මවට පහරදී දියණිය ඝාතනය කරයි.. ප‍්‍රදේශයම කම්පා වෙයි…

April 3, 2018 at 8:02 am | lanka C news
මවට පහරදී දියණිය ඝාතනය කරයි.. ප‍්‍රදේශයම කම්පා වෙයි…

යාපනයේ පේදුරුතුඩුව වඩමරච්චි නැගෙනහිර අම්බාන් ප්‍රදේශයේ නිවසකින් කාන්තා මළ සිරුරක් හා බරපතල තුවාල ලැබූ තවත් කාන්තාවක් හමුවීමත් සමග (02) දහවල් එම පළාත තුළ දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.

පේදුරුතුඩුව පොලීසිය පැවසුවේ මළ සිරුරත් තුවාල කාරියගේ සිරුරත් සම්පූර්ණයෙන්ම ලෙයින් නැහැවී තිබුණු බැවින් මේ සිද්ධිය මිනී මැරුමක් බවට සැකකරණ බවටයි.

මව හා දියණිය පමණක් මේ නිවසේ තනිවම ජීවත් වන අතර මවට තදබල ලෙස පහර දී දියණිය ඝාතනය කොට දමන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

මියගිය දියණිය 58 හැවිරිදි නල්ලතම්බි දේවකී වන අතර බරපතල තුවාල ලබා ඇත්තේ ඇයගේ මව වන 78 හැවිරිදි නල්ලතම්බි සෙල්ලම්මා නැමති වයොවෘද්ද කාන්තාවයි.

කෙසේ වෙතත් මේ වන විට තුවාලකාරිය පේදුරුතුඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම සිද්ධිය සැලවීමත් සමඟම ප්‍රදේශයේ ජනතාව එම ස්ථානයට පැමිණ කුපිත ලෙස හැසිරීම නිසා පොලීසියට ඔවුන්ව පාලනය කරගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුව තිබුණි.

මෙම මරණයට හා තුවාල ලැබීමට හේතුව මෙතෙක් නිශ්චිතවම හෙලී වී නොමැති අතර අදලා සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය වැඩි දුර පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

10 views

One Comment to “මවට පහරදී දියණිය ඝාතනය කරයි.. ප‍්‍රදේශයම කම්පා වෙයි…”

  1. කණුව says:

    දොෂාබියොගයට අදාලව, තේලදෙනියෙ වගේ වැඩක්ද ….?

Main News