මරිජුවානා ගහන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවෙදි චෙක් කළොත් අහුවෙනවා.. ඇමති කුඩුකාරයන් ගැන රන්ජන් ලගින්ම ඉගි කරයි..

February 17, 2019 at 10:32 pm | lanka C news
මරිජුවානා ගහන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවෙදි චෙක් කළොත් අහුවෙනවා..  ඇමති කුඩුකාරයන් ගැන රන්ජන් ලගින්ම ඉගි කරයි..

පාර්ලිමේන්තුව සැලකෙන්නෙ උත්තරීතර ස්ථානයක් ලෙසය. සමාජයක් ශිෂ්ට ලෙස පවත්වාගෙන යෑමට නීති සම්පාදනය කරන්නෙ එතැනය. එවැනි තැනක සිටින මැති ඇමැතිවරුන් පවා කොකේන් නමැති මත්ද්‍රව්‍ය භාවිත කරන බව චෝදනා කළේ රන්ජන් රාමනායක ඇමැතිවරයාය. චෝදනාව බරපතළය. කරුණු කාරණා තවදුරටත් දැනගැනීමට අපි රන්ජන් රාමනායක අමාත්‍යවරයා සමග මෙසේ කතා කළෙමු.

ප‍්‍රශ්නය – පාර්ලිමේන්තුවෙත් කොකේන් භාවිත කරන මැති ඇමැතිවරු සිටින බව ඔබ කළ ප‍්‍රකාශය බොහොම බරපතළ ප‍්‍රකාශයක්. ඔප්පු කරගන්න පුළුවන් කතාවක්ද ඔබ මේ කිව්වෙ

පිළිතුර -ඇත්තෙන්ම ඒක එක කණ්ඩායමකට ඉලක්ක වුණ ප‍්‍රකාශයක් නෙවෙයි. නමුත් මම ඉතා අවධාරණයෙන් කියනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයො වෙනුවෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයො ඉන්නවා. ක්ලබ් වලට ගිහින් ලක්ෂ ගණන් වියදම් කරල අන්තිමේදි කැෂිනෝත් ගහල තමයි මේ අය පහුවදා පාර්ලිමේන්තුවට එන්නෙ.

ප‍්‍රශ්නය – කොහොමද ඔය චෝදනාව ඔප්පු කරන්නෙ

පිළිතුර – ඒක ඉතාම සරලයි. රෑ එළිවෙනකන් ක්ලබ් වල ලැගලා පාර්ලිමේන්තුවට ඇවිත් මර්ජුවානා ගහල වගේ ඇස් රතු කරන් බුදියගෙන ඉන්නෙ ඔය එහෙම අය තමා. වැඩිය ඕන නෑ පාර්ලිමේන්තුවට ඇතුල් වෙද්දි දියුණු රටවල වගේ මත්ද්‍රව්‍ය භාවිත කරලද නැද්ද කියල චෙක් කරන්න ක‍්‍රමවේදයක් හදන්න. එතකොට කිසි ප‍්‍රශ්නයක් නැතිව මගේ චෝදනාව ඔප්පු කරන්න පුළුවන්. හෙමත් බැරිනම් ලෝකයේ දැන් දියුණු වෛද්‍ය පරීක්ෂණ ක‍්‍රම තියනවා පුද්ගලයෙක් කොකේන් වැනි මත්ද්‍රව්‍ය ජීවිත කාලය තුළදී භාවිත කරල තියනවද නැද්ද කියල තහවුරු කරගන්න. ඒ වගේ පරීක්ෂණයක් පාර්ලිමේන්තුවෙ කළා නම් ගොඩක් අයගෙ සුදු පිරුවට ගැලවිලා තිත්ත ඇත්ත එළියට එයි.

