මල් පොහොට්ටුව කිසිදා පිපෙන්නේ නෑ.. දුෂිතයින් හිරේ යනවිට මල් පොහොට්ටු කමිස සාක්කුවේ දාගන්න වෙනවා…

November 11, 2016 at 6:48 pm | lanka C news
මල් පොහොට්ටුව කිසිදා පිපෙන්නේ නෑ.. දුෂිතයින් හිරේ යනවිට මල් පොහොට්ටු කමිස සාක්කුවේ දාගන්න වෙනවා…

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගත් පොදු ජන පෙරමුණට ලබාදී ඇති ලාංඡනය වන මල් පොහෝට්ටුව කිසිදා නොපිපෙන බව සෞඛ්‍ය, පේෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

‘මැතිවරණ කොමසාරිස්වරයා ද පක්ෂය පිළිබද හොඳට සිතා බලා නොපිපෙන මල් පොහොට්ටුවක් එම පක්ෂයට ලබාදී තිබෙනවා. එම නිසා ඉදිරියේ දී දුෂිතයින් සිරගෙට යනවිට මල් පොහොට්ටු කමීස සාක්කුෙවි දාගන්න සිදුවෙනවා. එම නිසා තරුණ දේශපාලනඥයින්ගෙන් මා ඉල්ලා සිටින්නේ රට සෑදීෙමි වැඩපිළිවෙලට යහපාලන රජය සමග ඒකාබද්ධ වන ලෙසයි’ යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

රුපියල් මිලියන 292 ක් වැය කරමින් ෙබිරුවල අල් අම්බ‍්‍රා විද්‍යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීෙමි උත්සවයට එක් වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ෙමි බව ප‍්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ නව රජයේ අයවැයෙන් මෙවර සෞඛ්‍යයට සියයට 3.11 ක් වෙන්කර ඇති බවයි. අධ්‍යාපන සදහා මෙවර සියයට 06 ක් වෙන් කර නොමැති බවත්, අධ්‍යාපනයට වෙන් කර ඇත්තේ සියයට 4.1 ක් පමණක් බවත් ප‍්‍රකාශ කරන ලදි. ඊට හේතු වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට පසුගිය වසරේ වෙන් කළ මුදල් සංවර්ධන වැඩකටයුතු සදහා වැය කිරිමට නොහැකි වී ඇති නිසා බවත්, බොරු සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කර මුදල් වෙන් නොකර අවශ්‍යතා සදහා පමණක් අධ්‍යාපන අමාත්‍යාංශයට මුදල් වෙන් කර තිබෙන බවත්, එම මුදල වියදම් කළ පසු අවශ්‍ය වුවහොත් මුදල් අමාත්‍යවරයා අවශ්‍ය තරම් මුදල් ලබාදීමට ද සුදානම් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාහ කරන ලදි.

‘හොඳම පාසල ලඟම පාසල යන වැඩපිළිවෙල යටතේ අල් අම්බ‍්‍රා විද්‍යලයේ නම තිබුනේ නැහැ ෙබිරුවල මුස්ලිම් ජනතාවක් වාසය කරනවා කියලා අධ්‍යාපන අමාත්‍යාංශයට අමතක වෙලා. නමුත් අපගේ ඉල්ලීම මත මෙම විද්‍යාලය සහ තවත් සිංහල පාසල් දෙකක් හොඳම පාසල ලගම පාසල වැඩසටහනට පළමු අදියරේ දී එක් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය කාලයේ ක‍්‍රීයාත්මක කළ වැඩසටහන් වලදී ද ෙබිරුවල ආසනයේ පාසල් දෙකක් අමතක කර තිබුනා. එම පාසල් දෙක කුලියාපිටිය ආසනයේ පාසල් සංවර්ධනයට යොදා ගත්තේ දැයි ප‍්‍රශ්ණයක් මට තිබෙනවා. නමුත් ෙබිරුවල ආසනයේ පාසල් 44 ක් සංවර්ධනය කිරිමට කටයුතු කරනවා’

– නිපුන් ඒකනායක

14 views

5 Comments to “මල් පොහොට්ටුව කිසිදා පිපෙන්නේ නෑ.. දුෂිතයින් හිරේ යනවිට මල් පොහොට්ටු කමිස සාක්කුවේ දාගන්න වෙනවා…”

  1. pansilu says:

    Umbata yanna tanak Hoya gamin wachala kata.umba wage horek me lokewath na yako

  2. දැනට ආඬුවේ ඉන්නා කඹා හොරා මල් පොහොට්ටුව ගැන කියන්නේ මල් පොහොට්ටුව මුගේ පස්ස පැත්තේ ගහගෙන පල්ලම් බහින්න තමයි වෙන්නේ මූ මරු විකලෙන් මරු දොඩවනවා ?
    අනික තමයි යූ ඇන් පියේ ඉන්න එවුන් මූට බයේ වලිගෙන් අමුඩ ගසාගෙන මුගේ හොරකම් යට ගහලා හංගාගෙන ඉන්නවා?

  3. Siribiris says:

    UNP එක දැන් හොල්මන් වෙලා! යන්නේ කොහෙද කරන්නේ මොනවාද කියල දන්නේ නැහැ. ඔවුන් හැසිරෙන්නේ මේ විදියට නම් ජනතාව කලයුත්තේ හිලරිව ප්‍රතික්ෂේප කරපු ඇමෙරිකානු නිස්සබ්ද බහුතරය මෙන් ඉදිරි මැතිවරණයේදී රනිල් මයිත්‍රී දෙපුට්ටුවට පාඩමක් උගන්වන එකයි. මල්පොහොට්ටුව පිපෙන්නේ මැතිවරණය කියන හිරු උදාවත් සමග. එකයි රහස. එක ගැන නොදන්නා අයට කටවාචලකමට දොඩවන්න ඉඩදෙන්න.

  4. rangana says:

    loka hora tho jangiyak mahagina hitapiya… thota daduwam nokaloth mahindata apith naha……

  5. Desapremiya says:

    පොහොට්ටුව පිපෙන්න ඉස්සෙල්ල මෙච්චර බය නම් පිපෙන්න පටන් ගන්න කොට නිකම්ම හුස්ම ටික යයි තියන බයට..

Main News