මරික්කාර් ලේන්සුවක් එලාගෙන හිගාකන්න සූදානම්..
November 6, 2018 at 6:48 pm | lanka C news
මුදලට තමන්ගේ දේශපාලන පක්ෂ මාරු කරනවාට වඩා ආසනයේ ලේන්සුවක් එලා ගෙන හිගා කෑවානම් ජනතාව කීයක් හරි ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ සුඛිත පුරවර ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 28 සහ 48 ප්රතිපාදනයෙන් කාපට් අතුරා සංවර්ධනය කරන ලද කොටිකාවත්ත කුමාරපේලි මාවත සහ වැල්ලම්පිටිය හල්මුල්ල මාවත ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට එක්වෙමින්ය.
“අපි හෘද සාක්ෂියත් එක්ක ජීවත් වෙනවා නම්.අපිට ඡන්දය දුන් ජනතාවගේ ගෞරවය රැක ගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ.ඉතින් මන්ත්‍රීවරුන්ට මුදල් ලබා දෙන්න උත්සහ කරන එක තුච්ඡ නින්දිත ක්‍රියාවක්.
ඒ වගේම සල්ලි ගන්න එකාත් ආත්මයක් නැති කෙනෙක්. මේ හොර සල්ලි කලු සල්ලි අරගෙන ගිහින්.ඊට පස්සේ ඒවායින් දරු මුණුපුරන්ට කන්න දෙන්නේ කොහොමද කියලා. ඒ සල්ලි අරගෙන රෑට නිදාගන්නේ කොහොමද දන්නේ නෑ. ඒ සල්ලි අරගෙන තමන්ට ඡන්දය දුන්නු ජනතාවගේ ගෞරවය නැති කරලා,ඒ මිනිස්සුන්ගේ මූණ බලන්නේ කොහොමද කියලා මට නම් තේරෙන්නේ නෑ.
ඊට වැඩිය හොදයි ඔය සල්ලි ටික ගන්නේ නැතිව තමන්ගේ ආසනයේ ටවුන් එක මැද වාඩිවෙලා ලේන්සුවක් එලා ගෙන හිටියානම් ජනතාව කීයක් හරි දෙයි.”
– මිනුර රෂාන්ත
Manushata Deal katha karane methuma kiyalnam awunata api danwa.
කොහොමත් මූ අග හිඟ එකානේ . ඒ නිසා හිගාකන්නම වෙනව.
Meka kohomath Hingannek thamai…………………….elanna deyak nehe…………Kalakanni wasalaya…………