මවයි පියයි පහර දුන්නැයි සිසුවියක් පාසැල් ඇඳුමෙන් ලේ පෙරාගෙන පොලීසියට..
January 20, 2022 at 12:40 pm | lanka C news
බේරුවල කාලවිල කන්ද ප්‍රදේශයේ දාහත් හැවිරිදි සිසුවියකට පාසල් යාමට ඇඳුම ලා සිටියදී සුළු සිදුවීමකට උරණවී තම පියා සහ මව පහර දුන් බව කියමින් එම සිසුවිය රුධිරය තැවරුණු පාසල් නිල ඇඳුම පිටින් බේරුවල පොලිසියට පැමිණ පැමිණිලි කර තිබෙන බව පොලිසිය කියයි .
මෙලෙස පහර කෑමට ලක් වී ඇති සිසුවිය බේරුවල පොලිස් වසමේ කනිටු විදුහලක සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන සිසුවියක් බවකියයි .
තම පියා සිවිල් ආරක්ෂක උප නියාමක වරයෙකු බවත් මව රැකියාවක් නොකරන අයෙකු වන අතර පහරකෑමෙන් ඇයගේ ඇඟිල්ලක් තුවාල සිදුවී ඇතැයි ද පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි .
එම සිසුවිය පොලිසියට පැමිණෙන විට උදෑසන ආහාරගෙන නො තිබූ බැවින් පොලිස් නිලධාරින් ඇයට ආහාර පානපානවලින් ද සංග්‍රහ කර පැමිණිල්ල සටහන් කරවැඩිදුර විමර්ශන සිදුකරන බව කිහ.
– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
Paw samahara daruwo thamungema demaupiyan nisa koy tharam hirihera vidinawada . Daruwanta hodin salakanna beri nam,ownta aadarayen hari weradi therum kara niweradi mawathakata yomu karanna berinam daruwo nohada inna owne.
අපිනම් අද හිරේ නොයා ඉන්නෙ දෙමාපියො ගුරුවරු අපිට හොඳට ගහපු නිසා. මගෙ වම් අත කැඩෙන්න ගහල තියෙනව.
ඒවට පොලිසි ගියානම් එතුමන්ලා තාම හිරේ.
මුන්ට තමයි කියන්නේ තිරුසන්නු කියලා.
para val hora gehenunta hukana ganayanta kade yana umbatharam thirisanek thawa neheban sunumal.