මවුන්ජින්වත්තේ මැණික් උස්සන්න බලවත්තු යකා නටති.. ප‍්‍රබල දේශපාලඥයන් දෙදෙනෙක්.. අයෙක් මෑතක පුවත් මැවුවෙක්…

September 27, 2021 at 10:00 am | lanka C news
මවුන්ජින්වත්තේ මැණික් උස්සන්න බලවත්තු යකා නටති.. ප‍්‍රබල දේශපාලඥයන් දෙදෙනෙක්.. අයෙක් මෑතක පුවත් මැවුවෙක්…

නුවරඑළිය වටවල ‘මවුන්ජින් වත්තේ’ රජය සතු ඉඩමක බලපත‍්‍ර සහිතව මැණික් ගැරීමට අවසර ලබාදී තිබියදී පිටස්තර බලවතුන් පිරිසක් එම ස්ථානයට කඩාවැදී මැණික් ගරන්නට වීමත් සමග උණුසුම් තත්ත්වයක් උද්ගතවී තිබේ.

බලපත‍්‍ර ලබාගත් පර්චස් 40 ක කොටස වැට මායිම් ගසා වෙන්කර තබාගෙන ඔවුන් අක්කර 5 ක පමණ මුළු භූමියේම මැණික් කැණීමේ ජාවාරම දිවා රාති‍්‍ර සිදුකරමින් සිටියදී පසුගිය සිකුරාදා රාති‍්‍ර ප‍්‍රදේශවාසීන් විසින් එම භූමිය ආක‍්‍රමණය කර මැණික් ගරමින් සිටි කිහිප දෙනකු අල්ලාගෙන ඇත.

ගම්වාසීන්ගේ ග‍්‍රහණයට පත්වූ කිහිප දෙනා ප‍්‍රබල දේශපාලකයන් දෙදෙනකුගේ නම් පවසමින් ගම්වාසීන්ට තර්ජනය කර නීතිය හමුවට යෑම වළක්වා ගෙන ඇත. පසුව මේ සම්බන්ධයෙන් ගම්වාසීන් විරෝධතාවයක් දැක් වුවත් තර්ජනය හමුවේ විරෝධතාකරුවන්ට බසුබැසීමට සිදුවී ඇත. මින් එක් ප‍්‍රබලයකු මෑත කාලයේ මහත් ආන්දෝලනාත්මක සිද්ධියකට මුහුණ පෑ අයෙකි. ඔවුන්ට විරුද්ධව තවත් කොළඹ ප‍්‍රබලයකුගේ පිරිසක් මේ සිද්ධියට මැදිහත් වී සිටින අතර මේ දෙපාර්ශ්වය අතර ආරවුලක්ද සිදුවී ඇතැයි දැනගන්නට තිබේ.

මෙම ව්‍යාපෘතිය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ප‍්‍රජා මූල සමිතිය ඒකාබද්ධව කරගෙන යෑමට බලපත‍්‍ර ලබාගෙන සිටියදී එක් පිරිසක් බලහත්කාරයෙන් මැණික් ගැරීමේ යෙදී සිටින බවට කොළඹ ප‍්‍රබලයාට දැනගැනීමට ලැබී ඇත. ඒ අනුව ඔහුගේ උපදෙස් මත එම ස්ථානයට නිලධාරියකු යැවීමත් සමග මෙම ආරවුල සිදුවී ඇත.

අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ කිසිදු අනුමැතියකින් තොරව කි‍්‍රයාත්මක වන මෙම ජාවාරමට ප‍්‍රාදේශීය සභාව දැඩි විරෝධය ඉදිරිපත් වුවද එම විරෝධතා සැලකිල්ලට නොගෙන ජාවාරම සිදුකරගෙන යන බව සෙනෙහස සංවිධානයේ ලාල් ආනන්ද මහතා පවසයි.

සමෘද්ධි අධිකාරිය යටතේ කි‍්‍රයාත්මක වන සමෘද්ධි ප‍්‍රජා මූල සමිතියක අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීම හා රාජ්‍ය ආදායම අරමුණු කර ගනිමින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය දේශපාලන බලපුළුවන්කාරකම් හමුවේ රාජ්‍ය දේපළ නෛතික ක‍්‍රමවේදයෙන් බැහැරව පිටස්තර පුද්ගලයන් අතට පත්වීමට ප‍්‍රදේශවාසීන් දැඩි විරෝධය දක්වන බවද ආනන්ද මහතා ප‍්‍රකාශ කර සිටියේය.