ප‍්‍රශ්නය – ඔය තරම්ම විශ්වාසයක් තියනවනම් ඔබේ චෝදනාවට ලක්වන මේ පිරිස කව්ද කියල හෙළි නොකරන්නෙ ඇයි

පිළිතුර -මේ කරන්නෙත් හෙළි කිරීමක් තමයි. පරීක්ෂණ වලට හානියක් නොවන විදියට මේ වගේ කාරණා හෙළි කළ යුතු සීමාවක් තියනවා. එහෙම නොවුණොත් එකේ වාසිය යන්නෙත් ජාවාරම් කාරයන්ටමයි. දැන් මධුෂ් ඩුබායි වලදි අත්අඩංගුවට පත්වුණාට පස්සෙ ෆේස් බුක් වගේ සමාජ ජාල වලින් ඒ ගැන විවධ තොරතුරු පළවුණ එකෙන් සිදුවුණේ ඔවුන්ගෙ මෙහෙ ගෝල බාලයෝ බඩු හංග ගත්ත එක. ඒකනෙ කුඩු කිරන තරාදියක් වගේ පොඩි පොඩි දෙවල් විතරක් හම්බවුණේ. එහෙම නොවුණානම් මීට වඩා වැඩි දෙයක් එක්ක ඔය ජාවාරම් කාරයො කොටුකරගන්න තිබ්බා. මට ලැබෙන තොරතුරු අනුව ඔය ඩුබායි අත්අඩංගුවේ ඉන්න 31 දෙනාට අමතරව තව ව්‍යාපාරිකයො කිහිප දෙනකුත් ඩුබායි යන්න ඉඳල තියනවා. ඔවුන් තමන්ගේ බිරින්දැවරුන්ටත් එක්කම ඩුබායි වීසා ඇප්ලිකේෂන් දාල තියනවා. හැබැයි අන්තිම මොහොතෙ මධුෂ්ගේ වැටලීමත් එක්ක ගමන නවතිනවා. ඒ අය මොකටද යන්න හැදුවෙ. කොහේටද කියල හොයල බැලූවනම් පහසුවෙන්ම වැඬේ අල්ලගන්න පුළුවන්.

ප‍්‍රශ්නය – සමාජයේ ප‍්‍රභූන් ලෙස පෙනී සිටින පිරිසක් තමයි මේ සමාජ ව්‍යසනයෙ බළල් අතක් ලෙස කි‍්‍රයාත්මක වන බව ඔබේ ප‍්‍රකාශවලින් හැෙගන්නෙ

පිළිතුර – ඔව් එක මම මෙහෙම කියන්නම්. පහුගිය කාලේ වතු කම්කරුවන්ගේ වැටුප 1000 කරන්න කියල බොරුවට හොටු පෙරාගෙන ඒ වෙනුවෙන් පෙනී හිටපු අයත් මගේ චෝදනාවට ලක්වෙන පිරිස අතර ඉන්නවා. ඒ වගේම මේ මත්ද්‍රව්‍ය ජාලය බලවත් වගේම ධනවත්. ප‍්‍රභූන් ඒ අතර ඉන්නවා. පසුගිය කාලේ මහා පරිමාන කුඩු ජාවාරමේ යෙදුන ඇමරිකන් පාස්පොට් හොල්ඩස්ලා දෙන්නෙක් එස් ටී එෆ් එකට කොටුවුණා. මේ අයට නවාතැන් දුන්නෙ විශාල ව්‍යාපාරිකයෙකුගේ හෝටලයක අය කිරීමකින් තොරව. රංගන ශිල්පියෙක් පස්වතාවක් ගිහින් මේ ජාවාරම්කරුවන් දෙන්නව හම්බවෙලා තියනවා. රංගන ශිල්පීන් විතරක් නෙවෙයි ක‍්‍රීඩකයන් ආගමික නායකයන් මේ ජාලයට සම්බන්ධයි.

