මල්වතු-අස්ගිරි උස් අසුන් රාමඤ්ඤ-අමරපුර මිටි අසුන් පැනවීමට දැඩි විරෝධය පායි.. රාමඤ්ඤ සංඝ සභාවෙන් ජනපතිට සැරට අමතයි..

March 29, 2019 at 3:50 pm | lanka C news
මල්වතු-අස්ගිරි උස් අසුන් රාමඤ්ඤ-අමරපුර මිටි අසුන් පැනවීමට දැඩි විරෝධය පායි.. රාමඤ්ඤ සංඝ සභාවෙන් ජනපතිට සැරට අමතයි..

මහනුවර දළදා මාලිගාව පරිශ්‍රයේදී පැවැති ත්‍රිපිටකාභිවන්දනා උත්සවයේ දී මහනායක හිමිවරුන්ට ආසන පනවා තිබූ ආකාරය අතිශයින්ම විනය විරෝධී හා සදාචාර විරෝධී බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව පවසයි.

එම සංඝ සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් මේ බව දැනුම් දී තිබේ.

ශාසනික ව්‍යවහාරයක් නොදන්නා නිළධාරීන් පිරිසක් විසින් එම විකෘතිය සිදුකර ඇති බවද ඔවුනට විරුද්ධව පියවරක් ගත යුතු බවද ලිපියේ සඳහන් වෙයි.

භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ආසන පැනවීම සම්බන්ධයෙන් විනය පිටකයේ සඳහන් වන බවත් ඒ අනුව ප්‍රමුඛස්ථානය දිය යුත්තේ උපසම්පදා ගණනින් වැඩිහිටි හිමිවරුන්ට බවත් එසේ නොමැතිව රහත් භික්ෂූන් වහන්සේ නමකටවත් මුල් අසුන් හිමි වන්නේ නැති බවත් ලිපියේ දැක්වේ.

එම බුද්ධ නීතිය නොතකා එදින අසුන් පනවා තිබූ ආකාරය ගිහි-පැවිදි හැමදෙනාටම පිළිකුලට හා උපහාසයට යොමු වූ බව දක්නට ලැබුණේ යැයි ද ලිපියේ තව දුරටත් සඳහන් වේ.

රාමඤ්ඤ නිකායේ හා අමරපුර නිකායේ මහ නායක හිමිවරුන්ට මිටි අසුන් පනවා උන් වහන්සේලාට වඩා අඩු වස් ගණනක් සහිත මල්වතු අස්ගිරි පාර්ශව දෙකේ නා හිමි දෙනමට වේදිකාවේ උස් අසුන් පනවා තිබීම මෙම තත්වයට හේතු වූ බවද ලිපිය මගින් පෙන්වා දෙයි.

මෙම අවකල් ක‍්‍රියාව ජනාධිපති වරයාගේ කීර්ති නාමයට පවා මහත් කැලලක් සිදුවූ බවද ලිපියේ වැඩි දුරටත් සදහන්ය.

මෙම ක‍්‍රියාවට වගකිව යුතු නිලධාරීට එරෙහිව කටයුතු නොකරන්නේ නම් රාමඤ්ඤ හා අමරපුර නිකායන් එක් වී ශාසනයේ ගෞරවය වෙනුවෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බවද ලිපියෙන් අවධාරණය කර ඇත.

70 views

26 Comments to “මල්වතු-අස්ගිරි උස් අසුන් රාමඤ්ඤ-අමරපුර මිටි අසුන් පැනවීමට දැඩි විරෝධය පායි.. රාමඤ්ඤ සංඝ සභාවෙන් ජනපතිට සැරට අමතයි..”

  1. චූලාවුසෝ says:

    (1)මෙම ක‍්‍රියාවට වගකිව යුතු නිලධාරීට එරෙහිව කටයුතු නොකරන්නේ නම් රාමඤ්ඤ හා අමරපුර නිකායන් එක් වී මාෂනයේ ගෞරවය වෙනුවෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බවද ලිපියෙන් අවධාරණය කර ඇත. >>>>>>

    එවේලේ කට වහගෙන වාඩිවෙලා ඉඳලා, දැන්ද කහින්නේ ගිහියෝ උසුළු විසුළු කළාට පස්සේ?

