මලකෑ යන්ත‍්‍ර පණඑයි.. අපේ රටේ කඩදාසි හැදේ.. ‘ශ‍්‍රීපත්’ නමින් වෙලදපලේ..

August 3, 2020 at 1:20 pm | lanka C news
මලකෑ යන්ත‍්‍ර පණඑයි.. අපේ රටේ කඩදාසි හැදේ.. ‘ශ‍්‍රීපත්’ නමින් වෙලදපලේ..

‘වාලච්චේන කඩදාසි කම්හලට නැවත පණ දීම’ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය වන සෞභාග්‍යයේ දැක්ම තුළ අන්තර්ගත කොට ඇති ‘මේ රටේ ඇති හැකියාවන් උද්දීපනය කළ යුතුය’ යන්නට හො`දම නිදසුනක් සපයා තිබෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

ඊයේ (02* පැවති ‘ශ‍්‍රීපත්’ ඃ යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි’ යන සන්නාමය යටතේ වාලච්චේන කඩදාසි කම්හලේ ප‍්‍රථම කඩදාසි තොගය වෙළ`දපොළට මුදාහැරීමේ රාජ්‍ය උත්සවයේ දී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා එසේ පැවසීය.

එහි දී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සදහන් කළේය.

‘‘මේ අවස්ථාව ලැබුණාම මට බොහොම සතුටක් වගේම එක්තරා ආකාරයකට සංවේගයක් ද ඇති කරනවා. ශිෂ්‍යයෙක් හැටියට සිටියදී මට මතකයි පාසලෙන් වාලච්චේන කඩදාසි කම්හලේ ක‍්‍රියාකාරීත්වය බලන්න රැුගෙන ගියා. මෙය ගොඩක් දුර බැහැරක ගමනක් නිසා මට එම අවස්ථාව මඟහැරුණා. කොහොම නමුත් මේ කම්හල ගැන අනිකුත් ශිෂ්‍යයන් මා සමඟ කතා කළා. පසුව 1977 ශ‍්‍රී ලංකා පරිපාලන සේවයට ඇවිත් මුලින්ම රාජකාරිය කරන්න පටන් ගත්තම එතැන හිටපු නිලධාරි මහත්මයෙක් කිව්වේ ‘සර් බොහොම පරිස්සමෙන් කඩදාසි පාවිච්චි කරන්න. කඩදාසි අපිට අඩුයි’ කියලා. ඒ කාලෙ ලියුම් කවරය අනිත් පැත්ත හරවලා සකසා ගෙන අපි ලියුම් යවලා තියෙනවා. එහෙම කළේ, අපිට තියෙන සම්පත් සුරැුකීමට අවශ්‍ය නිසා. විදේශ විනිමය අපට තිබුණේ නැහැ. විදේශ විනිමය අපිට පාවිච්චි කරන්න තිබුණේ ඉතාමත් අත්‍යවශ්‍ය දේවල්වලට පමණයි.

‘අපිට පුළුවන් දේවල් නිපදවන්න අවශ්‍යයි’ කියන යුගයේ තමා අපි රාජ්‍ය සේවයට ආවේ. එතැන් සිට දශක ගණනාවක් පසු කරලා නොයෙකුත් දේවල් පිටරටින් ගෙනෙන කාලයක් පසු කරමින් ආපු මට අද ජාතික කඩදාසි සමාගම නැවත පණ ගන්වලා, එහි පළමු නිෂ්පාදන දකින්න ලැබීමම එක්තරා විදිහක සිහිනයක් සැබෑ වීමක්. ගරු අමාත්‍යතුමනි, ඒ ගෞරවය ඔබට ලැබෙන්නම අවශ්‍යයි.

අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතා පැහැදිලිවම දරන මතයක් තියෙනවා, ‘අපිට මේ රටේ කරන්න පුළුවන් දේවල් සියල්ල අපි කළ යුතුයි‘ කියන පදනම උඩ තමයි එතුමා රාජ්‍ය පාලනය කරන්නේ. මේ කාරණය අමතක කළොත් සදහටම අපිට වෙන්නේ පිටරටට ණය වූ, පිටරටෙන් යැපෙන අපේම දක්ෂතාවන් සියල්ලම යටපත් කරගත් ජාතියක් වෙන්න. මම හිතන්නේ ශ‍්‍රී ලාංකේය ජාතිය එවැනි අවාසනාවන්ත ජාතියක් නොවෙයි.