ප‍්‍රශ්නය – ආගමික නායකයන්……

පිළිතුර – බොහොම දුකයි කියන්න. ඒක තමා ඇත්ත. ආගමික ස්ථාන වල ප‍්‍රධානම දයකයා විදියට පෙනී ඉන්න පුද්ගලයෙක් මේ ජාවාරම් එක්ක සම්බන්ධයි. ඔහු තමයි පල්ලියේ ලොකුම පිළිමය හදන්නෙ. පන්සලේදි කරඬුව හිස උඩ තියාගෙන වඩම්මන්නෙත්. බොහෝ දේශපාලකයන්ගේ වෙඩින් වල සම්පූර්ණ බිල ගෙවල තියෙන්නෙ මේ පුද්ගලයා. මාධ්‍ය ආයතන වලටත් උදව්කර තිබෙන බව තොරතුරු ලැබී තියනවා. කව්ද කියල හිතාගන්න

ප‍්‍රශ්නය – මේ තරම් කරුණු තිබිලත් ඇයි පොලිසියට පැමිණිලි නොකරන්නෙ. පොලිසිය ගැන විශ්වාසයක් නැතිද

පිළිතුර -බය වෙන්න එපා. දැන් වැඬේ යනවා. ලතීෆ් මහත්තයයි එස් ටී එෆ් එකයි ගැන මට ලොකු ගෞරවයක් තියනවා. එෆ් සී අයි ඞී එකට පැමිණිලි කිරීම වැඩක් තියෙයිද කියල දෙපාරක් හිතන්න වෙනවා. පරීක්ෂණ යට ගහන්න මුදල් ගත්තා කියල රවී විද්‍යාලංකාර මහත්තයට චෝදනා රැසක් ආවනෙ.

ප‍්‍රශ්නය – මධුෂ්ගේ සිද්ධියේදි වරදකරුවන් වන පිරිස ලංකාවට

නොගෙන්වා ඩුබායි වලදිම ඔවුන්ට දඩුවම් ලබා දීමට ඉඩ හැරිය යුතුයි කියල සමාජ ජාල ඔස්සෙ මේ රටේ පුරවැසියන් අදහස් දක්වා තිබෙනවා. මහජන නියෝජිතයෙක් විදියට මේ සම්බන්ධව ඔබේ අදහස කුමක්ද

පිළිතුර -එම අදහසත් සමග මම පූර්ණ වශයෙන් එකගයි. දුර්වල මිනිස්සු හමුවේ තමයි ලංකාවෙ නීතිය උපරිමය කි‍්‍රයාත්මක වෙන්නෙ කියල මිනිස්සු හිතනවා. ඒකයි එහෙම අදහස් පළවෙන්නෙ. මොකද හාල්මැස්සො ඇල්ලූවට තෝරු මෝරු අල්ලන්නෙ නෑ කියල මිනිස්සු හිතනවා. කුඩු නඩු වලට පෙනී සිටීමෙන් නීතිඥ වරුන්ට විශාල මුදලක් හම්බකරගන්න පුළුවන්. මධුෂ් ලංකාවට ගෙන්වා ගත්තොත් ඔහු වෙනුවෙන් පෙනී සිට ඔහුව බේරා ගැනීමට ජනාධිපති නීතිඥයන් පිරිසක් දැනටමත් පිඹුරුපත් හදන් බලන් ඉන්නවා. ඉතින් ඩුබායි වලදි දඩුවම් ලබාදීම ගැන මිනිස්සු විශ්වාස තබන එක සාධාරණයි. එහෙ නීතිය අනුව දඩුවම් කරන එක තමා වඩා හොඳ.

ප‍්‍රශ්නය – මැද පෙරදිග ගෘහ සේවිකාවන් සම්බන්ධ ගැටලූ වලදි ඔබ මැදිහත්ව ඇති නිසා එරට නීතිය ගැනත් ඔබට යම් අදහසක් ඇති. කුමක් වෙයිද

