මසක් අතුලත අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව රනිල් ජනපතිට දන්වයි..?

February 20, 2018 at 10:40 am | lanka C news
මසක් අතුලත අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව රනිල් ජනපතිට දන්වයි..?

මසක කාලයක් අතුලත අගමැති ධුරයෙන් තමන් ඉවත් වන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ප‍්‍රකාශ කර ඇති බව ආණ්ඩුවට හිතවාදී වෙබ් අඩවි හා සමාජ ජාලා පිටු ඔස්සේ වාර්තා පලවෙයි.

තමනට ධුරයෙන් ඉවත් වීම සදහා එම කාලය ලබා දෙන්නැයි අගමැතිවරයා ඉල්ලා ඇත්තේ වෙනත් අගමැතිවරයෙක් පත් කර නව ආණ්ඩුවක් පිහිටුවන්නේ යයි ලද තොරතුරු මත බවද වාර්තාවන්හි දැක්වෙයි.

තමන් ආරම්භ කල වැඩ රාජකාරී වෙනත් පුද්ගලයන්ට පැවරීම, ඉදිරි සැලසුම් සම්බන්දයෙන් නිලධාරීන් දැනුවත් කිරීමට එම මසක කාලයේදී තමන් කටයුතු කරන බවත් ඉන් අනතුරුව ධුරයෙන් ඉවත් වන බවත් අගමැතිවරයා පොරොන්දු වූ බව වැඩි දුරටත් සදහන්ය.

ඊයේ දිනයේ ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් පිරිස තීරණය කර ඇත්තේ එජාප-ශ‍්‍රිලනිප ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාමටත් මසක කාලයකින් පසුව ඒ සම්බන්දයෙන් අවසන් තීරණයක් ගැනීමටත්ය.

මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ගෞරවාන්විත සමුගැනීමක් දිය යුතු නිසා ඔහු ධුරයෙන් ඉවත් නොකර ඉල්ලා අස්වීම සදහා සාධාරණ කාලයක් දෙන්නැයි දැනට දින තුන හතරකට පෙර එජාප ප‍්‍රබලයන් පිරිසක් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද දැනගන්නට ඇත.

86 views

23 Comments to “මසක් අතුලත අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව රනිල් ජනපතිට දන්වයි..?”

  1. Rohan says:

    Ranila hirey yawanne one ikmanatama. Wadakagara wedath eliyata ganne one

  2. LAKY says:

    HODAI AMUKOOO APPAYATA BARINAM API PANNANAM.

  3. Saman says:

    Mr PM do not take unwise decisions. You are the only person who can bury UNP never to come back! So please stay do not give up

Main News