මවු භාෂා දිනය ප්‍රංශයේදී සමරයි..

March 8, 2017 at 2:09 am | lanka C news
මවු භාෂා දිනය ප්‍රංශයේදී සමරයි..

ලෝක මව් භාෂා දිනය නිමිත්තෙන් දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ ප්‍රංශ ශාඛාව විසින් පෙබරවාරි 25 වන දින මව් භාෂා දින සැමරුම් උත්සවයක් පවත්වන ලදී. මෙවර මෙම උත්සවය පවත්වනු ලැබුවේ 8 වන වරටය. මෙම උත්සවයේ ප්‍රරධාන ආරාධිත අමුත්තා වුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්ථවිරයන් වහන්සේය.

ප්‍රංශයේ උපන් සිංහල දු දරුවන්ට වයස මට්ටම් තුනකට කථික තරඟද, වයස් මට්ටම් දෙකකට ජන ගී හා චිත්‍ර තරඟද පවත්වනු ලැබිය. වැඩිහිටියන් සඳහා කථික තරඟ,කෙටි කථා,පද්‍ය රචනා තරඟද පවත්වනු ලැබිය. මෙහි තරඟ විනිශ්චය මණ්ඩලයේ සභාපති වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පුජ්‍ය පින්නවල සංඝසුමන හිමියන් කටයුතු කල අතර, මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්ථවිරයන් හා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මධුකා සිල්වා මහත්මියද විනිශ්චය මණ්ඩලයේ කටයුතු කලේය. චිත්‍ර තරඟ විනිශ්චය කලා ශුරි මහින්ද හේරත් මහතා විසින් කරනු ලැබීය.

තරඟ සඳහා පැරිස් ධම්මචක්ක දහම් පාසලේ දරු දැරියන්,සමාධි ධර්මායතනයේ දරු දැරියන්, ශ්‍රී ලංකික කතෝලික සන්ඝමයේ දහම් පාසලේ දරු දැරියන් හා පුද්ගලිකවද දරු දැරියන් ඉදිරිපත් විය.

මෙම උත්සවය පැරිස් බෞද්ධ විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය කොන්ගස්දෙනිය ආනන්ද හිමි ,ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුන්ගාගස්යයේ නනිශ්වර හිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පරවාහැර චන්දරතන හිමි ,මාපලගම ජිනානන්ද හිමි,ලංකාවේ සිට වැඩම කල තංගල්ලේ ගෝතම හිමයන් නිමන්ත පීරිස් පියතුමා හා පාස්ටර් සුරේන්ද පාරිස් ද සහබාගි විය

– PNM

24 views

One Comment to “මවු භාෂා දිනය ප්‍රංශයේදී සමරයි..”

  1. F Silva says:

    Sinhala bhashawa gena ihala varthawa liya aththe viyakarana marala.

Main News