බෞද්ධ මුදුන් මල්කඩ අස්ගිරි, මල්වතු මහනාහිමියන් හමුවී අගමැති දුන් පිළිතුරෙන් මාධ්‍යවේදීන් උඩුකුරුඤ්ඤං.. [Video]

December 24, 2016 at 10:13 pm | lanka C news
බෞද්ධ මුදුන් මල්කඩ අස්ගිරි, මල්වතු මහනාහිමියන් හමුවී අගමැති දුන් පිළිතුරෙන් මාධ්‍යවේදීන් උඩුකුරුඤ්ඤං.. [Video]

එදා සිංහල රජ දවසේ පටන් සිටි රටේ පාලකයින්ගේ අති මහත් ගෛවරවයටත් වන්දනාමානයටත් ලක් වූ අස්ගිරි හා මල්වතු පාර්ශවයේ මහා නායක හිමිවරුන් යහපත් රාජ්‍ය පාලනකයන් උදෙසා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදි.

එදා සිට රාජ්‍ය පාලකයින් අස්ගිරි හා මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වරින් වර බැහ දකිමින් රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලදී.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ චානාරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රි සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහ දැකීමට ගොස් ඇති අතර උන්වහන්සේලා රටේ සෑම ජනකොටසක්ම ඉතා ඕනෑකමින් බලා සිටින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු රාශියක් අගමැතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

එහිදි උන්වහන්සේ දෙපලම ඉතා ඕනෑකමින් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ 1978දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් සහ ඊට පෙර සිට ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්ට අනුව ශ්‍රීලංකාව තුල බෞද්ධාගමට හිමි මුල් තැන මෙන්ම බෞද්ධාගම රැක බලා පෝෂණය කිරීම ආණ්ඩුවේ වගකීමඛ් ලෙස සැලකිය යුතු බවත් ශ්‍රී ලංකාව ඒකිය මෙන්ම භෞමික අඛණ්ඩතාවය ආරක්ෂාකරන වගන්තීන්වලට පටහැනිවන සේ කිසිත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අලුතින් එක් නොකරන ලෙසත්ය.

පලාත් සභා සඳහා බලය බෙදීමේදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉහත මූලික කරුණු හෝ එහි අන්තරයට මෙන්ම දැනට ක්‍රියාත්මක වෙන සමගාමී ලැයිස්තුවන් බැහැරව කිසිදු කරුණක් හෝ සංශෝධනය කිරීමක් නොකළ යුතු බවද උන් වහන්සේලා අවධාරණය කර ඇත.

කෙසේ වෙතත් මහා නායක හිමිවරුන් බැහර දැකීමෙන් අනතුරුව එලියට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය විසින් අසන ලද කරුණුවලට පිලිතුරු දෙමින් ඉතා සරලව පවසා සිටියේ උන්වහන්සේලා තමන්ට බුද්ධං සරනං ගච්චාමි, ධම්මං සරනං ගච්චාමි, සංඝ සරණං ගච්චාමි යයි කියූ බවයි. මහනායක හිමිවරුන් විසින් අගමැතිවරයාට ලබා දුන් යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍ය විමසිමේදි අගමැතිවරයා පැවසුවේ ආවාහම හැමදාම ලියුම් උන්වහන්සේලා ලබා දෙන බවයි.

රටට අතිශයින් වැදගත් වූ කරුණ වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මහ නායක හිමිවරුන්ගේ මතය වැඩක් නැතිවාද, එම කාරණා මහනායක හිමිවරුන්ගේ විෂය පථයට අදාළ නැතිද යයි එහි සිටි මාධ්‍යවේදීන් එකිනෙකා හා විමතිය පල කලහ.

