මවකගේ සහ බිළඳෙකුගේ මළ සිරුරු ළිඳකින් හමුවෙයි

August 16, 2018 at 8:02 am | lanka C news
මවකගේ සහ බිළඳෙකුගේ මළ සිරුරු ළිඳකින් හමුවෙයි

වවුනියාව කූමාන්කුලම් ප්‍රදේශයේ ගෙවත්තක තිබූ ළිඳකින් මවකගේ සහ සිව් හැවිරිදි බිළිඳෙකුගේ මළ සිරුරු (15) හමු වූ බවට වවුනිය පොලීසිය කියා සිටියේය.

නිවසේ ස්වාමිපුරුෂයා රැකියාව සඳහා නිවසෙන් බැහැරව ගොස් ඇති අතර පසුව අසල්වැසි කාන්තාවක් විසින් නිවසේ කිසිවෙකුගෙත් ශබ්දයක් නොමැතිකමින් පරික්ෂා කිරීමේදී අසල පිහිටි ළිඳේ මළ සිරුරු දෙකක් දැක එම අවස්ථාවේධීම වව්නියාව පොලීසියට දැනුම් දී ඇත.

වව්නියාව පොලීසිය විසින් අදාල ස්ථානයට පැමිණ සිදු කරන  ලද පරික්ෂණ වලදී හෙලි වී ඇත්තේ අදාල නිවසේ පදිංචිව සිටි 33 හැවිරිදි මයුරන් රාජිනි නැමිත මව සහ අවුරුදු 04 ක් වයසැති මයුරන් සස්වින් නැමති අය මිය ගොස් ඇති බවටයි.

මිය ගොස් ඇති අය සියදිවි හානි කොට ගෙන ඇත්තේද නැතිනම් ඝාතනය කොට ඇත්තේද යන්න පිළිබඳව මේ වන විට වව්නියාව පොලීසිය පරික්සණ සිදු කරන අතර මළ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණයක් සඳහා වවුනියාව මහරෝලේ තැන්පත් කොට ඇති බවට පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

31 views
Main News