පිළිතුර -මෙහම දෙයක් තියෙනවා. ඩුබායි වගේ රටක් වැඩිපුරම ගන්නෙ ආයෝජකයන්ගේ පැත්ත. හඬක් නැති දුප්පතාගේ පැත්ත නෙමෙයි. මොකද ඔවුන් දන්නවා මුදල් තියෙන්නෙ ඔවුන් අතේ කියල. ඒ නිසා ආයෝජකයන්ට හිරිහැර කරන්නෙ නෑ. ඔවුන් දන්නවා තමන්්ගෙ රටේ බැංකු වලට මේ වගේ මුදල් එන්නෙ කොහොමද කියල. වගේ මුදල් හම්බකරන්නෙ කොහොමද කියල. හැබැයි ඔවුන් නොදන්නවා වගේ ඉන්නවා. මොකද ඒ ජාවාරම් කරුවන් හදිස්සියේවත් මැරුනොත් ඒ මුදල් ඒ රටේ බැංකුවට හිමිවෙනවා.

ප‍්‍රශ්නය – මධුෂ් සමග අත්ඩංගුවට පත්වූවන් අතර අමල් පෙරේරා, රයන් ඇතුළු රියැලිටි තරුවලින් බිහි වූ ගායකයන් කිහිප දෙනකුත් සිටිනවා. පොදුවේ ඔවුන් හඳුන්වන්නෙ කලාකරුවන් ලෙස. ඔබත් කලාකරුවෙක්. ඉතින් මේ කලාකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නෙ නැද්ද

පිළිතුර -ඇත්ත. මා සමග හිතවත් අය මේ. එකට සාද වලට ගිය ගීත කිව්ව සොඳුරු මිනිස්සු. ප‍්‍රශ්නය හරිම සංවේදියි. නමුත් ඒ කියල මේ රටේ ළමා පරපුර විනාශ කරන කුඩු වෙනුවෙන් මට පෙනී සිටින්න බෑ. මම මෙතනදි ගන්නෙ මේ රටේ පීඩිත පන්තියේ පැත්ත. ඔවුන්ගේ කලා හැකියාව වෙනම කාරණයක්. හොඳ යාළුවෝ. නමුත් ඒක සමාවට කරුණක් නෙවෙයි. අපි බලා ඉමු.. තාම වැරදි වල ස්වාභාවය තහවුරු වෙලා නෑ.

තිස්ස ගුණතිලක
– divaina

20 views

6 Comments to “මරිජුවානා ගහන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවෙදි චෙක් කළොත් අහුවෙනවා.. ඇමති කුඩුකාරයන් ගැන රන්ජන් ලගින්ම ඉගි කරයි..”

  1. Kamal says:

    සුදු පිරුවට කාරයා කියල ගොන්ජා නොකියා කියන්නෙ ආලාපාලු රනවකටද?

    • මැති මරිජුවානාව says:

      මොටද කුඩු ගායක අරක් ගත් දෙයියෝ
      රටම විනාශ කරතියි කුඩ්ඩන් දෙයියෝ
      වඳ කර කුඩ්ඩන්ව අට රියනේ දෙයියෝ
      බේරාගමු මතු පරපුර කුඩෙන් දෙයියෝ

  2. Niru says:

    His pastime is to blame some one. He is a saint and others are Judas. Despite all these allegations he is yet to name some names. He doesn’t have the guts to do it if any what he says is true.
    Remember just after the election the idiot took a tv crew to a temple and claimed MR built a luxury room for his personal use there. It was a damn lie. He is a number one donkey just like the rest of unp members

  3. sahan says:

    NIGHT CLUB GIHIN LAKASA GANAN WIYADAM KARANA,
    GONJA ME NOKIYAA KIYANNE. NAREEN BANDARA, GENA NEDA?

  4. sahan says:

    NIGHT CLUB GIHIN LAKASA GANAN WIYADAM KARANA,
    GONJA ME NOKIYAA KIYANNE. NAREEN BANDARA, GENA NEDA?

  5. ගන්ජ බන්ඩා says:

    ගොන්ජ තැන නොතැන නොබලා මොනව කිව්වත් මේ කතාවට නම් මිනිහගෙ කටේ මසුරන් දමන්න ඕනෑ.

Main News