මරුටි කාර්වල නම් යන්න බෑ.. කොන්ද රිදෙනවා.. ජනතා සේවයට ලක්‍ෂ 400ක සැප වාහන ඕනෑමයි..

March 12, 2017 at 4:40 pm | lanka C news
මරුටි කාර්වල නම් යන්න බෑ.. කොන්ද රිදෙනවා.. ජනතා සේවයට ලක්‍ෂ 400ක සැප වාහන  ඕනෑමයි..

කොන්ද කඩගෙන මරුටි කාර් එකක ගොස් ජනතා සේවය කරන්නට බැරි බවත් ඒ සදහා ලක්‍ෂ 300-400ක ෆෝවීල් ජීප් රථයක් අත්‍යවශ්‍ය බවත් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

ඇමතිවරුන් 12ක් සදහා කෝටි 50ක වාහන ගෙන්වීමට රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පල කරමින් ඔහු මේ බව කීවේය.

163 views
Main News