මවගෙන් වෙන් වී කිරිනැතිව දුර්වල වී සිටි මාස තුනක අලි පැටියෙකු බේරා ගනියි…

July 10, 2020 at 2:06 am | lanka C news
මවගෙන් වෙන් වී කිරිනැතිව දුර්වල වී සිටි මාස තුනක අලි පැටියෙකු බේරා ගනියි…

මවගෙන් මිදී කිරිනැතිව ඉතා දුර්වල තත්වයේ සිටි මාස තුනක පමණ අලි පැටියෙකු වව්නියාව වේලාන්කුලම් ප්‍රදේශයේදී වවුනියාව වනජිවි කාර්යාල නිළධාරීන් විසින් බේරා ගනු ලැබීය.

වවුනියාව වේලාන්කුලම වැව් ඉස්මත්තේ තනි වි සිටි වල් මෙම අලි පැටියා සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් තොරතුරක් මත වල් අලි පැටියා බේරා ගනු ලැබීය.

මවගේ කිරි නොලැබීම  හේතුවෙන් අලි පැටියා අසනීප තත්වයෙන් පසුවි ඇති අතර, අලි පැටියා කිලිනොච්චිය පශූ වෛද්‍ය නිළධාරිවරයා පරීක්ෂා යොමු කිරීමට පියවර ගෙන ඇති බවටද වනජීවි නිලදාරීන් පැවසූහ.

පශූ වෛද්‍යවරයාගේ උපදෙස් මත පසුව අලි පැටියා ගිරිතලේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නියමිත බවද වවුනියාව වනජිවි නිළධාරීන් වැඩිදුරටත් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

320 views
Main News