මර්වින් යලි පිටියට.. උතුරු මැද මහ ඇමති අපේක්‍ෂකයා ලෙස මැතිවරණයට…

September 27, 2018 at 6:28 am | lanka C news
මර්වින් යලි පිටියට.. උතුරු මැද මහ ඇමති අපේක්‍ෂකයා ලෙස මැතිවරණයට…

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සශා මැතිවරනයේදී උතුරු මැද පළාත් මහ ඇමති ධුරය සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා තරග කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ සඳහා දැනටමත් ඔහු අනුරාධපුර පොළොන්නරු දිස්ත්‍රික්ක මූලික කරගෙන සංවිධාන කටයුතු පවත්වා ඇති බව ද පැවැසේ.

මැතිවරණයට තරඟ වැදීම සඳහා තමන් විසින් දැනට ටික කලකට පෙර ආරම්භ කරන ලද දේශපාලන පක්‍ෂයක් හිටපු ඇමතිවරයා විසින් තෝරාගෙන ඇති බවද වාර්තා වේ.

හිටපු ඇමතිවරයා දැනටමත් පළාත තුල ආගමික නායකයන්, ප්‍රභූවරුන්, ප‍්‍රාදේශීය දේශපාලකයන් හමුවී සාකච්ඡා කර ඇති බව ද දැනගන්නට ඇත.

උතුරුමැද පලාත් සබාව දැනට විසුරුවා හැර වසරකට වැඩි කාලයක් ගත වන අතර ඉදිරි වසරේදී එය පැවැත් වේ යැයි අනුමාන කෙරේ.

51 views

5 Comments to “මර්වින් යලි පිටියට.. උතුරු මැද මහ ඇමති අපේක්‍ෂකයා ලෙස මැතිවරණයට…”

  1. VIPARAMA says:

    May be a UNP ‘s contract to split the patriotic peoples’ votes. Those intentions would definitely
    not succeed.

  2. නිදහස් says:

    මේ වගේ මිනිහෙක් දේශපාලනයෙ ඉන්න එක රටට, බෞද්ධයාට හොදයි. කියන දේ කෙලින් කියන, කරනදේ කෙලින් කරන මිනිහෙක් මර්වින් කියන්නෙ. පහුගිය කාලෙ වහිනකොට යකඩ කෑල්ල එළියට විසිකරාවගේ මහින්දගෙ ආණ්ඩුවෙ ප්‍රශ්න එනකොට මර්වින් තමයි තුරුම්පුව. ඊට පස්සෙ ප්‍රශ්න අමතකයි මිනිස්සුන්ට. මර්වින් ගැන තමයි කථාව.

    මේ ආණ්ඩුවෙ තුරුම්පුව පුජිත් ජයසුන්දර. ඊට පස්සෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්න අමතකයි. දේශපාලඥයො කථාකරන්නෙ පොලිස්පති ගැන විතරයි.

    මර්වින්ට අපි කියන්නෙ කාගෙවත් අතකොළුවක් නොවී මහජනතාව වෙනුවෙන් දේශපාලනය කරන්න කියල. නැත්තම් අපේ ඡන්දත් ඔබතුමාට නැතිවෙයි.

  3. GA says:

    Ha…haaa
    At last succeed
    Yana thanaka
    Natte idala
    Asuchee gagane nativa
    Rattata. Vadkarala
    Inna

  4. sinha le says:

    මහජාතියට අපි සැම විටම තැන දිය යුතුය

Main News