මල් පොහොට්ටුවට යන සියළු ශ‍්‍රිලනිප මන්ත‍්‍රීන් ශ‍්‍රීලනිපයෙන් ඉවතට..

November 7, 2016 at 10:00 am | lanka C news
මල් පොහොට්ටුවට යන සියළු ශ‍්‍රිලනිප මන්ත‍්‍රීන් ශ‍්‍රීලනිපයෙන් ඉවතට..

ඒකාබද්ධ විපක්‍ෂය මෑතකදී හිටපු ඇමති ජීඑල් පීරිස් මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පිහිටුවන ලබ ශ‍්‍රි ලංකා පොදුනන පෙරමුණට එක්වන සියළු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වී යන්නේ යයි ශ‍්‍රීලනිප මහලේකම් ඇමති දුමින්ද දිසානායක පවසයි.

වෙනත් පක්‍ෂයක සාමජිකත්වය ගන්නා පුද්ගලයා ශ‍්‍රීලනිපයේ කුමන මට්ටමකට තරාතිරමක් දැරුවද පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ඒ මොහොතේම ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වන බවද ඔහු කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් කිසිසේතම අභියාචනා ඉදිරිපත් කිරීමට නොහැකි බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටී.

44 views
Main News