මව සමග දර කඩන්න කැලේට ගිය දියණියක් අතුරුදහන්…

September 7, 2021 at 2:20 am | lanka C news
මව සමග දර කඩන්න කැලේට ගිය දියණියක් අතුරුදහන්…

සිය මව සමග නුවරඑලිය ඩන්සිනන් රක්ෂිතයේ දර කැඩිමට ගිය අවු 25 හැවිරිදි තරුණියක් අතුරුදහන් වි ඇති බවත්, අතුරුදහන් තරුණිය සොයා යුධ හමුදාව,පොලිසිය සහ ඩන්සිනන් වතු යායේ වතු කම්කරුවන් එක් ව (06) දින උදැසන සිට රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

මෙසේ අතුරුදහන් වි ඇත්තේ නුවරඑලිය පොලිස් වසමට අයත් ඩන්සිනන් වතු යායේ පහල කොටසේ පදිංචි කට්පුගදාරණි නැමති (25) හැවිරිදි තරුණියයි.

(05) දින උදැසන 9.30 ට පමණ ඩන්සිනන් වතු යායට ඉහලින් පිහිටි ඩන්සිනන් රක්ෂිතයට එම තරුණිය ඇතුල් වු බවත්, එම අවස්තාවේ අතුරුදහන් දියණිය තමන් රක්ෂිතයේ ඉහලට ගොස් දර සොයගෙන එනතෙක් පහල රැදි සිටින ලෙස තමන් පවසා ඇය රක්ෂිතයේ ඉහල කදු මුදුනට ගිය නමුත් යලිත් ඇය පහලට නොපැමිණි බවයි අතුරුදහන් වු තරුණියගේ මව වන එස්.මනෝවනි (58) කියා සිටියේ.

අතුරුදහන් වු දියණිය  රෝග කිහිපයක් සදහා වෛද්‍ය  ප්‍රතිකාර ලබන අයෙකු බවත්,මිට ප්‍රථම අවස්තා කිහිපයකදි දියණිය අතුරුදහන්ව සිට පසුව සොයාගත් බවද මව විසින් නුවරඑලිය පොලිසිය වෙත පවසා ඇත.

රක්ෂිතයට පිවිසි දියණිය (06) දින පස්වරු 2  පමණ වන තෙක් නොපැමිණි නිසා තමන් ඒ පිලිබදව නිවසට පැමිණ අසල්වාසින්ට දැනුම් දිමෙන් පසු ඔහුන්ද (05) දින පස්වරුවේ සිට අතුරුදහන් වු දියණිය සොයා රක්ෂිතය පුරා මෙහෙයුමක් දියත් කල බවද මව පැවසිය.

යුධ හමුදාව , නුවරඑලිය පොලිසියේ නිලධාරින් සහ වතු යායේ වතු කම්කරුවන් පවතින අයහපත් කාලගුණයද නොතකා (06)දින දවස පුරා ඩන්සින් රක්ෂිතයේ කිලෝමිටර් 4 පමණ දුරට මෙහෙයුමක් දියත් කලද අතුරුදහන් වු තරුණියන සම්බන්ධයෙන් කිසිදු හොඩුවාවක් සොයා ගැනිමට නොහැකි වු බවද නුවරඑලිය පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

 

30,685 views

One Comment to “මව සමග දර කඩන්න කැලේට ගිය දියණියක් අතුරුදහන්…”

  1. MD says:

    අම්මේ තාත්තේ අද ඉන්න දරුවන් ගැන ඵතරම් විශ්වාසයක් නොතබන්න.සමාජය ඔවුන් විනාශ කරලා.ඵ්නිසා විනාශ නොවුන දරුවකු බිහිකිරීමට වගකීමෙන් සිහියෙන් යුතුව කටයුතු කරන්න.

Main News