මල්වතු-අස්ගිරි උස් අසුන් රාමඤ්ඤ-අමරපුර මිටි අසුන් පැනවීමට දැඩි විරෝධය පායි.. රාමඤ්ඤ සංඝ සභාවෙන් ජනපතිට සැරට අමතයි..
March 29, 2019 at 3:50 pm | lanka C news
මහනුවර දළදා මාලිගාව පරිශ්‍රයේදී පැවැති ත්‍රිපිටකාභිවන්දනා උත්සවයේ දී මහනායක හිමිවරුන්ට ආසන පනවා තිබූ ආකාරය අතිශයින්ම විනය විරෝධී හා සදාචාර විරෝධී බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව පවසයි.
එම සංඝ සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් මේ බව දැනුම් දී තිබේ.
ශාසනික ව්‍යවහාරයක් නොදන්නා නිළධාරීන් පිරිසක් විසින් එම විකෘතිය සිදුකර ඇති බවද ඔවුනට විරුද්ධව පියවරක් ගත යුතු බවද ලිපියේ සඳහන් වෙයි.
භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ආසන පැනවීම සම්බන්ධයෙන් විනය පිටකයේ සඳහන් වන බවත් ඒ අනුව ප්‍රමුඛස්ථානය දිය යුත්තේ උපසම්පදා ගණනින් වැඩිහිටි හිමිවරුන්ට බවත් එසේ නොමැතිව රහත් භික්ෂූන් වහන්සේ නමකටවත් මුල් අසුන් හිමි වන්නේ නැති බවත් ලිපියේ දැක්වේ.
එම බුද්ධ නීතිය නොතකා එදින අසුන් පනවා තිබූ ආකාරය ගිහි-පැවිදි හැමදෙනාටම පිළිකුලට හා උපහාසයට යොමු වූ බව දක්නට ලැබුණේ යැයි ද ලිපියේ තව දුරටත් සඳහන් වේ.
රාමඤ්ඤ නිකායේ හා අමරපුර නිකායේ මහ නායක හිමිවරුන්ට මිටි අසුන් පනවා උන් වහන්සේලාට වඩා අඩු වස් ගණනක් සහිත මල්වතු අස්ගිරි පාර්ශව දෙකේ නා හිමි දෙනමට වේදිකාවේ උස් අසුන් පනවා තිබීම මෙම තත්වයට හේතු වූ බවද ලිපිය මගින් පෙන්වා දෙයි.
මෙම අවකල් ක්‍රියාව ජනාධිපති වරයාගේ කීර්ති නාමයට පවා මහත් කැලලක් සිදුවූ බවද ලිපියේ වැඩි දුරටත් සදහන්ය.
මෙම ක්‍රියාවට වගකිව යුතු නිලධාරීට එරෙහිව කටයුතු නොකරන්නේ නම් රාමඤ්ඤ හා අමරපුර නිකායන් එක් වී ශාසනයේ ගෞරවය වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ලිපියෙන් අවධාරණය කර ඇත.
මේ සිද්ධිය හෙළා දැකිය යුතුයි. මේ වැඩේ නිසැකවම අස්ගිරි මල්වතු නායක උන්නාන්සේලා දැනුවත්ව වුණ දෙයක්. මේ ගැන ජනාධිපතිතුමාට කියලා වැඩක් නෑ. පැවිදි පක්ෂයේ අකටයුතුකම්වලට දේශපාලනඥයොත් යටයි. අමරපුර හා රාමඤ්ඤ මහානායක හිමිවරුන්ට කළ මේ මදි පුංචිකම එම නිකායයන්හි අනෙක් හාමුදුරුවරුන්ටත් එම පන්සල්වල දායක කාරකාදීන්ටත් කළ නින්දාවක්. අස්ගිරි මල්වතු දෙපාර්ශවය තවමත් කුල භේදය, උඩරට පාතරට භේදය වගේ යල් පැන ගිය වැඩවසම් සම්ප්රදායයන් කර තියාගෙන ඉන්නේ. මෙය නිල රාජ්‍ය උත්සවයක් නිසා තමන්ට නිල වශයෙන් ලැබිය යුතු ගරුත්වය නොලැබෙන බව පෙනී ගියානම් අමරපුර හා රාමඤ්ඤ මහානායක හිමිවරුන්ට තිබුණේ සහභාගිවීම ප්‍රතික්ෂේප කිරීමයි. මේ කාලයේ අස්ගිරි මල්වතු පන්සල්වලට බුදුහාමුදුරුවො ආවත් වැද්ද ගන්නේ නෑ. ඒ මොකද බුදුහාමුදුරුවො සුනීත, සෝපාක වගේ අඩු කුලේ එව්වන්ට මහණකම දුන්න හින්දා. බලයට පත්වුණාම මැති ඇමතිවරුත් ගිහින් මේ අයට වැඳලා ඒ අයගේ අවවාද අනුශාශනා ඉල්ලනවා ලැජ්ජා නැතිව.
Silwathun miti asunwala sitiyadi pansil wath nethi dennek us asunwala sitina apuruwa. Lejjai hello.
mahanayaka cheewaradario enna hinda thamai mewage pahath dewal wenne.
Usa – Miti Case Ekak neda ? Sajiyage Ge wadak Wenna Barida ?