මරාගෙන මැරුණ බෝම්බකරුවන් සමගින් ඉන්දීය, ඇෆ්ගන්, මාලදිවයින් ජාතිකයන් තිදෙනෙක්..

May 2, 2019 at 8:40 am | lanka C news
මරාගෙන මැරුණ බෝම්බකරුවන් සමගින් ඉන්දීය, ඇෆ්ගන්, මාලදිවයින් ජාතිකයන් තිදෙනෙක්..

පාස්කු ඉරිදා දිනයේ රට පුරා එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයන් සඳහා විදේශීය ජාතිකයන් තිදෙනෙකු ද සම්බන්ධ වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඇෆ්ගනිස්ථාන ජාතිකයෙක්, මාලදිවයින් ජාතිකයෙක්, සහ ඉන්දියන් ජාතිකයෙකු මෙම ප්‍රහාරකයන් සමග ඍජු සම්බන්ධතා පවත්වා ඇති බවට පරීක්ෂණවලින් තොරතුරු හෙළි වී තිබේ.

ඔවුන් ප්‍රහාර සඳහා නායකත්වය දුන් සහරාන් නමැත්තා සමඟ සමාජ ජාලා ඔස්සේ සම්බන්ධ වී සිටි බවටද කරුණු හෙළිදරව් වී ඇත.

තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු වන ‘මොහොමදු හස්තෑන්’ නමැත්තකු විසින් 2018 වසරේ ඔක්තෝබර් මාසයේදී නුවරඑළිය හා මාතර ප්‍රදේශවල මෙම සාමාජිකයින් සඳහා පුහුණු වැඩමුළු පවත්වා ඇති බවද හෙලිව ඇත.

බෝම්බ පිපිරීම් මාලාවට මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට පුහුණු වැඩමුළු පවත්වා ඔවුන් දිරිමත් කර ඇතැයිද තොරතුරු අනාවරණය වී තිබේ.

6 views

2 Comments to “මරාගෙන මැරුණ බෝම්බකරුවන් සමගින් ඉන්දීය, ඇෆ්ගන්, මාලදිවයින් ජාතිකයන් තිදෙනෙක්..”

  1. Sun says:

    There are loopholes in the immigration department and need some one to handle it. Lot of criminals hanging in the country without any legal documents..

  2. Shi Kau says:

    Immigration? Customs and Sri Lankan Ground Handling staff agent to Ground handling manger are corrupt, pays blind eye to people passing through the airport border. They are all directly or indirectly connected with money sharing.

Main News