මල්වතු පාර්ශවය නව ව්‍යවස්ථාවක් එපා කීවේ නෑ..- මල්වතු අනුනායක හිමි

October 20, 2017 at 11:20 am | lanka C news
මල්වතු පාර්ශවය නව ව්‍යවස්ථාවක් එපා කීවේ නෑ..- මල්වතු අනුනායක හිමි

නව ව්‍යවස්ථාවක් මේ මොහොතේ ගෙන ඒමේ අවශ්‍යතාවක් නොමැති බවට මල්වතු අස්ගිරි අනුනානයක හිමිවරු ප්‍රමුඛ කාරක සංඝ සභාවේ හිමිවරු කිහිපනමක් මුණ ගැසී සාකච්ඡා කළත් එය මල්වතු පාර්ශවයේ මහනාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාවේ ඒකමතික තීරණය නොවන බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍යය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පවසති.

අදාළ සාකච්ඡාවට මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම සහභාගී නොවු බවත් මල්වතු පාර්ශවය නියෝජනය කරමින් ඊට සහභාගී වූයේ තමන් වහන්සේ හා ශ්‍රීදළදා මාලිගාවේ තේවාව භාර තිබ්බටුවාවේ මේධංකර හිමි පමණක් බවත් උන්වහන්සේ කීහ.ව්‍යවස්ථාව සම්බන්ධ මල්වතු පාර්ශවයේ අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කරන්නේ මහනාහිමි මේ පිළිබඳ දැනුවත් කිරීමෙන් පසු බවත් සාකච්ඡාවේ තීන්දු මල්වතු පාර්ශවයේ තීන්දුවක් ලෙස ප්‍රකාශ කිරීම වැරදි බවත් අනුනාහිමියෝ අවධාරණය කළහ.

අදාළ සාකච්ඡාව පවත්වන බව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම දැනුවත් බවත් එහි අවසන් තීන්දුව මහනාහිමිවරු විසින් තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු සිදුකරන බවත් අනුනාහිමියෝ අවධාරණය කළහ.අදාළ තීන්දුව මහනාහිමි අනුමත කරන තුරු පාර්ශවයේ තීන්දුවක් ලෙස එය සැලකීම නිවැරදි නොවන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මේ පිළිබඳ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අදහස දැන ගත හැකි වන්නේ උන්වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් පසු බවත් අදාළ සාකච්ඡාවෙන් පසු තමන් වහන්සේ කළේ ව්‍යවස්ථාව සම්බන්ධව තමන් වහන්සේගේ මතය බවත් විමලධම්ම හිමියෝ කීහ.

– dinamina

306 views

9 Comments to “මල්වතු පාර්ශවය නව ව්‍යවස්ථාවක් එපා කීවේ නෑ..- මල්වතු අනුනායක හිමි”

  1. sasi says:

    සල්ලි මල්ලකුයි ඩියුටි ෆ්‍රී වාහනයකුයි දුන්නානම් හාමුදුරුවෝ ශේප්නේ.

    • Silva says:

      බැඳුම්කර කුට්ටි වලට සඟ – ගිහි ඕන පාර්ශවයක් යටයි.

      අගමැටි ගෙන් ප්‍රකාශයක් ගන්න බැඳුම්කර කොමිසමත් බයයි.

      යුක්තිය ගැන කවර කතා දැයි දුදනෝ අපෙන් අහයි.

      යහපාලනෙන් රටත්, ජාතියත්, ආගමත් දැන් කාල හමාරයි…!!!

  2. Kumara says:

    ප්‍රවුත්ති විකුර්ති කර දාන මරාට රෙදි නැතිව කඩේ යන 2.50 මාධ්‍ය කාරයොන්ට හොඳ වැඩේ ඉස්සරලම මුන් ටිකට ව්‍යවස්ථා කෙටුම්පත දෙන්ඩ ඕන මුල ඉදලා අගට කියවලා බලන්ඩ

  3. ppp says:

    thibatuwe himi gana buddagam karayanta gataluwak thiyenawa. boho kalaka sita unwahanse kriyath maka wanne desapalana paksayakata gathiwayi. rata gana agama gana hithanne naha. unwahanse rijuwa katha karana gathiya aduyi. boho gataluwalata mula mekayi. maga arina suwarupayak thiyenawa. bodda desanawata anuwa anun kiyana deta wada thama soya bala katayuthu kirima hoda. namuth unwahanse hama witam U.N.P. kiyana de ahana bawak apita penawa.

  4. Rohitha says:

    ow eka hari. me awasthawedi aluth ekak epa kiyanne yahapalana parayo gena eka epa kiyana eka. kawadawathma nawa vyawasthawak genta epa kiyana eka newei.

    gahala baendath ekai baendala gaehawwath ekai kiyanawa wage kiyamank meka.

  5. දේශ හිතෛශියා says:

    අනේ වහන්ස රට ජාතිය ආගම ගැන ඔබ වහන්සේගේ පාර්ශවයට කැක්කුමක් නැත්තම් සිවුරැ ගලවා ගෙදර ඉදන් කසාදයක් බැදන් දවසට තුන් වරක් අල්ලාහු අක්බර් කියා ඒ පාර්ශවයට සහයෝගය දක්වන්න

  6. uu says:

    ane ape hamuduruwane thamange mathaya kiyanna parsawa deke karaka sanga sabawa raswenda ona nahaneda.

  7. KAMAL says:

    අනේ වහන්ස රට ජාතිය ආගම ගැන ඔබ වහන්සේගේ පාර්ශවයට කැක්කුමක් නැත්තම් සිවුරැ ගලවා ගෙදර ඉදන් කසාදයක් බැදන් දවසට තුන් වරක් අල්ලාහු අක්බර් කියා ඒ පාර්ශවයට සහයෝගය දක්වන්න
    ranilta diila apaya ta yanna eeka hondaaeeeee.

Main News