යකඩ ගොඩක් පරණ යකඩ මිලදී ගන්න සමාගමකට විකුණන්න තිබුණු අවස්ථාවක, ‘මෙය කරන්න පුළුවන්’ කියන ඒ ධෛර්යවන්ත හැඟීම ඔබතුමා ඇතිකර ගැනීමත් අපේ ජාතියේ වාසනාවක්. ඒ ගැන මට තිබෙන්නේ හරිම සතුටක්. මෙහි තිබෙන ධාරිතාවත් මෙහි තිබෙන ශක්‍යතාවත් බැලූවාම අපට වුවමනා කරන ලිපිද්‍රව්‍ය නිපදවීමේ හැකියාව මේ සමාගමට තියෙනවා. මම සභාපතිතුමන්ට සුබ පැතුම් පිරිනමනවා, මේ විශාල කර්තව්‍යය මෙයින් නවත්වන්නේ නැතුව තවත් ඉදිරියට ගෙන යන්න.

මා ඉතා ආසාවෙන් පාවිච්චි කරන දෙයක් තමයි පරිගණකය. කොපමණ පරිගණකය පාවිච්චි කළත් හැකි සෑම අවස්ථාවකම අපේ අත යන්නේ පෑනත් සමග කඩදාසියකට. මේ ලෝකයේ ස්වභාවය ඒකයි, පැරණි දේ් යළිත් පැමිණෙනවා. ඒ නිසා කොතරම් පරිගණක තාක්ෂණය දියුණු වූවත්, අපිට කඩදාසිය අවශ්‍යමයි.
මේ රටට කඩදාසි ආශ‍්‍රිත විවිධාකාර උවමනාවන් තිබෙනවා, ඒ සියල්ල සැපිරීම, වසරකට රුපියල් බිලියන සියයක් රැුක දෙමින් ඔබතුමා විශාල කාර්මික විප්ලවයක් පටන් ගත්තා වෙනවා. 1970 රජය එවැනි කාර්මික විප්ලවයක් පටන් ගත්තා. ලෝහ භාණ්ඩ සංස්ථාව, ලංකා වානේ සංස්ථාව, කඩදාසි සංස්ථාව වැනි දේවල් ගොඩනගමින් ඇවිත් එක් යුගයක දී අපි මේ සියල්ලම අබලි ද්‍රව්‍ය වෙන්නට අත හැර දමලා තියෙනවා.

අපිට මේ සමහර දේවල් මිත‍්‍ර රටවල්වලින් ලැබුණේ. ඛනිජ තෙල් අපි නිතරම පාවිච්චි කරන දෙයක් නිසා යන්තමින් බේරුණත් 1964 ඉරානයෙන් ලැබුණු ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අද සපුගස්කන්දේ තියෙන ඒ යන්ත‍්‍ර සූත‍්‍රත් අබලි ද්‍රව්‍යවලට තමයි විකිණෙන්න තිබුණේ. අපි අවාසනාවන්ත යුගයකට ගියා. මට මතකයි 70 දශකයේ දී ලෝහ භාණ්ඩ සංස්ථාව හදපු හැදි ගෑරුප්පු පවා ඉතාමත් ඉහළ තත්ත්වයක පැවතුණු බව පිටරටින් පැමිණි අය පවා පිළිගත්තා. එවැනි විශාල හැකියාවක් සහිතව අපේ කර්මාන්ත තිබුණා.

ඒ වගේම මෙයින් උද්පාදනය වන රැුකියාවන් තුළින් බොහෝ පවුල් ජීවත් වෙනවා. ඒ පවුල් නැවත වරක් පණ ගන්වලා ජීවත් කරවන්නට ගරු අමාත්‍යතුමාත් ජාතික කඩදාසි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් උත්සාහය ගැන අපේ ගෞරවනීය ආචාරය පුද කළ යුතුයි. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම තුළ සඳහන් ‘මේ රටේ තිබෙන හැකියාවන් නැවත උද්දීපනය කළ යුතුය’ යන්නට හොඳ නිදසුනක් ඔබ මේ ජාතික කඩදාසි සංස්ථාව නැවත පණ ගන්වමින් පෙන්නුවා.’’

මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙම අවස්ථාවට සුභාසිංශන එක් කරමින්

‘‘අපි ප‍්‍රාර්ථනා කළේ මෙවැනි තත්වයක්. අපි දශක ගණනක් සිහින මැවුවේ, මේ රටේ ඒකාග‍්‍රතාව සහ නිෂ්පාදන ශක්තිය දැකලා කොහොමද ස්වාධීන වෙන්නේ, කියලයි. මා පුරාවිද්‍යාව සහ ඉතිහාසය පිළිබඳව කටයුතු කරන වෘත්තිකයෙක්.

අපි අපේ ජීවිත පරදුවට තබලා පර්යේෂණ කටයුතු සිදු කරලා, දැනුම නිෂ්පාදනය කරලා සෑම වේදිකාවකම කිව්වේ, ‘අපට අවුරුදු දහස් ගණන් පැරණි පෞඪත්වයක්, අභීතභාවයක්් තිබෙනවා. එය ළගා කර ගන්නා තුරු අපට දෙපයින් නැගීසිටීමට බැහැ’ කියලයි.

අපි දැන් පටන් අරන් තිබෙනවා, අවුරුදු දහස් ගණනක් අපේ මුතුන්මිත්තන් කළ ශ‍්‍රී විභූතිය දෙස නැවත හැරිලා බලලා ඒ සමෘද්ධිය, විභූතිය යළි අත්පත් කර ගැනීමට. ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්තිය’ සාම්ප‍්‍රදායික දේශපාලන ප‍්‍රතිපත්තියක් නොවෙයි ප‍්‍රායෝගික වැඩපිළිවෙළක්, මේ අලූත් දේශපාලන සංස්කෘතිය යථාර්ථයක් බව හ`ගවන්නට අපේ ගරු විමල් වීරවංශ ‘ඇමතිතුමා’ යන වචනයේ අර්ථයට පරිසමාප්ත අර්ථයක් ලබා දීලා, අද ජාතිය නඟා සිටුවීමට අවශ්‍ය කරන වැඩ පිළිවෙලේ පළමු වෙඩි මුරය තබා තිබෙනවා. අපි හෘදයාංගම ලෙස ඔබට සුභාසිංසනය කරනවා. සියලූ ඇමතිවරු මේ කාර්යය ආදර්ශයක් හැටියට අරගෙන රට ගොඩනැගීමට අවශ්‍ය කරන බලය ලැබුණායින් පසුව වැඩ කරන්නය කියා ඉල්ලනවා.’’

ශ‍්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති දිලාන් පෙරේරා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික අනිල් කාරියවසම්, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති ඉංජිනේරු ජනක රත්නකුමාර මහත්වරු ද මෙම ජාතික කර්තව්‍යයට සුභාශිංසන එක් කළහ.

මෙහි දී ‘ශ‍්‍රීපත් – යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි’ යන සන්නාමය යටතේ ටොන් 40කින් යුතු ප‍්‍රථම කඩදාසි තොගය වෙළඳපොළට මුදා හැරීම සනිටුහන් කරමින් විශේෂ සමරු ඵලකයන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සහ අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන්ට පිළිගැන්වීම ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා විසින් සිදු කරන ලදී. එසේම මෙම ටොන් 40ක කඩදාසි තොගය මෙරට මුද්‍රණ ක්ෂේත‍්‍රයේ නියුතු සමාගම් කිහිපයක් විසින් මිලදී ගැනීම සංකේතවත් කරමින් ඔවුනට ද ‘විශේෂ සමරු ඵලක’ පිළිගැන්වීම සිදු විය.

ඒ අනුව පේපර් කොම් ටේ‍්‍රඩින් කොම්පැනි සමාගමේ සභාපති සාකීර් කබුර්දීන්, රන්පත් පේපර් (පුද්* සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිරූන් බුද්ධසිරි, ආනන්ද ටේ‍්‍රඩින් කම්පැනි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජානමුත්තු ආනන්දන්, කැමිලස් පබ්ලිකේෂන් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ගයාන් පෙරේරා යන මහත්වරු මෙම විශේෂ සමරු ඵලක ලබා ගත්හ.

