මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, බෝම්බ ඇතුලු ආයුධ රැසක් හමුවේ…

November 25, 2021 at 2:20 am | lanka C news
මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, බෝම්බ ඇතුලු ආයුධ රැසක් හමුවේ…

යාපනය කොඩිකාමම් පොලිස් වසමට අයත් මන්දුවිල් ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබියදී එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, බෝම්බ ඇතුල ආයුධ රැසක් ගොඩට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

මන්දුවිල් උතුර ජේ. 346 ග්‍රාමයේ පිහිටි ඉඩමක් හිමිකරු විසින් ඊයේ සවස එලිපෙහෙලි කරමින් සිටියදී පොළව යට වලදමා තිබූ ප්ලාස්ටික් බැරලයක් හමු වී ඇති අතර පසුව එය පරික්ෂා කිරීමේදී එහි ආයුධ ඇති බව දැන ඒ පිළිබඳව කොඩිකාමම් පොලීසියට සහ 52 සේනාංකයේ යුදහමුදා කඳවුර වෙතුට දැනුම්දීමට ඉඩම් හිමියා විසින් පියවර ගනු ලැබීය.

අනතුරුව අදාල ස්ථානයට යුදහමුදාව සහ පොලීසිය පැමිණ වලදමා තිබූ ආයුධ සහිත බැරලය ගොඩට ගැනීමට පියවර ගත් අතර එහි තිබූ ආයුධ රැසක් සොයාගෙන ඇති අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රයෝජන සඳහා වලදමා ඇති බවටත් දිගුකලක් වලදමා තිබීම හේතුවෙන් ආයුධ බොහෝ සෙයින් දිරාපත්ව තිබූ බවටද පොලීසිය පැවසීය.

එහිදී වලදමා තිබූ , මරාගෙන මැරෙන බෝම්බ 07 ක්, කිලෝ 30 ක වෙඩි බෙහෙත් යෙදූ කෘතිම බෝම්බ කෑන් 2 ක්, අධි බලැති ක්ලෝමෝ බෝම්බ 03ක්, යුදටැංකි නාශක අධිබලැති පීඩන බෝම්බ 03 ක්, පුපුරණද්‍රව්‍ය කිලෝ 08 ක්, පුද්ගලනාශක බෝම්බ 23 ක්, ෆියුස් 23ක්, ආර්.පී.ජී. බෝම්බයක් සහ චාර්ජර් බෑග් එකක්, මිලිමීටර් 81 මෝටර් උණ්ඩයක්, ටී.56 මැගසින් 03 ක්, ටී.56 පතුරම් 517 ක්, බාර් ඇන්ටිටෑන්ක් එකක්, වයිර් මීටර් 14 ක්, විදුලි නොවන ඩෙටනේටර් එකක්, හෝල්ඩර් 2ක්, පී.07 මාර්ක් 01 බ්‍රවුන්ඩින් 04 ක් මේ අතර වනවා.

සොයාගත් යුද උපකරණ තොගය අධිකරණ නියෝගයකින් පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවට පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

30,174 views

3 Comments to “මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, බෝම්බ ඇතුලු ආයුධ රැසක් හමුවේ…”

  1. Please keep it back in the stores …🤣🤣😅😅😅🤣🤣😂
    Patta pada show….

  2. දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා says:

    බලකාය වැඩ පටන් අරන් වගේ.. ඡන්ද ය කවදා වගෙද දන්නේ නැහැ. මේ යන විදියට ඊළඟ පාර පූට්ටුව ගොඩ දාන්න නම් න්‍යශ්ටික බෝම්බ දෙක තුනක් වත් සෙට් කරන්න වෙයි මයේ හිතේ.

  3. තිස්ස කක්කුස්සි ආරච්චි says:

    ඡන්දේ ඇවිල්ලා…..

Leave a Comment

Main News