මර්වින් සිල්වා කතරගම එජාප සංවිධාය ධුරයට..? වැඩිහිටිකන්දේ බාර වී ගමන අරඹයි..

March 22, 2019 at 3:00 pm | lanka C news
මර්වින් සිල්වා  කතරගම එජාප සංවිධාය ධුරයට..? වැඩිහිටිකන්දේ බාර වී ගමන අරඹයි..

හිටපු ඇමති මර්වින් සිල්වා මහතා මෑත දිනයකදී කතරගම වැඩිහිටිකන්ද පුදබිමට ගොස් භාර වී පුද පූජා පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වේ.

මර්වින් සිල්වා මහතා එක්සත් ජාතික පක්ෂයේ කතරගම ආසන සංවිධායක ලෙස පත් කිරීමේ සූදානමක් තිබීම මීට හේතුව බවද සදහන් වෙයි.

ඒ සම්බන්ධයෙන් වන මුලික සාකච්ඡා පැවැත්වී ඇති බවද එජාප ආරංචි මාර්ග කියයි.

මේ හේතුවෙන් මර්වින් සිල්වා මහතා කතරගම ප්‍රදේශයේ තම ක්‍රියාකාරකම් වැඩි වශයෙන් යොදා ගෙන ඇති බවද දැනගන්නට ඇත.

මෑතක සිට මර්වින් සිල්වා මහතා විපක්ෂයටත් ජනාධිපතිවරයාටක් විවිද විවේචන ඉදිරිපත් කරමින් අගමැතිවරයා ඇතුළු එජාපය වර්ණනා කරනු දක්නට හැක.

145 views
Main News