මල්වතු-අස්ගිරි නාහිමිවරු හමුවී අගමැති උදහස් වුණු හේතුව හෙලිවේ.. නාහිමිවරුන් අගමැතිට දුන් ලිපි දෙක මෙන්න..

December 26, 2016 at 9:20 am | lanka C news
මල්වතු-අස්ගිරි නාහිමිවරු හමුවී අගමැති උදහස් වුණු හේතුව හෙලිවේ.. නාහිමිවරුන් අගමැතිට දුන් ලිපි දෙක මෙන්න..

මල්වතු-අස්ගිරි මහ නාහිමමිරුන් බැහැ දැකීමට ගිය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට නව ව්‍යවස්ථාව සදහා යෝජනා කර ඇති කරුණු සම්බන්ධයෙන් උන් වහන්සේලා විසින් විරෝධය පල කර තිබේ.

එසේ විරෝධය පල කරමින් මහ නාහිමිවරුන් විසින් අගමැතිවරයා වෙත බාර දෙන ලද ලිපි මෙහි දැක්වෙයි.

මෙම හමුවවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අගමැතිවරයා අදහස් පල කලේ මාධ්‍යවේදීන් පවා විමතියට පත් කරමිනි.

20 views

16 Comments to “මල්වතු-අස්ගිරි නාහිමිවරු හමුවී අගමැති උදහස් වුණු හේතුව හෙලිවේ.. නාහිමිවරුන් අගමැතිට දුන් ලිපි දෙක මෙන්න..”

  1. amal kolambage says:

    Finally this proves Wimal is correct. Malwathu himi finally has agreed that there is a huge risk.

  2. PoorCitizen says:

    Sorry.com

  3. daham says:

    dan oba wahanse me lipiyen kiyana deval bohomahak malwathu naa himiyani eda wimal weerawansa oba wahanse hamu wunu welaawe kiwwa devalmane. eda ayi mewa kiyana kota wimalta oba wahanse nikam upahaasaathmakawa kathaa karamin virodhaya pawe.
    meken hallu une ethuma nemeyi oba wahanse neda?

  4. Champa says:

    ලියුම් දෙක කියැව්වෙ නැති නිසා තාම comment එකක් ලිව්වේ නැහැ.

    මේ විදියටම මල්වතු අස්ගිරි හාමුදුරුවරු ඇතුළු අපේ මහා සංඝ රත්නය මාගම්පුර වරාය අවුරුදු 198කට චීන්නුන්ට විකුණන එකටත් එරෙහි වෙලා, කොළොඹ වරායේ ඉතුරු වෙලා තියෙන Eastern Terminal එක ඉන්දියාවට විකුනලා මුළු කොළොඹ වරායමත් විදේශිකයන්ට නතු කරන රනිල්ගේ උමතුවට එරෙහි වෙලා අපේ වටිනා සම්පත් බේරා ගන්න ඉදිරිපත් වෙන්න ඕනේ. කියන දෙයක් ජනවාරි 7ට ඉස්සෙල්ල කියන්න වෙනවා. ඒ මොකොද කිව්වා නම් එදාට රනිල් “උත්සවාකාරයෙන්” මාගම්පුර වරාය චීනෙට බාර දෙනවා.

    • Champa says:

      මල්වතු අස්ගිරි හාමුදුරුවරු පරක්කු වෙලා හරි, හරි වැරැද්ද වටහා ගත්ත එක හොඳයි. රනිල්ගේ ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව වාචිකව නැතුව රටටම පේන්න, ලිපියකින් කරුණු දැක්වීම අගය කොට සලකනවා. මේ ලිපි ප්‍රසිද්ධ කරපු එක හොඳයි. මොකොද ගිය පාර මල්වතු හාමුදුරුවෝ ආණ්ඩුවට දුන්නේ රහස් ලියුමක්.

      මල්වතු හාමුදුරුවන්ගේ ලියුම කියවනකොට මට හිතුනා විමල්ට සුභ පතන්න. විමල් හාමුදුරුවෝ මුණ ගැනුණු වෙලාවේ, මල්වතු හාමුදුරුවෝ කතා කරපු විදියයි, අද මේ ලියුමයි අතරේ කොච්චර ලොකු වෙනසක් තියෙනවද? විමල් එදා කිව්වා හාමුදුරුවන්ට පස්සේ වැටහෙයි කියලා මේ ව්‍යවස්ථාවේ භයානක කම. ඔන්න රනිල්ට මෙදා පාර නම් බඩ කට පුරා දීලා තියෙනවා. දේශපාලනයට වඩා මල්වතු හාමුදුරුවෝ තමන්ගේ රට ජාතිය ගැන හිතනවා කියල ඉතිහාසයේ පලවෙනි වතාවට ඔප්පු කරලා තියෙනවා.

