මව්බිම සේවකයින් සිය ගණනක් එකවර ඉල්ලා අස්වේ… ලක්‍ෂ ගණන් පඩිවලට ‘බැදුම්කර’ පත්තරේට යයි..

November 30, 2016 at 2:10 pm | lanka C news
මව්බිම සේවකයින් සිය ගණනක් එකවර ඉල්ලා අස්වේ… ලක්‍ෂ ගණන් පඩිවලට ‘බැදුම්කර’ පත්තරේට යයි..

මව්බිම පුවත් පතේ සේවය කරන 20ක පමණ පිරිසක් ඉන් ඉල්ලා අස්වීමට තීරනය කර ඇති බව වාර්තා වෙයි.

මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන් මහේන්ද්‍රන් විසින් ආරම්බ කිරීමට නියමිත මාධ්‍ය ජාලයකට එක්වීම සදාහ මෙම පිරිස මෙසේ ඉල්ලා අස්වන බව සදහන්ය.

ඉදිරි දින කිහිපයේදීද තවත් සේවකයින් සියයකට ආසන්න පිරිසක් ඉන් ඉල්ලා අස්වීමට නියමිත බවද වාර්තා වෙයි.

අර්ජුන් ඇලෝසියස් විසින් ආරම්භ කිරීමට නියමිත නව මාධ්‍ය ජාලය සදහා ඉහල වැටුප් ලබා දෙන බවට පද පොරොන්දුව මත මෙම පිරිස මෙසේ ඉල්ලා අස්වී ඇතැයිද පැවසෙයි.

138 views
Main News