මල මිණියකට ඔක්සිජන් දී පණ ගන්න හදයි..

April 30, 2019 at 6:47 pm | lanka C news
මල මිණියකට ඔක්සිජන් දී පණ ගන්න හදයි..

රට පුරා බැංකුවල පොලී අනුපාතයන් 2%කින් අඩු කිරීමට බැංකුවලට දන්වා ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කරයි.

මෙම තීන්දුව මැරුණු අයෙකුට ඔක්සිජන් දීමක් යයිද ඒ මහතා පවසයි.

‘මේ වෙලාවේ මේ ආණ්ඩුව සියයට දෙකකින් පොලී අනුපාතය අඩුකරනවා කියලා කියන්නේ මැරිච්ච පුද්ගලයෙකුට ඔක්සිජන් ටැංකියක් ගෙනල්ලා නහයට ඔබනවා වගේ වැඩක්. ඒකෙන් කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ.

මොකද දැන් වෙනකොට මේ රටේ විශාලල මධ්‍යම සහ කුඩා ව්‍යාපාර රාශියක් දැනටමත් කඩා වැටිලා ඉවරයි.

ඇත්ත වශයෙන්ම මේ රටේ පොලී අනුපාත වැඩි වුණේ අගමැතිවරයා බැඳුම්කර වංචාවේ දී සමස්ත පොලී අනුපාතය කෘතිම ලෙස 3% කින් පමණ වැඩි කරපු නිසා. ඒ වූ හානිය අවුරුදු හතරක් තිස්සේ සියලුම ව්‍යාපාරවලට බලපා ඉවරයි.

අවුරුදු හතරකට පස්සේ පොලි අනුපාතය සියයට දෙකකින් අඩු කරල කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැත්තේ මේ අඩුවීම කරන්න තිබුණේ අවුරුදු හතරකට ඉස්සර නිසා.

මේ සිදුවීම තවත් පැත්තකින් බලනවනං අපිට කියන්න තියෙන්නෙ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වහනවා වගේ වැඩක් කියලයි.

අගමැතිතුමනි, දන්න කටයුතු වලට මැදිහත් වෙනවා මිසක්ල නොදන්න කටයුතුවලට මැදිහත් වෙලා මුළු රටේම ආර්ථිකය විනාශ කරන්න එපා’ යයිද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

40,072 Viewers

11 Comments to “මල මිණියකට ඔක්සිජන් දී පණ ගන්න හදයි..”

  1. Kamal says:

    අපි දන්නවනේ මේ වෙදා ගැනත්..මූ කියයි පණ දෙන්න පුලුවන් හැබැයි කෝඳුරැ තෙල් හත් පට්ටෙකුයි තව ටිකක් ඕනේ කියලා

    • සකල බුජං says:

      ඔක්‍ෂිජන් ටැංකියක් නහයට ඔබල දවස් 365ක් නොකඩවා ලේ දුන්නත් වික්කමසිංහව ගොඩ ගන්නව බොරු.

  2. Randi says:

    ඔබ කියන එක හරි. මේ රජයේ ඉන්න මැට්ටෝ හැමදාම කරන්නේ අනවශ්‍ය දේවල්. එහෙම නැත්තං කරනකොට පරක්කු වැඩියි. පුළුවන් තරම් ඉක්මනින් එළවලා දාලා අලුත් ආණ්ඩුවක් පිහිටන්න ඕනේ.

  3. buruputha says:

    Neethiya ganavath hariyata danne nathi Agamathi Arthikaya gana danne kohomada? Meva ithin pissu vikara thama.

  4. Ravana Parapura says:

    කෝට්ටේ දොන් ජුවන් නැවත ඉපදීමක්

  5. Ivan de Silva says:

    Dear Kamal, please accept the truth. Cabral is correct. Don’t you see that the Country is almost dead? Hon Malcolm Ranjith Cardinal is 200% correct. The country has gone to dogs. The general election is needed urgently. Whether we like or not, My3 is the current President. Accept the same and ask him to go for the General Election and referendum together, like it is being done in New Zealand. Count first the Referendum vote. If people say “Yes” for Election, then can count General Election votes.

    • Sun says:

      You are very correct. We are running short of thinkers and leaders. Politicians are just playing baby games. They don’t know what is happening and they don’t bother. This is the time to come forward the leaders with visions not fools those who count money for everything.

    • Sun says:

      You are very correct. All these top people don’t care about the country. Their heads are very blank know nothing about politics. They are just spending taxpayers money. Don’t care about the country, people not even their families. So what can we expect fro these Moda fellows. Someone has to initiate something to get rid of them I suppose.

  6. Gamini says:

    I remember the time Ajith Cabral was able to keep interest rates down so that we could do business. Today all that is gone. The economy is in deep trouble. No hope, and chaps like Mangala and Ranil don’t know anything. This is what happens when unfit chaps are elected.

  7. හිටන්ගෙදර අප්පුහාමි says:

    රනිල්, කරුණාකර ඉල්ලා අස්වෙන්න. පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පවත්වන්න. රට බේරා ගැනීමට ඇති අවසන් අවස්ථාව මේක. අපි දැක්කා 2001දි ඔබ මේ රට කොටින්ට පාවා දුන් හැටි. ඒ ආකාරයටම දැන් රට මුස්ලිම් අන්තවාදයට බිලි කරනවා. ඔබ රටක් පාලනය කරන්න නොවෙයි, ඌරු කොටුවක් පාලනයට වත් සුදුස්සෙක් නොවෙයි. කරුණාකර බැස යන්න.

    • Sun says:

      Create voice people round the country with some people with wisdom. Not for money principle.Go from house to house let people know the mistakes and where we are going without any aim.

Main News