ස්තූති කතාව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ඒ රංජිත් මහතා විසින් සිදු කරන ලදී.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

7,645 views

24 Comments to “මලකෑ යන්ත‍්‍ර පණඑයි.. අපේ රටේ කඩදාසි හැදේ.. ‘ශ‍්‍රීපත්’ නමින් වෙලදපලේ..”

  1. sunimal says:

    පිටරටින් සිනි ගෙන්වීමද නතර කරමු

  2. kkuruwita says:

    රටට ජයවේවා !!!!!!!!!!!

  3. අපේ රට says:

    මට මතකයි පාසලෙන් වාලච්චේන කඩදාසි කම්හලේ ක‍්‍රියාකාරීත්වය බලන්න රැුගෙන ගියා. 70 රජය එවැනි කාර්මික විප්ලවයක් පටන් ගත්තා. ලෝහ භාණ්ඩ සංස්ථාව, ලංකා වානේ සංස්ථාව, කඩදාසි සංස්ථාව වැනි දේවල් ගොඩනගමින් ඇවිත් එක් යුගයක දී අපි මේ සියල්ලම අබලි ද්‍රව්‍ය වෙන්නට අත හැර දමලා තියෙනවා .70 දශකයේ දී ලෝහ භාණ්ඩ සංස්ථාව හදපු හැදි ගෑරුප්පු පවා ඉතාමත් ඉහළ තත්ත්වයක පැවතුණු බව පිටරටින් පැමිණි අය පවා පිළිගත්තා. එවැනි විශාල හැකියාවක් සහිතව අපේ කර්මාන්ත තිබුණා. ගරු විමල් වීරවංශ ‘ඇමතිතුමා’ වචනයේ අර්ථයට පරිසමාප්ත අර්ථයක් ලබා දීලා, අද ජාතිය නඟා සිටුවීමට අවශ්‍ය කරන වැඩ පිළිවෙලේ පළමු වෙඩි මුරය තබා තිබෙනවා. අපි හෘදයාංගම ලෙස ඔබට සුභාසිංසනය කරනවා. සියලූ ඇමතිවරු මේ කාර්යය ආදර්ශයක් හැටියට අරගෙන රට ගොඩනැගීමට අවශ්‍ය කරන බලය ලැබුණායින් පසුව වැඩ කරන්නය කියා ඉල්ලනවා.’’

    • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

      හුගක් කර්මාන්තශාලා ජෙප්පෝ පිච්චුවා.
      ශානපතියන් මිනිස්සු හූරා කන නිසාලු එහෙම කලේ.
      හැබැයි අන්තිමට උනේ රස්සා නැති නිසා ගෑනු මැදපෙරදිග වහල් සේවයට ගිය එකයි.

  4. Hitan says:

    Great work
    Best wishes Mr weerawansha
    No 01 from colombo

  5. Samarakone says:

    ගරු කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතාට ජයවේවා!

  6. Sil Maani says:

    Lalaiyata Thawama Lankawe Sil redi Tikawath Gahaganna Kalpnaawak Awe Nathai ?

  7. කමල් says:

    තවත් අපේ රටේ කල හැකි සහ කරන දෙයක් සමයි තොරතුරු තාක්ෂණය. ගොඩක් වෙලාවට රජයේ ඉහල නිලධාරීන් කොම්පියුටර් කියන එක තමයි දන්නේ හැබැයි තොරතුරු තාක්ෂණය කියන එක දන්නේ නැහැ. දන්නවා වාගේ රගපානවා. මෙකෙන් ප්‍රයෝජන ගත්ත ඉන්දියාව, කොරියාව වාගේ රටවල සොත්ත කොම්පැණි ඇවිත් සමහර විට රටවල් වලට සවාරියකුත් දීලා හොඳ ගානක් අපේ රටෙන් කපා ගෙන යනවා. නොමිලේ භාවිතා කල හැකි මෘදුකාංග පැත්තට යොමුවීම වලක්වන සමහර කොම්පැණි අධ්‍යාපනය පැත්තෙන් අල්ලගෙන ඉදිරියට යමින් රට පහලට හෙලමින් අපේ මුදල් උරාබොන අනාගතයේදී උරාබීමට සැලසුම් සකස් කර අවසන්. මේකට නියෝජතායතයේ අයත් වගකිව යුතුයි. පොලෙවේ පය ගහපු තොරතුරු තාක්ෂණයක් ඡන්දයෙන් පසුව වත් හදමු.

Main News