      අස්ගිරි හාමුදුරුවෝ කොහොමටත් රටට ආදරෙයි කියලා බෞද්ධයෝ දන්නවා. මීට කලිනුත් අස්ගිරි හාමුදුරුවෝ ආණ්ඩුවේ ක්‍රියා වලට, මේ ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධව කරුණු දක්වලා තියෙනවා. ඒ නිසා අස්ගිරි හාමුදුරුවෝ කවදාවත් බල ලෝභී දේශපාලකයන්ට ඕනේ විදියට වැඩ කරන්නේ නැහැ කියන විශ්වාසය එදත් අදත් කවදත් බෞද්ධ අපිට තියෙනවා කියන එක ආඩම්බරයෙන් සහ ගෞරවයෙන් සටහන් කරන්න ඕනේ.

      ගැටඹේ හාමුදුරුවෝ වගේ, ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ වගේ, මල්වතු අස්ගිරි හාමුදුරුවරු වගේ මුළු රටේම මහා සංඝයා වහන්සේලා මේ ෆෙඩරල් ව්‍යවස්ථාවට විරෝධය පල කරන්න ඉදිරියට එන්න ඕනේ.

      මොන විදියකින් හරි ජනවාරි 9, 10, 11 රනිල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න යන NGO නිර්දේශ නවත්තන්න ඕනේ. මේ ව්‍යවස්ථාව සම්පූරනයෙන් අකුලා ගන්න කියල ආණ්ඩුවට බල කරන්න ඕනේ.

      මහා සංඝ රත්නය මේ විදියට රටේ සිද්ධ වෙන විනාශය ගැන කතා කරන්න පටන් ගත්ත එක ගැන හරිම සන්තෝෂයි. මීට කලින් තැනක කිව්වා වගේ, මහා සංඝ රත්නය ඉදිරියට එනවා නම්, දේශපාලකයෝ මොකොටද? රටේ ප්‍රශ්න විසඳන්න හාමුදුරුවරුන්ට කෙලින්ම මැදිහත් වෙන්න පුළුවන්.

      මේ ඉදිරිපත් වීම මෙතනින් නතර කරන්න එපා හාමුදුරුවනේ. තවත් හුඟක් විපත්ති අපේ රටට සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට අපේ රටේ වටිනාම සම්පත් විදේශිකයන්ට විකුණන මහා ජාවාරමක් සිද්ධ වෙනවා. මාගම්පුර වරාය බේරා ගන්නත් අස්ගිරි මල්වතු හාමුදුරුවරු ප්‍රමුඛ මහා සංඝ රත්නය ඉදිරිපත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

      මාගම්පුර වරාය ගැන ගොඩක් ලියලා තියෙනවා. ඓතිහාසික වටිනාකම ගැන කතා කලොත් 2 වෙනි ශත වර්ෂය තරම් ඈත අතීතයේ අපි මේ “ස්වාභාවික ගොඩවාය වරාය” හෙවත් අද මාගම්පුර වරාය විදියට හඳුන්වන මේ වරාය චීන, තායි සහ ඉන්දුනීසියන් වෙළෙන්දෝ සහ අරාබි සහ යුරෝපියන් වෙළෙන්දෝ භාණ්ඩ හුවමාරු කරගත්ත වෙළඳ මධ්‍යස්ථානයක් විදියට පවත්වා ගෙන ගිහින් තියෙනවා. ඒ නැව් නැංගුරම් දාල තියෙන්නේ මේ වාරයේ. ඒ නැව් ආපහු යනකොට අපි වානේ, අවි ආයුධ සහ රතු මැණික් විකුනලා තියෙනවා. 2 වෙනි ශත වර්ෂය තරම් ඈත කාලේ අපි මේ භාණ්ඩ හුවමාරු කරණ කොට සීල් එකකුත් ගහලා තියෙනවා සිංහ ලාංඡනය තියෙන. මේ නැව් වලින් රේගු බදුත් අය කරලා තියෙනවා. ඒ කාලේ රටේ ස්වයංපෝෂිත ආර්ථිකයක් පවත්වා ගෙන යන්න මේ වරායෙන් ලැබුණු ආදායම ගොඩක් පිටිවහල් වෙලා තියෙනවා. 2 වෙනි ශත වර්ෂයේ මේ තරම් ඉහල පරිපාලනයක් රටේ තිබුණු සිංහල අපි, අද, එදා අපේ වරායට වෙළෙන්දෝ විදියට ආපු චීනුන්ට මේ වරාය විකුණනවා.

