මවක් සහ පුතු නිවස තුලදී තියුණු ආයුධයකින් කපා ඝාතනය කරලා…

July 30, 2019 at 5:30 pm | lanka C news
මවක් සහ පුතු නිවස තුලදී තියුණු ආයුධයකින් කපා ඝාතනය කරලා…

කිලිනොච්චිය ජයන්තිනගර් ප්‍රදේශයේ පිහිටි නිවසක් තුලදී මව සහ පුතා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කොට තිබියදී අද (30) උදෑසන මළසිසිරුරු හමුවූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

ජයන්තිනගර් ප්‍රදදේශයේ පදිංචි 74 හැවිරරිදි විෂ්ණුකාන්ති වල්ලිඅම්මා සහ ඇයගේ පුතනුවන් වූ 34 හැවිරිදි වී.විග්නේෂ්වරන් නැමති අය බවට හඳුනාගෙන ඇත.

අදාල පිරිස් නිවසේ සිටින අවස්ථාවේදී ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවටත් කිසියම් පුද්ගලයෙකු නිවසට පැමිණ තියුණු ආයුධයකින් පහරදී මව සහ පුතු ඝාතනය කොට ඇති බවට පොලිස් මූලික පරික්ෂණ වලදී හෙලි වී ඇත.

අදාල ඝතනයට හේතුව හො ඝාතනය සිදු කරන ලද අය පිළිබඳව මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඝාතකයින් අත්අඩංගුවට ගැනීම සඳහා කිලිනොච්චි පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් පුලුල් පරික්ෂණයක් අරඹා ඇත.

මිය ගිය අයගේ මළසිරුරු මේ වන විට කිලිනොච්චිය මහරෝහලට රැගෙන ගොස් පශ්චාත් මරණ පරික්සණයක් සිදු කිරීමට නියමිත බවටද පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,947 Viewers

One Comment to “මවක් සහ පුතු නිවස තුලදී තියුණු ආයුධයකින් කපා ඝාතනය කරලා…”

  1. Love nature says:

    මේ රජය මත් පැන් වියාප්තිය නිසා දැන් රට දරුනු තත්වයට පත් වී ඇත වහාම ගම්වල නගරවල තැබරුබ් තහනම් කල යුතුය

Main News