මරන දඬුවම නියම වූ චොකා මල්ලිට පාර්ලිමේන්තු යන්න අවස්ථාව..

August 18, 2020 at 10:31 pm | lanka C news
මරන දඬුවම නියම වූ චොකා මල්ලිට පාර්ලිමේන්තු යන්න අවස්ථාව..

මරණීය දණ්ඩනය නියම වී මේ වන විට බන්ධනාගාරයේ රඳවා සිටින පේ‍්‍රමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිට 20 වෙන දා ආරම්භ වන පාර්ලිමේන්තුවට සහභාගි වීමේ අවස්ථාව ලැබී තිබේ.

තමන්ට හිමිවූ මරණ දඬුයමට එරෙහිව අභියාචනා පෙත්සමක් ගොනු කිරීම නිසා මෙම අවස්ථාව ලැබී ඇත.

ඔහු විසින් සිදුකරන ලද අභියාචනය පාර්ලිමේන්තුවට ද යවා ඇති අතර පාර්ලිමේන්තුවේ වේත්‍රධාරියා විසින් ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර ලබාදෙන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබීම නිසා ඔහුට පාර්ලිමේන්තුවට පැමිණිමේ අවස්ථාව හිමි වී ඇත.

පේ‍්‍රමලාල් ජයසේකර මෙවර රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ වැද දෙවැනි ස්ථානයට මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

2015 දී සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ඔහුව වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලදී.

27,291 views

12 Comments to “මරන දඬුවම නියම වූ චොකා මල්ලිට පාර්ලිමේන්තු යන්න අවස්ථාව..”

  1. abaran says:

    Widuli Putuwata yanna Hitapu ekkenath dan othana loku putuwaka neda ?

Main News