    (2)ශාසනික ව්‍යවහාරයක් නොදන්නා නිළධාරීන් පිරිසක් විසින් එම විකෘතිය සිදුකර ඇති බවද ඔවුනට විරුද්ධව පියවරක් ගත යුතු බවද ලිපියේ සඳහන් වෙයි. >>>>>>

    එහෙනම්, තවම කියෙව්වේ නැතෙයි “විහාර දේවාලගම් පණත”? ඒකේ තියෙන ඒවයින් බාගයකටත් වැඩිය බුද්ධ නීතියට පටහැනි දේවල්. අනේ මගෙ කට…!

  2. simion says:

    හපෝයි..අපේ හාංදුරුවනේ…ඔයි ඕකුන්වහන්සේලා බාන උඩරට අති උසස් කුල, අති ශ්‍රේෂ්ඨ, රදල උන්නාන්සේලා නොවැ…ඒ වගේ තල්මස්සු අස්සේ රිංගන්න ගුහින් ඔබවහන්සේලාම තමා කොලේ ඉරාගෙන තියෙන්නේ…මම නම් කියන්නේ ඒ තියලා තිබ්බ පුටු දෙකත් උස මදි…අර සර්කස්කාරයෝ පාවිච්චි කොරන, කකුල් තව අඩි පහක්වත් උස පුටු තිබුනා නම් තමා හොඳ…උස නම් උසස් කුලේ, මිටි නම් පහත් කුලේ තියරියට හොඳට ගැලපෙනවා…..

  3. saranath says:

    me himiwarun athara gattana athi kirimata hitha matha karana dewal. himiwaru me welawe sansunwa kriya karanna one. nathinam nikayan athara mthabeda athiwiya hakiyi. mewa karana ayata awashya waneda eyayi.

  4. Janaka says:

    ආන්න හරි හාමුදුරුවනේ… මුන් හිතාගෙන ඉන්නේ බුද්ධාගමත් විකුණාගෙන කන්න…

  5. hansika says:

    Why did the two monks give the high seats to the seniors. That is the Sanga tradition. The two from Malwatte and Asgiri are also to blame for this ugly deed

  6. Love nature says:

    අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශයක්

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.

  7. Ariyathilaka says:

    ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ
    මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ
    අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ
    හානා හීය පානා අඬ හැරෙන් දැනේ

    ගොඩැල්ලේ තරම දැන ගෙන ළිඳ කපනූ
    බොරැල්ලේ තරම දැන ගෙන උඩ පනිනූ
    කඩුල්ලේ තරම දැන ගෙන වැට බඳිනූ
    තමුන්ගේ තරම දැන ගෙන කල් හරිනූ මහා සංඝ රත්නයට අගෞරව කළ කිරීම උරුමය කරුමයක් වීමට හේතු විය හැක. අසත්පුරුස කමක මහත! මෙවා කවුරු කළත් විපාකය ඇස් පනාපිට විදීම ඒකාන්තය. කිරි මුට්ටියට දෙවූ සැටියේම මිදෙන්නේ නැත. මිදුණු පසු වෙනස් කළ ද නොහැක. මුල් ස්වාභාවයට හෝ වෙනස් භාවයකට පත් කළ නොහැක. කර්මයද ඒ ලෙස පැසීම් බවට පත් වූ විට වෙනස් කළ නොහැකි බව බුදු රදානෝ වදාළහ.

  8. Ariyathilaka says:

    ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනේ
    මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ
    අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ
    හානා හීය පානා අඬ හැරෙන් දැනේ~~

    ගොඩැල්ලේ තරම දැන ගෙන ළිඳ කපනූ
    බොරැල්ලේ තරම දැන ගෙන උඩ පනිනූ
    කඩුල්ලේ තරම දැන ගෙන වැට බඳිනූ
    තමුන්ගේ තරම දැන ගෙන කල් හරිනූ ~~ මහා සංඝ රත්නයට අගෞරව කළ කිරීම උරුමය කරුමයක් වීමට හේතු විය හැක. අසත්පුරුස කමක මහත! මෙවා කවුරු කළත් විපාකය ඇස් පනාපිට විදීම ඒකාන්තය.

  9. උච්චාසයන මහාසයනා අ…වේරමණී සික්කා පදං සමාදියාමී!

    අසන පැනවුම : ඇති උතුම් සුදතුම් පිය අණ පරිදිය.

  10. David Milli-banda says:

    This is a caste issue.This is nothing new.
    Sometime ago in the past, there were two ques for worship.

    One queue for Govigama Buddhists & the other for the lower caste buddhist.
    Gale Viharaya, now Rankoth Viharaya eveolved and the Amarapura Nikaya was formed as a result.
    It was Panadura Dias, Perera & Rodrigo families that provided funds for the non- Govigama Buddhist priests to go to Burma to get trained.

Main News