මල්වතු නාහිමි බුදු හාමුදුරුවන්ටත් විරුද්ද වෙයි.. කාලාම සූත‍්‍රයෙන් චෝදනාව මෙන්න..

October 10, 2017 at 12:11 am | lanka C news
මල්වතු නාහිමි බුදු හාමුදුරුවන්ටත් විරුද්ද වෙයි.. කාලාම සූත‍්‍රයෙන් චෝදනාව මෙන්න..

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

පූජනීය මල්වත්තේ මහ නායක හාමුදුරුවන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විශ්වාස නිසා නව ව්‍යවස්ථාවෙන් බුදු දහමට හානියක් නෑ කියා ප්‍රකාශ කර තිබුණා. නමුත් අපේ මහ නායක හාමුදුරුවන්ගේ දේශනාව බුදු හාමුදුරුවන්ගේ දේශනාවට පටහැනියි. බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කරනවා “තමන්ගේ දෙමව්පියන් කියූ පමණින් විශ්වාස කරන්න එපා. ගුරුවරුන් ඉගැන්වූ පමණින් විශ්වාස කරන්න එපා. වැඩිය ඕනෑ නෑ මේ මම බුදු හාමුදුරුවන් කියන පමණින් විශ්වාස කරන්න එපා. විමසා බලා තර්කයට බුද්ධියට යථාර්ථයට ගැලපේ නම් පමණක් විශ්වාස කරන්න කියලා.

බුදුන් වහන්සේ අද වැඩ සිටියා නම් අනිවාර්රයෙන්ම කාලාම සූත්‍රය සංශෝධනය කරලා “ජනපති සහ අගමැති කියූ පමණින් විශ්වාස කරන්න එපා විමසා බලන්න“ කියා යෙදුමක් එකතු කරනවා. තර්කයට යථාර්තයට ගැලපෙනවද යන්න විමසා බලා පිළිගන්න කියලා. අපේ මහ නායක හාමුදුරුවන් ජනපති විශ්වාස කරලා ව්‍යවස්ථා යෝජනාවෙන් බුදු දහමට හානියක් නැතැයි පැවසුවත් ජනපතිතුමා නම් කියන්නේ මම නම් තවම ඕක කියවලා නෑ කියලා. ඒ නිසා ජනපතිතුමාව විශ්වාස කළොත් අපේ මහ නායක හිමියන් අමාරුවේ වැටෙන්න ඉඩ තිබෙනවා. අපි එහෙම කියන්නේ ඔබවහන්සේගේ ගෞරවය රැක ගැනීම වෙනුවෙන් බෞද්ධයන් විදිහට අපට වගකීමක් තියෙන නිසා.

ජනපතිතුමා මේ ව්‍යවස්ථාවෙන් බුදු දහමට හානියක් වෙනවා ද කියා අහන්නේ කාගෙන් ද? ආගම රාජ්‍යයෙන් වෙන් කළ යුතුයි කියා විශ්වාස කරන ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රිතුමාගෙන්. දී කිරට බලල්ලු සාක්ෂි කියන්නේ මෙන්න මේ වගේ අවස්ථා වලට. ජයම්පති මන්ත්‍රිතුමා කියන්නේ එතුමාට වාමාංශිකයෙකු හැටියට ආගමික රාජ්‍යයන් සඳහා එකඟ වෙන්න බෑ කියා. නැතිනම් රාජ්‍යය ආගමෙන් වෙන්කර තැබිය යුුතයි කියන මතයේ ඉන්න කෙනෙක් කියලායි. නමුත් එතුමා දන්නේ නෑ බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීමේ වගන්තිය ව්‍යවස්ථාවට එකතු කලේ ලංකා ඉතිහාසයේ බිහි වුණු කීර්තිමත්ම වාමාංශිකයෙකු වන ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මැතිතුමා. 1972 ව්‍යවස්ථාව පිළිබඳ විවාදයේ දී එතුමා ඉතාම අපූරුවට බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුත්තේ ඇයි කියන එක පැහැදිලි කරනවා. ජයම්පති වික්‍රමරත්න මහතාගෙත් පරන ගුරුවරයෙක් වන කොල්වින් ආර්ද සිල්වා මැතිතුමන්ගේ ඒ වියත් කතාව නැවත වතාවක් කියවන්න කියලා මම එතුමන්ට ආරාධනා කරනවා.

– අරවින්ද අතුකෝරල

126 views

20 Comments to “මල්වතු නාහිමි බුදු හාමුදුරුවන්ටත් විරුද්ද වෙයි.. කාලාම සූත‍්‍රයෙන් චෝදනාව මෙන්න..”

  1. Aney Manda says:

    Kalama Suthraya or Lord Budhdha’s preaching was not for Politics …
    This politician is Politicizing the Buddha….

  2. somasiri says:

    malabadden ekek Avella Thatmuwe ..
    Ohoma Kiyala Elawa Gattaa eka Hondai ..Mama Nam Pu..ta Pain Gahala Elawanne ..

    • පිරිමි සාත්තු සේවිකාව says:

      වෙන නමකින් comment දැම්මට උඹ අපේ තට්ට වීයන්ගොඩ නේද?

    • අනාචාර්ය විජේසූරිය says:

      අම්මට උඩු, රදවෙක් ගිහින් තියෙන උඩ!

  3. Anura says:

    This man has know clue about Sri Lanka, he working for his political party ,not for the people or religion

    • Saumya says:

      You’re absolutely correct, Anura. This hamudhuruwo doesn’t know anything about Sri Lanka, it’s history or Buddhism.

      He only works for his party, UNP.

  4. darshana says:

    It looks like Mr. Gammanpila knows more Buddhist teachings than this so called Maha Nayake.

Main News