මේ සම්බන්ධයෙන් අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ජයසංක පෙරේරා මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා මෙසේ පැවැසීය.

මේ ස්ථානයේ විශාල පරිසර විනාශයක් සිදුවෙනවා. මේ ව්‍යාපෘතිය නීති විරෝධීයි. මම අහන්නේ ප‍්‍රාදේශීය සභාවේ අවසරය නැතිව කොහොමද පරිසර බලපත‍්‍රය දෙන්නේ? මේකට පරිසර බලපත‍්‍රයක් දීලා තියෙනවා. පරිසර බලපත‍්‍රය ගන්න ආයතන කීපයක අනුමැතිය අවශ්‍යයි. මම අහන්නේ මේ පරිසර බලපත‍්‍රය කොහොමද ගත්තේ කියලයි?

අඹගමුව කියන්නේ් නිතර නාය යෑම්වලට ලක්වන ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනය විසින් රතු කලාපයක් ලෙස නම්කර තිබෙන ප‍්‍රදේශයක්. මේ විනාශය කරන ඉඩමට උඩින් කොළඹ, බදුල්ල දුම්රිය මාර්ගය තිබෙනවා. නිසි පරිසර අධ්‍යයනයකින් තොරව මෙය සිදුකරගෙන යන නිසා දුම්රිය මාර්ගයද අවදානමට ලක්වෙලා. මේ ව්‍යාපෘතිය සිදුකරන ස්ථානයට පහළින් කුඩා විදුලි බලාගාර කිහිපයක් තියෙනවා. ඒ බලාගාරවල යන්ත‍්‍ර සූත‍්‍රවල මඩ රැුඳෙනවා කියලා ඒ අය පැමිණිලි කරනවා.

මේ අය කරනනේ උදේ ඉඳලා සවස 6.00 වෙනකම් ඉල්ලම් පස් එකතු කරලා සවස 6.00 න් පසු මහවැලි ගෙඟන් සෝදනවා. සවස 6.00 න් පසු මේවා කරන්න තහනම්. මේ ජාවාරම නවත්වන්න ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට කටයුතු කරගෙන යනවා.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා-

මේ ව්‍යාපෘතිය නීත්‍යනුකූලයි. අවසර ගත යුතු රාජ්‍ය ආයතන 10 ක පමණ අනුමැතිය ඇතිවයි කරල තියෙන්නේ. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අයත් ඇමැතිවරයා යම් ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා නම් එය කි‍්‍රයාත්මක කිරීමට අපේ අධිකාරිය බැඳී සිටිනවා. මෙවැනි ව්‍යාපෘතියක් සිදුකරන්න අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ අනුමැතිය අවශ්‍ය වන්නේ නැහැ.

වසර 15 ක පමණ සිට මේ ව්‍යාපෘතිය කර ගැනීමට නොහැකිව තිබුණ එකක්. ඒක මගේ නායකත්වය ඇතුව කරන්න ලැබීම සතුටක්. මේකෙන් රජයට මෙන්ම ප‍්‍රදේශවාසීන්ට ප‍්‍රතිලාභ ලැබෙනවා.

චමින්ද සිල්වා
– Divaina

46,800 views

10 Comments to “මවුන්ජින්වත්තේ මැණික් උස්සන්න බලවත්තු යකා නටති.. ප‍්‍රබල දේශපාලඥයන් දෙදෙනෙක්.. අයෙක් මෑතක පුවත් මැවුවෙක්…”

  1. Chamil Ananda says:

    Mulu gamama ekathu wela marala dammanam hari.. Nithiya issarahata geniyanna hadapu eka thamai waradda…

  2. LalithM says:

    රජ පවුලේ ව්‍යාපෘතියක්. කාගෙන් අහලද පැමිණිලි කලේ. හිඟන්නෝ නිකම් මැරුම් නොකා හිටපල්ලා. පේනවනේ මචං පොරගේ කථාව. 69 ලක්ෂයේ තවත් ජයග්‍රහණයක්.