77,818 Viewers

15 Comments to “බෞද්ධ මුදුන් මල්කඩ අස්ගිරි, මල්වතු මහනාහිමියන් හමුවී අගමැති දුන් පිළිතුරෙන් මාධ්‍යවේදීන් උඩුකුරුඤ්ඤං.. [Video]”

  1. සිංහල බෞද්ධයා says:

    රනිල් වික්‍රමසිංහ කවදාක්වත් සිංහල කතාකරන මිනිස්සුන්ටවත් ගරුතර මහා සංඝරත්නයටවත් ගරු කරන්නේවත් සලකන්නේ වත් නැත, බුද්ධාගමේ පොත පත පරිශීලනය කරන බව ඇත්ත වුවත් එය කියවන්නේ ආගමික හෝ ජාතික හැගිමකින් නොවන බව ලගින් ඇසුරු කරන්නන් හොඳින්ම අවබෝධ කොට ගෙන ඇත, එබැවින් ඔහු අගමැති නිසා තමයි මාධ්‍යට ඔහොම වත් සලකන්නේ බැරිවෙලාවත් ජනාධිපති වුනා නම් සියලු දෙනාට බටලන්ද සරණං ගච්චාමි තමයි කියන්න වෙන්නේ.

    • janaka says:

      අනේ යන්න වික්කම සිංහ යන්න තමුන් දන්නේ රට පර දේශක්කාරයන්ට විකුනන්න විතරයි

      • Yahapala says:

        “උද්දච්ච කම ඒ වචන කිහිපයෙන්ම පෙනේ”.
        මේවට දඩුවන් ලැබෙන කාලය වැඩි ඈතක නොවේ.
        මහනායක හිමිවරු මින් එදිරියට රනිල්ට හමුවීම් නොදිය යුතුය.
        කනිෂ්ට හිමි නමකට කතාකර යන්න හරිය යුතුය.

  2. maha mathi says:

    Methumaa pansil aran. Boru kiyanne naha. e unata kata wakkada wage. rata sahajeewanayata vinaa sinhalayata nove. Kumura paalu unath muuda yata karanna hari hapanaa. Dan ithin h ata deke sarana pamanayi.

  3. ගමරාල says:

    ඔය ඉතින් රටක අගමැතිවරයෙක් රටේ වත්මන් තත්ත්වය ගැන දීපු උත්තරේක හැටි…. හැම දෙයක්ම විහිළුවට ගනන් අරන්…

    • Ganarala says:

      Äs a PM he Must have Self respect to things he is Talking . This idiot always think and behave äs Clown in the perloment. God bless the Country and batalanda saranai gachchami. We Must Hit our Self for foolish work we Done.

    • Thisara says:

      But we are the idiots who sent this unsuitable joker to parliament

  4. maha mathi says:

    මෙතුමා පන්සිල් අරන් . බොරු කියන්නේ නැහැ . ඒ උනාට කට වක්කඩ වගේ . රට සහජීවනයට විනා සිංහලයට නොවෙයි . කුමුර පාලු උනත් මුදට යට කරන්න හරි හපනා . දැන් ඉතින් ලක්ෂ හැ(ඇ) ට (62) ta දෙකේ සරණ පමණයි

  5. වික්කම සිංහ says:

    හාමුදුරුවෝ බුද්ධං සරනං ගච්චාමි කියන කොට මම අප්පුඩියක් ගැහුවා.
    ධම්මං සරනං ගච්චාමි කියන කොට මම අප්පුඩියක් ගැහුවා.
    සංඝ සරණං ගච්චාමි කියන කොට මම අප්පුඩියක් ගැහුවා.

    හමුදුරුවෝ මං හරී ශෝක් කිව්වා. ඔහොම කරගෙන යන්න කිව්ව​.

  6. Nareen says:

    Janathaava gonaata anduve LICHCHAVEE saranan gachchaami kiyala neda? Ath dannam KOSOL rajathumaage sihina sabaa vee gena ena bava nam penennta thiyenavaa vage.

  7. gajaba says:

    මේකෙන් ප්‍රදර්ශනය වෙන්නේ මෝඩකම ….අගමැති උනාට මොලේ බාලනේ

  8. pina says:

    haminiyan meka…walakajjatama….penedA..DA MEKAGE… UDDACHCHA KAMA….

  9. pimpi says:

    pin raja….politics jokers la…kawada widawai da…un kala ..kee de…banga weyaw

  10. pina says:

    haminiyan meka…walakajjatama….penedA..DA MEKAGE… UDDACHCHA KAMA….,,,

  11. දිලීප says:

    පුජා වට්ටි අරන් එන දේශපාලකයන්ගෙ බෙටි මිරිකන, බඩගෝස්තරවාදී මහනායක උන්දැලාගෙන් රටට ඇති වැඩක් නැත.

Main News