මවගෙන් වෙන්වි අතරමං වූ හදුන් දිවි පැටවෙක්…
January 30, 2022 at 2:08 am | lanka C news
මවගෙන් වෙන්වි අතරමන්ව සිටි හදුන් දිවි පැටවෙකු අල්ලා නල්ලතන්නිය වනජිවි නිලධාරින්ට භාර දිමට හැටන් රුවන්පුර ජනපදයේ පදිංචි කරුවන් පියවර ගෙන ඇත.
එම ජනපදයට ඉහලින් වු තෘණ වගා භුමියක අතරමන් වු දිවි පැටවා තවත් පැටවුන් කිහිප දෙනෙකු සහ මව සමග සෙල්ලම් කරමින් සිටි බවත් , ප්රදේශවාසින් විසින් කලබල කිරිම නිසා බියට පත් වු අතරමන් වු හදුන් දිවියාගේ පැටවාගේ මව රක්ෂිතයට පලා යැමෙන් පසු හදුන් දිවි පැටවුන්ද තෘණ භුමිය පුරා දිව ගිය බව රුවන්පුර ජනපදයේ පදිංචි කරුවන් කියා සිටියේ.
අතරමන්ව සිට සොයා ගත් හදුන් දිවි පැටවා සිය මව සහ සෙසු පැටවුන් සමග සෙල්ලම් කරමින් සිටින අයුරු හැටන් රුවන්පුර ජනපදයේ පදිංචි කරුවකු ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුනි.
වනජිවි නිලධාරින්ගේ භාරයට ගත් කුඩා හදුන් දිවි පැටවා හොදින් වැඩුනු පසු දිවි පැටවාට වාසය කල හැකි සුදුසු පරිසරයකට මුදා හරින බව නල්ලන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
පවු
සතෙක් උනත් පැටියෙක්..අම්මගෙන් වෙන් වෙලා..පව්
පව්..අහිසංක සතා. මට අපේ ගෙදර හිටපු මේ විදිහේ වෛරං තිබුණු බළල් පැංචා මතක් වුණා. ගෙදර ඇති කරන්න දෙනවා නම්, මං ඇරන් හදාගන්නවා. 🤗
මියෝ මරාගෙන කාපු ඉන්දියන් දමිළ වතු දෙමළුන් දැන් මරාගෙන කන්නේ සදුන් දිවියන් හාවුන් ඉත්තාවුන් වැනි අහිංසක සත්තු ..මේ සතුන් මැරීම තහනම් කලයුතුයි ඒ ගැන දැඩි නීති පැනවිය යුතුයි