      අනිත් පැත්තෙන් කතා කලොත් ජාත්‍යන්තර මුහුදු මාර්ගයක වැදගත්ම සංධිස්ථානයක මේ වරාය පිහිටලා තියෙනවා. මේ වරාය හරිම අසාමාන්‍ය ස්වභාවික පිහිටීමක්. ගොඩබිම වාරයක් සහ මුහුදු වරායක් එකට එකතු වෙලා හැදුනු මේ වගේ වරායවල් ලෝකේ හරි අඩුයි. ආසියාවටම දෙකයි තියෙන්නේ. එකක් චීනේ. එකක් මාගම්පුර වරාය. මම මාගම්පුර වරාය ගැන හුඟක් ලියලා තියෙනවා. තවම ලියනවා. මාගම්පුර වරාය වගේ රටට ඉතාම වටිනා මිල කල නොහැකි සම්පතක් නැතිවෙන එක දරා ගන්න මට හරිම අමාරුයි.

    • kate says:

      Champa U are correct. I don’t know how to type in Sinhalese and no time to learn. Sorry about that. The most priority problem is Hambanthota harbor problem. This must be stopped immediately. Something must be done immediately. Mahanayaka Thera must take prompt action on this crucial matter. General public must get together and protest at parliament premises. I cant understand why some people are so cold. They must be convinced.

  5. ෴හෙළයා෴ says:

    එදා විමල් කියූ දේ මහනායක හිමියන් අවඥාවෙන් බැහැර කලා අපට මතකය​.අද උන් වහන්සේ සියල්ල තේරුම් ගෙන තිබීම රටේ වාසනාවකි.රට විකුනන්නට,පාවා දෙන්නට,කැබලි කරන්නට අර අඳිනා උමතු බටහිර ගැත්තකු කරනා විකාරශීලී ක්‍රියාවන් දුරින් දුරු කරන්නට මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝ රත්නයත්,ගිහි පැවිදි සියලු පංච විධ බලවේගත් පෙරමුණ ගත යුතු මොහොත එළැඹ ඇත​.රට විනාශ මුඛයට ඇද දමන්නට මෙවැන්නන් බලයේ පිහිටුවා පව් පුරවා ගත් ජනයාද ඒ පවින් මිදෙන්නට මෙය අවස්ථාවක් කර ගත යුතුය​.

    • OLU says:

      බටලන්දේ ගැන කවර කතාද ? ඔහු ගැන අපේ ගෞරවනීය මල්වත්තේ නායක හාමුදුරුවන්ට නොතේරීම ජාතියේ අවාසනාවක්
      දැන් වත් තේරුම් ගැනීම ජාතියේ පිනක් …සිංහල බෞද්ධයෙනි ගෞරවනීය සංඝයාවහන්සේලා සමග එක වී අපේ රට ජාතිය ආගම රැකීමට පෙරට වරෙව්
      මහා ජාතිය පිරිහෙන්නේ ඒ ජාතියේම දුර්වල කම් නිසා දේශපාලනය බදාගෙන පක්ෂවලට බෙදිලා ..අපේ සමහර හාමුදුරුවරු කරන්නෙත් ඔය ටිකමයි
      සිංහලයනි …බෞද් ධයෙනි සමගිවී අපේ මාතෘ භූමිය රැකගැනීමට පෙරට වරෙව් .. කාලයක් නැත අපේ රට අනතුරේ ….
      රටක් ජාතියක් සමයක් කරණ කොට
      තුවක්කුවට කඩුවට ගල්මුල් වලට
      ඉල්ලකයක් වන්නට ඇත්නම් අපට
      සැපක් තමයි නො නිවෙන නිවනින් මෙපිට

  6. ebaran says:

    වික්කාම සිංහ යෝ හු හු හු

  7. asela gunarathne says:

    විමල් වීරවංශ, ඔබේ හඬ් රටේ අනාගතය සුරක්ෂිත කිරීමට මහත් රුකුලක්. ඔබට ජය.

  8. parakum says:

    මහා සංඝයා යනු ජාතියේ මු ර දේවතාවුන්ය.වරිය පොළ සුමංගල හිමියන් ඉංග්‍රීසි කොඩිය බිමහල පෑගී හැටි මතකය.දුටු ගෙමුනු රජුගේ යුද පෙරහැර මහා සංගාය වැඩියහ.අප පුංචි රට අප වසර 2500 ට වඩා රක ගත්තත් ඇප්ගනිස්ථානය , මාල දිවයින් ,ඉන්දුනීසියාව, මලසියව , කොරියාව වැනි රටවල් තමන්ගේ පාරම්පරික සන්ස්කුතිය පවා දුන්නාහ.මේ සියල්ල රක දීමට මුල් වුයේ මහා සග රුවන්යි. මහා නායක හිමිවරු මේ අවස්ථාවේ මෙලෙස ඉදිරි පත් වුයේ ජාතියේ වාසනවටයි.ඔබතුමන් ල කෙලින් හිටියොත් අපි ඔක්කොම බේරිලා.

Main News