහල් පද්ධතියට දරාගත නොහැකි මට්ටමට ලඟා වී ඇත. අද වන විට කොරෝනා මරණ 60% කින් වැඩිවී ඇති තත්වය තුල මේ ව්‍යසනයේ බරපතල බව මනාව පැහැදිලි වේ.

මේ සියලු කරුණු සලකා බලා වගකිව යුතු වෛද්‍ය වෘත්තීය සමිතියක් ලෙස තවදුරටත් අප මහජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ ඉදිරි සති දෙකක කාලයේ දී සියලුම අත්‍යවශ්‍ය නොවන ගමන් නවතා තම තමන්ගේ නිවස් වලට සීමාවී රැඳී සිටින ලෙසයි. දිගින් දිගටම වගකිව යුතු අංශ වලින් ඉල්ලීම් කලද ඒවාට ප්‍රතිචාර නොදක්වන තත්වයක් තුල සියලු ජනතාව තමන්ගේ සංචරණයන් දැඩිව සීමා කිරීම තුලින් හෝ ඩෙල්ටා ප්‍රභේදයේ සීග්‍ර ව්‍යාප්තිය පාලනය කිරීමට මේ බැරෑරුම් අවස්ථාවේ දී අප සෑම උත්සාහයක්ම ගත යුතුය.

මේ තත්වය තුල කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයනේ තෘතීයක මට්ටමේ රෝහල් අද වන විට දැඩි අර්බුධකාරී තත්වයකට පත්වී ඇත. එම රෝහල් කොවිඩ් 19 රෝගීන්ගෙන් පිරී යාම හේතුවෙන් එම රෝහල් වලින් කොව්ඩි නොවන රෝගීන්ට සපයන රෝගී සත්කාර සේවාවන් කැපී පෙනෙන ලෙස අඩු වී ඇත. විධිමත් සැලස්මකින් තොරව එම රෝහල් වලට දරාගත නොහැකි ප්‍රමාණයට අධික ලෙස කොවිඩි රෝගීන් ඇතුල් කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස එම රෝහල් වලට පැමිණෙන අනෙකුත් රෝගීන්ද අවධානමට ලක්කර ඇත. එසේම දිනෙන් දින වැඩිවන කොවිඩ් රෝගීන් නිසා එම රෝහල් වල ඇති අනෙකුත් විශේෂිත ඒකක වල රෝගී සත්කාර නියමිත පරිදි පවත්වා ගෙන යාමේ ගැටළුද පැන නැගී ඇත. එම රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට දරාගත නොහැකි තරම් කොවිඩි රෝගීන් ප්‍රමාණයකට සත්කාර කිරීමට සිදුවීම නිසා ඔවුන් අධික වෙහෙසකර තත්වයට පත් වී ඇත. එමෙන්ම එම කාර්ය මණ්ඩල වල සැලකිය යුතු ප්‍රමාණයක් ආසාදිත තත්වයට පත්වීම තුල සේවය ලබාදෙන කාර්ය මණ්ඩල දැඩි ආතතියකට ලක්වී ඇත. මේ තත්වය තුල කොවිඩි නොවන විවිධ රෝගාබාධ ඇති රෝගීන්ට නියමිත ප්‍රතිකාර ලබා ගැනීමේදී සිදුවන දුෂ්කරතා හේතුවෙන් ඔවුන්ගේ ජීවිත අවදානමට ලක්වීම ද බරපතල කාරණයක් ලෙස සැලකිය යුතුය.

රටේ රෝහල් පද්ධතියේ ඉතා වැදගත් ස්ථානයක් ගන්නා කොළඹ ජාතික රෝහල ඇතුළු තෘතීයික රෝහල් වල අද ඇති වී ඇති අර්බුධකාරී තත්වය විසඳීම සඳහා විධිමත් සැලස්මක් අනුව වහාම කටයුතු කල යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය ලෙස අපි දැඩිව අවධාරණය කරමු.

