මල්වානේ නිවස හැදුවේ බැසිල් දුන් මුදල්වලින්..- මුදිත ජයකොඩි උසාවියෙදී කියයි..

November 2, 2021 at 12:02 am | lanka C news
මල්වානේ නිවස හැදුවේ බැසිල් දුන් මුදල්වලින්..- මුදිත ජයකොඩි උසාවියෙදී කියයි..

බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නඩේෂන් යන මහත්වරුන්ට එරෙහිව මල්වානේ නිවසට අදාළව පවරා ඇති නඩුව (01)ගම්පහ මහාධිකරණය හමුවේ නැවතත් කැඳවීය.

නඩුවේ සාක්ෂිකරුවෙකු වන මුදිත උපාලි ජයකොඩි මහතා අධිකරණයේදී කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා දුන් මුදල්වලින් කොන්ත්‍රාත්කරුවෙකු යොදා මල්වානේ නිවස ඉදිකළ බවයි.

තමන්ට ලැබුණු මුදල් කොන්ත්‍රාත්කරුට භාර දුන් බව ද සාක්ෂිකරු කියා සිටියේ ය.

මුදිත ජයකොඩි මහතා මේ බව කියා සිටියේ ගම්පහ මහාධිකරණය හමුවේ නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

සාක්ෂිකරු කියා සිටියේ කොන්ත්‍රාත්කරුට මුදල් ලබා දීමේදී ඊට අදාළ රිසිට්පත් ලබා ගත් බවයි.

ඒවා තමාට අයත් සමාගමේ රිසිට්පත් බවට පිළිගන්නා බව ද සාක්ෂිකරු අධිකරණයේදී කියා සිටියේ ය.

දොම්පේ මල්වාන ප්‍රදේශයේ අක්කර 16 ක ඉඩමක් මිලට ගෙන එහි නිවසක් හා නාන තටාකයක් ඉදි කර රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

මාධ්‍යවේදී ප්‍රශ්නය :- ඇමැතිතුමා මංගල අයවැය ගැන ටිකක් කියලා යන්න කෝ

පිළිතුර (මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ) :- ඒක රහසක්

මාධ්‍යවේදී ප්‍රශ්නය :- මොනවා ද ජනතාවට ලැබෙන්නේ?

පිළිතුර (මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ) :- ජනතාවට ලැබෙන්න නෙවෙයි යන්නේ ජනතාවගෙන් ගන්න වෙයි.

– newsfirst

119,197 views

6 Comments to “මල්වානේ නිවස හැදුවේ බැසිල් දුන් මුදල්වලින්..- මුදිත ජයකොඩි උසාවියෙදී කියයි..”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    මේව බොරු. රැවටෙන්න එපා.

    • BOC -සුහද මාවතේ-රාජන්ගනේ චාමර says:

      Apgedara ekkenai mamai salli walata onadekata Oky
      Endako ape-gedara salli aragena malli.
      Mara fun tama.
      Salli hammba wenawanam ona sakkili wadak karanawa

  2. saman says:

    නඩුව ලබන සතියේ ඉල්ල අස් කර ගනියි. එක රටක්………………….

  3. 0.069 min biyyo says:

    මේව බොරු. රැවටෙන්න එපා.
    නඩුව ලබන සතියේ ඉල්ල අස් කර ගනියි. එක රටක්………………….
    කවුද මේ සත්ගුණවත්‍ උතුමාණන් ට හොරකම් කලා කියලා නඩු දැම්මේ. සාප වෙනවා උඹලා කරපු ඒ පාපකර්මෙට. 😄😄😄😄😄. ඒ කරලා තියෙන්නේ ඒ පරපුරේ චාරිත්‍රයක්.

  4. සෙනෙවිරත්න says:

    අනුරට බැනපල්ල

  5. unge nadu illa aswenawa. deviyane kawada hari me nadu eliyata waren mun hire damaw