    • 3ත් නැති ජෙප්පා says:

      උබට බඩ බුරුල් උනත් වේලුනත් රජ පවුල
      උඹ කාපු දෙයක් වෙන්න බැරිද?

  3. අඹගමුවෙි රාසයියා විමලනාදන් says:

    මෙික ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ අදාල විෂයභාර ඇමති එකතුවෙලා කරන හොර මගඩියක්. ප්‍රජාමූල සමිති කියල ගමෙි අහිංසකයින් රවටාගෙන කරන හොර වැඩක්. වෙන්දේසි කළොත් විශාල ගණනකට ඉඩමි කොටස් විකිණෙන නිසා ඒවා ධනවතුන් ගත්තොත් රජයට සහ අධිකාරියට විශාල ආදායමක් ලැබෙනවා. එතකොට සභාපතිට සහ ඇමතිට කොටස ලැබෙන්නේ නෑ. ඒ නිසයි මෙි ගමෙි අහිංසක මිනිස්සු රවටිටන ක්‍රමය හදාගෙන තියෙන්නෙ. ලැබෙන මැණික් ටික මුං අරගෙන වැඩකරන මිනිස්සුන්ට සොචිචමක් දෙනවා. මෙම ස්ථානය මැණික් ඉල්ලමි බහුල තැනක්. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හොර ගුහාවක්. මෙහි නිළධාරිනුත් මෙි මගඩියට සමිබන්ධයි. ගමිවාසීන් සියළුදෙනාම එකතුවී මුං නිර්වස්ත්‍රකර කසපහර ගසා එළවා දැමිය යුතුයි.

  4. ගෞම් ඊයාරාජ් says:

    මේක කියනකොටම මතකෙට ආවෙ අර රට ගොඩ යව්න්න පුලුවන් කියලා කොම්බුවේ , කුඩු සහ පචවාහිණීයේ පම්පෝරී ගහපු මැණික් පොකුරට මොකද උනේ කියලා , ආරංචියේ හැටියටනං ඔන්න ඔය කොහෙද යුරොපේ රටක මොකක්ද මන්දා එකක් කරමින් පවතිනවලු , ඔය වගේ වස්තුවක් ලගදීම හම්බ වෙන්න බැරි නෑ , චන්දෙකුත් එනවලුනේ..

  5. baමුනා says:

    රට කැම මේ කසිප්පු දේශපාලඥයන් එකම අබිප්‍රායයි…

  6. baමුනා says:

    මැණික් හා ස්වර්ණාභරණ බේබදු ඇමතියා නම් රටට සාපයක්..
    අපෙන් යැපෙන පාපයක්…

  7. නිමල් ජයසිංහ says:

    රත්නපුරෙන් මිළකළ නොහැකි විශාල මැණික්ගලක් හමුඋනා කියල අධිකාරියෙ සභාපති කළේ පල් බොරැවක්. දැන් කෝ මැණික්ගල? මූ ජනාධිපතිටත්, අගමැතිටත්, ඇමතිටත්, ජනතාවටත් ඇන්දුවා එහෙනං.

  8. නිහාල් ජයසිංහ says:

    මෙි සභාපති ලෝකයේ වටිනාම මැණික් ගල ලැබුනා කියා විශාල බොරැ ප්‍රචාරයක් කළා. අන්තිමට විකුණපු ගලක් නෑ. රත්නපුරේ මිනිස්සුනමි රැවටුනේ නෑ. මැණික් කර්මාන්තය ගැන නොදන්නා පිට පලාත්වල මිනිස්සු රැවටුනා. අදත් මෙිගැන විමසනවා. දැන් මැණික් ගරන ඩීල් එකකට සෙටිවෙනව වගෙයි පේන්නෙ.

  9. Simiyon says:

    ඔය කැලෑවක් අස්සෙ හැංගිලා ඉඳලා දෙන්න බැරිද ස්නයිපර් පාරක් ඔළු කටු කුඩුවෙලා යන්න… එහෙම නැත්‍තම් ගමේ ඔක්කොම එක්කහු වෙලා පොළු මුගුරුවලින් ගහල හරි මුංව මරලා දාන්න බැරිද??

Main News