වෛද්‍ය කමල් ඒ. පෙරේරා
ලේකම්
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදය

42,231 views

8 Comments to “මරණ 60%කින් ආසාදිතයන් 34%කින් ඉහලට.. බිම් මට්ටමේ තත්වය තවත් භයානකයි..”

  1. නිර්මාල් says:

    ලවුඩ්ස්පීකර්වලින් උදේ සවස අහල පහල ගෙවල්වල මිනිස්සුන්ට හිරිහැර කිරීමෙන් කොරෝනා මර්ධනය නොවෙන බව පුජ්‍ය / පූජක පක්ෂයට තේරුම් කරලා දෙන්න කවුරුත් නැද්ද ? අද පාන්දර 5 ඉඳන් අපි බැරල් එකක් ඇතුලෙ ඉන්නවා වගේ. හරිම සද්දෙයි

    • Dan says:

      මොන කාළකන්ණියෙක්ද මේ හැම තැනම එක එක නම් වලින් පිස්සෙක් වගේ කොටනවා. ශුවර්එකටම මේක බුදුපිම පොලේ ගහන කල්ලියේ එකෙක් නැත්නම් කොන කපාපු එකෙක් උබට තිබෙන එකම බෙහෙත තිබෙන්නේ ගොන්ජ ලග .

  2. එල්විස් says:

    මුලු රටටම එන්නත ගැසූ පසු……” එන්නතෙන් 100% ක් ආර්ක්ශාවක් නැහ. යම් ප්‍රතිශතයක් ආසාදනයට සහ අසාධ්‍ය තත්වයට පත්වෙන්නත් මරණයට පත් වෙන්නත් හැකියාවක් තියෙනවා.. දැනට මිය යන අය අති බහුතරය ඒ කාන්ඩයේ අයයි”

    …ඕo පසුව කියන එක මේ දැන්මම කීවා.. ඔයාල හැමෝම උපරිම පරිස්සම්වෙන්න..දේශීය ඖෂධ හැම විට පාවිච්චි කරන්න..දුම් පානය, මදුවිත බියර් අල්ලන්නවත් එපා, හොදට නිදාගන්න. ශැහැල්ලුවෙන් ඉන්න, අන්වශ්‍ය ලෙස බියට පත්වන්න එපා.. හැම විටම තමන් කල යහපත් දේ සිහිකර තමාට මෙම රෝගයට මුහුණ දිය හැකි බව තරයේ විශ්වාසය තබා ගන්න.. උතුම්.ස්වභාව ධර්මයේ දහම වන බුද්ධ දර්ශණය තමුන්ගෙ ඇතුලාන්තයෙන් ප්‍රගුණ කරන්න.. ලවුඩ්ස්පීකර් බුද්දාගම සහ මහ හයියෙන් පිරිත් කිවට වැඩක් නැහ. පිරිත් වල ඇති දහම අනුගමනය නොකරයි නම්…..

  3. Jagath says:

    සාටක සාපය,……

  4. Amaris says:

    වෛද්‍යවරයෙකුගේ පරම යුතුකම විය යුත්තේ යහපත් සවුඛ්‍ය සේවාවක් පවත්වා ගෙන ගොස් ජනතාවගේ ජීවිත බේරා ගැනීමට කැපවීමයි. කණගාටුවට කරුණ නම් ලංකාවේ බොහෝ වෛද්‍යවරු දිවි පරදුවට තබා කටයුතු කරන්නේ අසරණ රෝගීන්ගේ දිවි බේරාගැනීමට නොව රජය පෙරලා දැමීමටයි.

    • SL guy says:

      Are you talking about Dr. Padeniya who toppled the previous Government? Don’t you know he is still the Chairman of this council and a very good friend of current government and GR and MR. He will never topple this government. hik.hik…

  5. Jagath says:

    දෙවියන් ට රට බාරදීල තියෙන නිසා ප්‍රශ්නයක් නෑ.

  6. Silva says:

    ජේවීපී කාරයෝ , විපක්ෂයේ ගොබ්බයෝ, ජෝසප් ස්ටාලින් පහුගිය දවස්වල රටපුරාම උද්ඝෝෂණ පෙලපාලි ගිහිල්ලා මුලු රටටම කොවිඩ් පැතිරෙව්වා . මේ එහි ප්‍රතිපල

Main News