මල කදන් 23ක් සමග ගමක්ම වැලපෙද්දී කුණු කන්දේ යටවූ දේපල සොර ගන්නට හොරු රංචු පිටින් පනිති..
April 16, 2017 at 6:48 pm | lanka C news
මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටී විශාල පිරිසක් මිය ගොස් ජීවිත කාලය පුරා හරි හම්බ කරගත් දේපල පොලොවට වැලලී ගොස් තිබියදී එහි ඇති දේපල සොරා ගන්නා කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වෙමින් තිබේ.
පොලිසිය විසින් එවන් පුද්ගලයින් 23 දෙනකු අත්අඩංගුවට ඇති අතර එම ප්‍රදේශයන්ට නිකරුණේ පැමිණීමෙන් වලකින්නැයිද ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.
අනතුරින් මියගිය සංඛ්‍යාව මේ වන විට වාර්තා කරන ආකාරයට 23ක් බව පොලිසිය සදහන් කරයි.