මර්වින්ගේ නායකත්වයෙන් අලූත් පක්ෂයක් ඇරඹේ.. ‘මර්වින් ප්‍රතිපත්තිය’ට කැමති අයට ආරාධනා..
November 2, 2017 at 12:40 pm | lanka C news
‘දේශීය ජනතා පක්ෂය’ නමින් නව දේශපාලන පක්ෂයක් මර්වින් සිල්වා හිටපු ඇමතිගේ සභාපතීත්වයෙන් යුතුව පිහිටවූ බව අද දිනයේ ඔහුගේ නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ලැබීය.
පක්ෂ නායක මර්වින් සිල්වා මහතා එහිදී කියා සිටියේ නව දේශපාලන පක්ෂය ආරම්භ කරනු ලැබුවේ සියලු ජාතින් හා ආගම් ආරක්ෂා කර ගනිමින් රට වෙනුවෙන් ඉදිරියට යාමට බවයි.
තම ප්‍රතිපත්තීන්ට කැමති ඕනෑම පුද්ගලයෙකුට නව පක්ෂය හා එක්වීමට ආරාධනා කරන බවද ඔහු එහිදී පැවසීය.
මෙරට පැවති සියලු ආණ්ඩු සම්බන්ධයෙන් තමන් නොසතුටින් සිටින්නේ යයිද කී හිටපු ඇමතිවරයා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින බවද කීය.
රට කඩන බොරු ව්‍යවස්ථාවට තමන් විරුද්ධ බවත් ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.
EKSATH JATHIKA KUDU PAKSHAYA
jayawewa
we are with you
බියර් ඇන්ටිට දණගහලවැන්ද රාජපක්ෂලාගේ සපත්තු ලේවකපු බලයට ආපු හැම කෙනාගේම කුපාඩි වැඩ ඔක්කොම කරට අරන් කරපු මේකාට රෙදි ඇදගෙන අයෙත් මිනිසුන් අතරට ඒමට හැකිද
I am with you Sir.
chanda 2
සෝභිත SMS එවල තියෙනවා මෙයාගේ පක්ෂෙට බැදෙන්න කැමතියි කියල. හැබැයි මැරවියට සෝභිත ඉන්න තැනට යන්න වෙනවා.
දැන්වත් අනුන්ට කහින එක නවත්වලා බෞද්ධකම රැකගන්න, සංස්කෘතිය රැකගන්න කොන්ද කෙළින් තියාගෙන පෙරට එන්න. මේ යන විදියට තව ටිකකාලයක් ගියොත් අපේ සිංහල සංස්කෘතිය විනාශ වෙනවා.
සමහර මධ්‍ය බලන්න බෑ කුණුහරුප. මේවට ගිණිතියන්න ඕන.
ඇත්තටම ඔබවැනි නායකයෙක් රරට අවශ්‍යයි.
api oba samagai