මවු බිමේ සුජාත පුත්‍රයා මමයි.. මං ජනාධිපති බව දැනටත් තහවුරුයි.. මාව දිනවන්න ජනතාව පේලි පේලි හැදිලා ඉන්නේ..

November 11, 2019 at 1:20 pm | lanka C news
මවු බිමේ සුජාත පුත්‍රයා මමයි.. මං ජනාධිපති බව දැනටත් තහවුරුයි.. මාව දිනවන්න ජනතාව පේලි පේලි හැදිලා ඉන්නේ..

තමන් මාතෘ භූමියේ සුජාත පුත්‍රයකු බවත් මේ වන විටත් තමන් ජනාධිපතිවරයා බවට තහවුරු වී ඇති බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ නුවරඑළියේ දී පැවැති එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.

16 වෙනිදාට ඔරිජිනල් ශ්‍රී ලාංකිකයකු ජනාධිපති කිරීමට ශ්‍රී ලාංකික ජනතාව පෙළ ගැසී සිටින බවද ඔහු කියා සිටියේය.

170 views

36 Comments to “මවු බිමේ සුජාත පුත්‍රයා මමයි.. මං ජනාධිපති බව දැනටත් තහවුරුයි.. මාව දිනවන්න ජනතාව පේලි පේලි හැදිලා ඉන්නේ..”

  1. gadol says:

    සජිත් 17 වෙනිදා කියන දුක් ගීතය මාගේ සිහින බොද වුණා …මගේ නිල නොලත් ආර්යාවනි

  2. අනාචාර්ය හරක් විජේසූරිය  says:

    අනේ පෑඩ් ප්‍රේමදාස උන්නැහේ, තමුන්ට ඔච්චරම විශ්වාශනම් තමුන් දැනමත් ජනපති
    වරණය දිනල ඉවරයි කියල, තව දුරටත් ගිරිය කඩාගෙන රැස්වීම්වල කෑගහන්නේවත් 
    ඒවට අපරාදෙ සල්ලි වියදම් කරන්නේත් නැතුව ගෙදෙට්ටවෙලා ආර්යාවත් එක්ක ඩිජිටල් 
    පාරක් දාගෙන ජොලියෙ ඉන්ඩකෝ.

  3. කොටා says:

    සුජාත බව අහන්න ඕනේ මෑණි ආර්යාතොමෝගෙන් තමා. අනේ ඕන් අපිනන් කීවෙ නෑ.

Main News